IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පණිවිඩයට ගෙදර යද්දී ළිඳට වැටුණු නෝනා නිවෙස ඉදිරිපිට

තම බිරිය නිවෙස අසල ළිඳට වැටුණා යැයි හදිසියේම සිය ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකින් කලබලයට පත්වූ හෝටල් සේවකයකු හඬා වැලපෙමින් සේවා ස්ථානයේ හිමිකරු වෙත සිද්ධිය පවසා කලබලයෙන් නිවෙස වෙත ගොස් බැලූවිට තම බිරිය නිවෙස ඉදිරිපිට වාඩිවී සිටිනු දැක මවිතයට පත්වූ අයකු පිළිබඳ අපූරු පුවතක් පිළිමතලාව ප‍්‍රදේශයෙන් වාර්තාවිය. ඔහු විවාහක, හෝටල් සේවකයෙකි. උදේ පාන්දර සේවා ස්ථානයට පැමිණ, සේවය නිමාවීමෙන් පසු  සවස 7ට පමණ නිවෙසට යාම දෛනික ක‍්‍රියාවලිය විය. ඉකුත් සතියේ දිනක ඔහු සුපුරුදු පරිදි සේවය සඳහා පැමිණ ගතවූයේ සුළු වෙලාවකි. ඔහුගේ ජංගම දුරකථනය නාද විය. ”අක්කා ළිඳට වැටුණා...” දුරකතනයෙන් ලැබුණු තොරතුර විය. ”අයියා...අපේ එක්කෙනා ළිඳට වැටිලලූ....මම යනවා...” හෝටල් සේවකයා ආපනශාලා හිමිකරු වෙත හැඬූ කඳුළින්, පවසමින් කලබලයෙන් නික්ම ගියේය. හෝටල් හිමිකරු සහ සෙසු සේවකයෝ නිවෙසට ගිය තම හිතවතාගෙන් තොරතුරක් ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් පසුවූහ. නමුත් තොරතුරක් නැත. පසුදාට එළිවිය. වෙනදා මෙන්ම හෝටල් සේවකයා සේවයට පැමිණියේය. ”මොකද නෝනට..? හොස්පිටල් ගෙනිච්චද? මෙච්චර එකක් වෙලා තියෙද්දී වැඩට ආවේ මොකද?” ”නෑ...අයියේ...මටයි වැරදුනේ...නෝන ළිඳට යනකොට පාරෙයි වැටිලා තියෙන්නේ. මට දුරකතනයෙන් කෝල් කරනවිට ඇහුණේ ළිඳට වැටුණා කියලයි...” සියල්ලන්ටම සිදුව ඇති දේ අවබෝ්ධ විය. එදා පටන් තම සේවා ස්ථානයේ හිතවතුන්ගෙන් ගැලවීමක් නැත. ”අද මොනවා කියලා කෝල් එයිද දන්නේ නැහැ. පණිවිඩය හොඳට අහගනිං” හෝටල් සේවකයාට ලැජ්ජාවෙන් ඇඹරෙනු විනා වෙනත් කළහැකි දෙයක් නොවීය.



අදහස් (0)

පණිවිඩයට ගෙදර යද්දී ළිඳට වැටුණු නෝනා නිවෙස ඉදිරිපිට

සුදු නංගා Thursday, 14 June 2012 05:44 PM

ලියන්න දේවල් නැතිවට ඔබ ලියන්නා... කියවන්න දේවල් නැතිවට අපි කියවන්නා... ලියන්න දේ නැති ඔබ හට මැසිවිලි අප නගන්නා... දෙයියො සාක්කී කියමින් අප අපටම කියන්නා...

:       0       0

චේ Sunday, 17 June 2012 03:37 AM

මට හොදටම හිනා .....

