IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නිරෝධායනය වූ පියාට පහරදෙන්න ගිය පුතා පඹගාලක පැටලිලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සේවා ස්ථානයේ ඇති වූ කොරෝනා බියත් සමඟ බිරියගේ හා පුතාගේ වෙනස්කම් හේතුවෙන් නැගණියගේ නිවෙසට වී නිරෝධායනය වෙමින් සිටියදී එහි පැමිණි පුතා පියාට පහරදී පලායාමේ සිද්ධියක් නිසා පුතාට ද නිරෝධායනයට ලක්වීමට සිදුවීමේ පුවතක් පසුගියදා (13) පල්ලේවල පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය. 


ඔහු විසුවේ වේයන්ගොඩට නුදුරු ගම්මානයකය. සේවය කළේ කඩවත ප්‍රදේශයේය. සේවා ආයතනයට කොරෝනා බිය ආවේය. කිහිපදෙනකු ආසාදිත බව ද හෙළිවිය. ඔහු ඉක්මනින් නිවෙසට ආයේ ආරක්‍ෂාව සලසා ගන්නටය. ඔහුගේ පැමිණීම බිරියට හා පුතුට රිස්සුවේ නැත. ඒ නිසා ඔහු තම නැගණියගේ නිවෙසට ගියේය. නැගණියගේ නිවෙසට වී දින කිහිපයක් නිදහසේ කල් ගතකරද්දී මේ බව සෞඛ්‍ය බලධාරීන්ට දැනගන්නට ලැබිණි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඔහුත් නැගණියත් නිරෝධායනයට ලක්කර පරීක්‍ෂණයකට සූදානම්ව සිටීමට උපදෙස් දුන්නේ අද රටේ ක්‍රියාත්මක වන නීතියේ අන්දමටය. 


මේ අතර නිරෝධායනයට ලක්කෙරුණු පියා හමුවට පුතා අවේය. බැණ වැදී පහර පිට පහර එල්ල කර පලා යද්දී අසල්වාසීන් එක්ව ඔහු අල්ලා ගත්තත් වත්මන් වාතාවරණය නිසා රඳවා තබා ගැනීම ගැටලුවක් වූයෙන් යන්නට හැරියේය. 


සිද්ධිය පිළිබඳව පල්ලේවල පොලිස් ස්ථානයට පැමිණිලි කෙරිණි. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ ආරම්භ කෙරුණි. 


නිරෝධායනයට ලක්වූ පියා සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තුරු පුතා හා මව ද ඔවුන්ගේ නිවෙසේ නිරෝධායනයට ලක්කිරීමට පියවර ගැනුණි. ඉදිරි පරීක්‍ෂණ අනුව අවශ්‍ය වුවහොත් පලා යමින් සිටි පුතා අල්ලා ගැනීමට උත්සාහ කළ පිරිස ද නිරෝධායනයට ලක්කිරීමට සිදුවිය හැකි නිසා ඔවුනට දැඩි ලෙස ආරක්‍ෂාකාරී අන්දමින් ගත කරන්නට උපදෙස් දී ඇතැයි ද මේ අතර දැන ගන්නට ලැබිණි. පසුව පුතා පියාට පහරදීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළේය.



අදහස් (0)

නිරෝධායනය වූ පියාට පහරදෙන්න ගිය පුතා පඹගාලක පැටලිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 553 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1030 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 984 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 867 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 985 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1181 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 867 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 678 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site