IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


නාරං ගෙඩියක් තොග මිලට ගන්න ගිහින්

(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ග‍්‍රාමීය රෝහලක් අසළ වූ පදික වේදිකාවක හීන්නාරං අලෙවි කරමින් සිටි කාන්තාවකි. ඇය ගෙඩි පහක් රුපියල් විසිපහ ගණනේ අලෙවි කරමින් සිටියාය. ඒ අසළට ආ අව් කණ්නාඩි පැළඳගත් කාන්තාවක් මුළු නාරංගොඬේ ගෙඩි කොපමණ ඇත්දැයි ඇසුවේ ගෙඩි කීපයක් අතගාමිනි.


”ගෙඩි දෙසිය දහයයි නෝනා ගෙඩිය තුනයි පනහ ගානේ දෙන්නම් එතකොට හත්සිය තිස් පහයි. හත්සීයක් දෙන්නකො” කියමින් නාරං ගොඩම බෑගයකට දැමීමට සූදානම් වූවාය.


කලබල වූ පාරිභෝගික කාන්තාව නෑ නෑ මට  ඕනෑ එක ගෙඩියයි. ඔයා කලින් වික්කෙ ගෙඩිය රුපියල් පහටනෙ. තුනයි පනහට ගෙඩියක් ගන්න බැලූවෙ.” කී විට දෙවියන් සිහිවූ වෙළෙඳ කාන්තාව ”නාරං ගොඩ අතගාල කල්පනා කරපු හැටියට මං හිතුවෙ නාරං ටික විතරක් නෙමෙයි. ඉඩමත් සල්ලිවලට ගනීවි කියලා” වෙළෙඳ කාන්තාව කීවේ හැමෝම හිනස්සමෙනි.



අදහස් (0)

නාරං ගෙඩියක් තොග මිලට ගන්න ගිහින්

ශාන්ති Sunday, 31 May 2015 05:30 AM

පිරිමි අයත් ඔය ඕන තරම් අපිව හිනස්සන වැඩ කරන්නේ ,ටිකක් වැඩි වුනාම නේ ! (බ)

:       0       0

අජිත් Friday, 29 May 2015 12:33 PM

ඒක ඉතින් වැරැද්දක් නෑනේ.අපිට ඕනිනම් ගන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන්.(හේ)

:       0       0

අශෝක රළපනාව Friday, 29 May 2015 12:58 PM

නාරන් පැගිරි රසයි සිනි ටිකක දා ගත්තනම් රසයි.(හේ)

:       0       0

සමන්ති Friday, 29 May 2015 01:44 PM

නුගේගොඩ අසල වයසක වෙළෙන්දියක් දිනපතා කිතුල් හකුරු මුල් 20 පමණ ගෙනත් රුපියල් 80 ගානේ විකුනනවා. හැමෝම හිතන්නේ කිතුල් හකුරු කියලා. මේවා හදන්නේ තල් සක්කර සමග සිනි දාලා කියලා හිතන්නේ නැහැ .(හේ)

:       0       0

සරෝ Friday, 29 May 2015 01:52 PM

අපි ඒත් කලපනා කළා ශාන්තව බැඳපු දවසේ නෝනාට හැමෝම හිනා වුනේ ඇයි කියලා. (කේ)

:       0       0

දුල්මි Friday, 29 May 2015 02:31 PM

ඇයි ගැහැණු විතරක් හිනහ යන වැඩ කරන්නේ ? අර යහපාල උන්නාන්සේ එසැන පුවත් වලට ලියන දේවල් වලට අපිට උදේ ඉඳලා රාත්‍රී වෙනකන් හිනා යන්නේ !. (කේ)

:       0       0

රිචි බාලසුරිය Friday, 29 May 2015 04:11 PM

ඔය දාගෙන ආපු අව් කන්නාඩියත් රුපියල් තුනයි පනහට පේව්මන්ට් එකෙන් ගත් එකක් වන්න ඕනේ , අව් කන්නාඩි දාන හැමෝම සල්ලි කාරයෝ නොවේ .(හේ)