:       0       0

රජිත් Wednesday, 13 June 2012 11:48 AM

හෝටලේ කෑම කන අයට විරේක ඕනි නැතුව ඇති.ඔච්චර මොන්ගල් නම් උයන හැටි හිතා ගන්න පුලුවන්

:       0       0

බෙන් ටෙන් Wednesday, 13 June 2012 11:10 AM

අපි කතාව මෙහෙම හදමු.... දකුණේ දුෂ්කර ගමකි. සිරියාවති සහ කමලා යහළුවන්ය. සිරියාවති කසාද බැද වසර කිහිපයක් ගතවිය. කමලාද කසාද බැන්දේ ලගදීය ඒ සිරියාවතිගේ ස්වාමියාගේ යහළුවෙකුවය. ‍මේ දෙදෙනා රැකියාව වශයෙන් කළේ කුලී වැඩය. සිරියාවති සහ කමලා යහළුවන් වූවා සේම ඔවුන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයන් ද යහළුවන් විය. කුලී වැඩ කලේද එකටය. මෑතකදී කසාද බැන්ද කමලා ස්වාමියා වැඩට ගිය අවස්ථාවල පවා නිතර නිතර පෙම්බස් දෙඩූවේය. දිනක් කමලාගේ ස්වාමියා හා සිරියාවති ගේ ස්වාමියා කුලී වැඩකට ගියේ ය. එදින ඔවුන්ට හම්බ වූ වැඩය නම් ලිදක් හෑරීමය. ඉක්මණටම ලිද හෑරීමට පටන්ගත් දෙදෙනා ලිද අඩි පහක් පමණ හාරා ලිදට බැස හාරන්නට විය. ලිද තුළ කෙටි වේලාවක් වැඩ කළ ඔවුන් තේ පානය සදහා මදකට නතර කළේය. සිරියාවතිගේ ස්වාමියාට තේ පානය කිරීමට අවශ්‍ය වුවත් කමලාගේ ස්වාමියාට අවශ්‍ය වූයේ ලැබෙන කෙටි විවේකයේ දී කමලා සමග පෙම්බස් දැඩීමට ය. දුරකථනය අතට ගත් ඔහු ලිද තුළම සිට කමලාට ඇමතුමක් දුන්නේ ය. මොවුන් එදින කරන වැඩය කුමක්ද කියා නොදත් කමලා සුපුරුදු පරිදි කතා කරන්නට විය. එවිට සිරියාවතිගේ ස්වාමියා ලිද තුල සිට උඩට නැගීමට තැත් කරද්දි ලිද තුලටම වැටී තම මිතුරාගෙන් සහාය පැතීය. මිතුරා දුරකථ‍නයෙන් කතා කරන නිසා කතාව නවත්වන තුරු ඔහු ලිද තුළ වැටුනු තැනම සිටියේය. එ විට කමලා ඇයගේ ස්වාමියගෙන් ''දැන් ඔයා කොහෙද ඉන්නේ '' දැයි විමසිය... එවිට මම දැන් ලිදේ කියා කියුවේය. එත‍කොට සිරියාවතිගේ ස්වාමියා කොහේදැයි විමසීය. එවිට 'ඔය ලිදේ වැටී ඉන්නේ'' යැයි කීය. කලබලයට පත් කමලාවති තම මිතුරිය වන සිරියාවතී වද කැදවාගෙන ලිද කපන ස්ථානය යන විට ඔවුන් දෙදෙනා ගිමන් හරිමින් තේ පානය කරමින් සිටියේය. ඉන් පසු ලිං හැරීම ඔවුන් දෙදෙනාට තම බිරින්දෑවරුන්ගෙන් තහනම් කරනු ලැබීය.

:       0       0

පොතේගුරා Thursday, 14 June 2012 08:16 AM

දෙය්යෝ සාක්කි! මිනිස්සුන්ට හරියන්න කතාවක් ගොතා ගන්නවත් කෙනෙක් නැති වෙනවා

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 07:52 AM

ඒ යෝධයා ගෙදර ගිහින් තියෙන්නේ සන්තෝෂෙට ෂොට් එකක් ගහන්න

:       0       0

තෝර ඕමානය Wednesday, 13 June 2012 05:54 PM

ෂික් අපේ ගැනී ලිදට වැටෙන් නෑනේ?

