IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


නිරෝධායන පවුලකට ‘දෙයියෝ’ දුන් කෑම වේලට බිලකුත් එවලා

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ස්වයං නිරෝධායනයට යොමුවූ පවුලක් අලි අමාරුවක දැමූ ආපනශාලා හිමියකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබිණ.


භාර්යාව කොරෝනා ආසාදිතව රෝහල් ගත කිරීම නිසා ඔහුත් දරු දෙදෙනාත් පත්වූයේ දැඩි අසරණතාවකටය. එය වඩාත්ම හොඳින් කැපී පෙනුණේ ඔහුට උයන්න පිහින්න බැරිවීමත් සමගමය. නෑ සනුහරේ හා අසල්වාසීන් අමතක කොට තනි ගමනක් යමින් සිටීම එයට තවත් ප්‍රබල හේතුවක් වී තිබිණ.


මේ අතරවාරේ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේය. ඒ ගමේ ආපනශාලා හිමියකුගෙනි. මම අසවලා, මට දැන ගන්න ලැබුණා ඔයාගේ නෝනා කොරෝනා හැදිලා රෝහල් ගත කළ බවත් ඔයත් දරු දෙදෙනාත් ස්වයං නිරෝධායනයට ලක්වී තිබෙන බවත් එයින් කියවිණ. කිසිදේකට බය වෙන්න එපා ඕන දේකට අපි ඉන්නවා. කෙනෙක් අසරණ වුණාම අපි උදව් කරන්න ඕන. මම ඔය තුන්දෙනාටම තුන් වේලටම කෑම එවන්නම්, ආපනශාලා හිමියා තවදුරටත් කීවේය.


‘අනේ අපි නිසා ඔයා කරදර වෙන්න එපා’ යයි ඔහු කීවේ උයන්න පිහින්න බැරි තමාට මේ ලැබුණේ දේව වරමක් යයි සිතමිනි. ‘නැහැ නැහැ, මට කිසි කරදරයක් නැහැ. මම ගෝලයකු අත අද ඉඳලාම කෑම එවන්නම්’ යයි ආපනශාලා හිමියා අවසන් වරට කියමින් දුරකතන සම්බන්ධතාවයෙන් ඉවත්වූයේය.


ආපනශාලා හිමියා කී පරිදි ඔහුගේ නිවසට තුන් වේලටම කෑම පැමිණියේය. මේ ආපනශාලා හිමියා මිහිපිට දෙවියකු බව සිතූ ඔහු, ඔහුට නිතර දෙවේලේ පිං දුන්නේය. රෝහලේ සිටින සිය බිරියට ද ඔහු කීවේ කිසි ප්‍රශ්නයක් නැතිව කෑම ප්‍රශ්නයනම් නොමිලයේම විසඳුන බවත් ගමේ අසවල් ආපනශාලා හිමියා තමාගේ දුකට පිහිට වූ බවත්ය. සිය පවුලට කළ මේ උදව්වට ඇය ද රෝහලේ සිටම ආපනශාලා හිමියාට පිං දුන්නාය.


බිරිය සුවපත් වී රෝහලෙන් නිවසට පැමිණියාය. ඔවුන්ගේ ස්වයං නිරෝධායනය නිමාවී තිබිණ. ඔය අතරවාරයේදී ආපනශාලාවේ ගෝලයකු ඔහුගේ නිවසට පැමිණියේය. ඔහු අත තුණ්ඩුවක් තිබිණ. සිය ස්වාමියා මෙය දෙන්න යයි කියමින් ගෝලයා තුණ්ඩුව ඔහු අත තැබීය. ඒ ඔවුන් ස්වයං නිරෝධායන කාලයේ නොමිලයේ ආහාර දෙන්න මෙන් කතා කළ ආපනශාලා හිමියා ඔවුන්ට සැපයූ කෑම වෙනුවෙන් අය විය යුතු බිලය. ඒ බිලේ සඳහන් මුදල දුටුවිට ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ ආපනශාලා හිමියාගේ ලොකු උගුලක තමන් වැටුණු බව සිහි කර කර දුක් වෙමිණි.

 



අදහස් (0)

නිරෝධායන පවුලකට ‘දෙයියෝ’ දුන් කෑම වේලට බිලකුත් එවලා

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මාර්තු මස 14 460 2

රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක


පියකුගෙන් අපූරු සැලකිල්ලක්
2025 මාර්තු මස 13 541 2

තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.


බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 852 2

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 860 2

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
2025 මාර්තු මස 08 480 1

දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ


කොල්ල වගේ ඉන්න පැන්ෂන් උපහාරය කට් කරලා
2025 මාර්තු මස 07 1096 1

විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 281 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 638 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site