:       0       0

නිහාල් Friday, 29 May 2015 04:58 PM

නාරං දොඩම් වලට වඩා දෙහි වල විටමින් සි ප්‍රමාණය වැඩියි.වතුර වීදුරුවකට බින්දු 8 ක් පමණ සැහේ.හමේ පැහැය සති කීපයකින් ඉතාමත් දැකුම් කලුයි.දෙහි ගෙඩියක් සතියකට ප්‍රමාණවත් නිසා වියදම අඩුයි .(ම)

:       0       0

නිහාල් Friday, 29 May 2015 05:29 PM

අව් කන්නාඩි සබ කෝලය තියෙන අයත් දානවා.වර්ජින් අයිතිකාරයා කිව්වේ (ම)

:       0       0

සමන්ති Saturday, 30 May 2015 12:31 AM

අශෝක රළපනාව, ඉදුණු නාරං ගෙඩිවල පොත්ත ඉවත් කිරීමේදී ප්‍රවේශමෙන් ඉවත් කරන්න. එතකොට පැගිරි ගැවන්නේ නැහැ (ම)

:       0       0

කුමාරි Friday, 29 May 2015 04:51 AM

අනේ ඉතින් අවු කණ්නාඩියක් පැළද ගත්ත කියල ඒ මනුස්සය ගැන ඔහොමම නරකට හිතන්න එපා.ඕනෑම කෙනෙක් අවු කණ්නාඩි පළදිනවා නම් ඒක තමන්ගේ ඇස් දෙකට හොඳයි. කොහොමත් ඔය වෙලදාම් කරන අයට හොදට හැමෝම හිනස්සන්න පුළුවන්. (ම)

:       0       0

චන්න බුවනක Friday, 29 May 2015 05:39 AM

අතේ සල්ලි මදි පාඩු ඇති අවු කන්නාඩි දැම්මට මොකද. අනික අවු කන්නාඩි දැමීම ලොකු දෙයක් නොවේ.(හේ)

:       0       0

ජෙෆ් Friday, 29 May 2015 06:29 AM

මම දැක්ක කුමාරි බෙහෙත් ගන්න පෝලිමේ ඉන්නවා අවු කන්නාඩි කුට්ටමක් දාගෙන. ඉතින් ඔයා නාරං ගත්තද ?(හේ)

:       0       0

මොහමඩ් සෆ්රින් Saturday, 30 May 2015 06:11 AM

මේ වගේ පදික වේදිකා ල වෙළදාම් කරන අයට කීයක්හරි වැඩිපුර දෙනවා මිසක් අඩුවෙන් ඉල්ලන්නේ හොඳ නැහැ.මොකද ඒ මිනිස්සු මහන්සි වෙන්නේ මාළිගා හදන්න නෙමෙයි, එදා දවස ගැටගහගන්න (නි)

:       0       0

දයා නන්දසිරි Friday, 29 May 2015 07:33 AM

පව් අහිංසක වෙළෙන්දී (ම)

:       0       0

සමිත් Friday, 29 May 2015 07:44 AM

මේ වගේ දේවල් හැම කෙනෙක්ටම වගේ වෙනවනේ.(හේ)

:       0       0

කේ එම් අශාන් ශානුක Sunday, 31 May 2015 01:54 AM

අව් කණ්නාඩි දාන හැමෝම සල්ලිකාරයන් නොවෙයිනේ. (ත)

:       0       0

ශාන්ත පත්මබන්දු Friday, 29 May 2015 08:39 AM

කොහොමත් ගැණු අය ගිය තැන අවට සිටියවුන් හිනස්සවන වැඩක් කරන්න දක්ෂයි (ම)

:       0       0

සාගර Friday, 29 May 2015 11:03 AM

රසවත් නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 317 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 880 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 771 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 615 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 323 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 285 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site