:       0       0

සුගත් Thursday, 14 June 2012 08:59 AM

මට පේන්නේ බෙන්-ටෙන් කියලා කමෙන්ට්ස් දාන්නේ එක්කෝ අලිබබා.නැත්නම් හොර දොස්තර

:       0       0

වන්නියා Tuesday, 19 June 2012 09:53 AM

අනේ අනේ ැදන් මේ පුවත් නැතිවද දාන ඒවා...!!

:       0       0

තරු Thursday, 14 June 2012 09:31 AM

බෙන්ටෙන් මීට වැඩ හොඳ කතාවක් නැද්ද කියන්න ?

:       0       0

අමිල Thursday, 14 June 2012 08:57 AM

තොර ඕමාන්,වැඩි දවසක් යන්න කලින් ඔයාව ළිදට තල්ලු කරයි

:       0       0

ජෝන් සීනා Friday, 15 June 2012 10:27 AM

මෙලෝ රහක් නෑ

:       0       0

ලොවෙත් නෑ Wednesday, 13 June 2012 12:55 PM

බෙන්ටෙන්, ඒ කතාවට අපි හිනා වෙන්න ඕනද කියල කියන්න.

:       0       0

තාරක Thursday, 14 June 2012 02:44 PM

මොනවද මේ වැඩක් නැති පුවත්...

:       0       0

වසන්ත රත්නායක Wednesday, 13 June 2012 01:44 PM

බෙන් ටෙන් - ඔය බෙන් ටෙන්ගේ අත්දැකීමක්ද ? නැත්නම් දෙයියෝ සාක්කි වගේ ගොතපු කතාවක්ද ?

:       0       0

පෙරේරා Tuesday, 26 June 2012 09:26 PM

මෙලෝ වැඩක් නෑනේ

:       0       0

කින් බානට් Thursday, 14 June 2012 10:08 AM

මේ වගේ කතාවකට ලංකාදීපේ ඉඩක් ආවේ කොහොමද කියල මට නම් ප්‍රශ්නයක් ...

:       0       0

නීනී Wednesday, 13 June 2012 02:29 PM

අයියෝ ඕවත් වැඩද??

:       0       0

පැට්රික් Wednesday, 13 June 2012 09:29 PM

අනේ මන්දා, මෙයා කියන ඒවට නම් හිනහා යනවා

:       0       0

සකලබුජන් Wednesday, 13 June 2012 02:00 PM

කමක් නෑ අනේ ළිඳයි ,නෝනයි ඔක්කොම ‍ශේප්නේ. පොඩි අප්සට් එකකට තියෙන්නේ කන තමයි...

:       0       0

ඉර්ෆාන් Wednesday, 13 June 2012 10:25 PM

මටනම් හිනා ගියේ "තෝර ඕමානය" කියපු කතාවට.

:       0       0

බෙන් ටෙන් Wednesday, 13 June 2012 03:55 PM

ලොවෙත් නෑ වසන්ත රත්නායක මහත්තයෝ. සිනාසෙන්න සිනා නොවී බැරිකමට..... මෙලෝ රහක් නැහැ..

:       0       0

සිසිර Wednesday, 13 June 2012 10:19 AM

කොහොම උනත් බිරිඳට ආදරේ ස්වාමියෙක්....

:       0       0

වසන්ත රත්නායක Wednesday, 13 June 2012 10:31 AM

මේකනම් හිනායන දෙයියෝ සාක්කියක් .............

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමී Wednesday, 13 June 2012 10:38 AM

මේක බලල අපේ හාමිනෙත් කෝල් කරයිද දන්නේ නෑ....

:       0       0

දොම්පේ මල්ලී Thursday, 14 June 2012 02:27 AM

හෝටල් සේවකයා කිව්වේ මෙහෙමයි..." අනේ මුදලාලි....බලන්නකෝ මේ ගෑනි ළිඳට වැටිල නැහැනේ "

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 325 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 882 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 773 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 617 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 327 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 287 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site