IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පුතාගෙයි ලේලිගෙයි ඉල්ලීමට පිටුපා දන්න කෙනකුට ඡන්දය දීලා

මිත්තණිය තම මුනුබුරා සමඟ ඡුන්දය ප‍්‍රකාශ කරන ස්ථානයට පැමිණියාය. ඇතුළුවන ගේට්ටුව අසල මැතිවරණය සඳහා ඉදිරිපත්වන අයගේ නාම ලේඛනය සහ ඔවුන්ගේ ඡුන්ද ලකුණු විශාල ප‍්‍රමාණයේ මුද්‍රිත කඩදාසියක සටහන් කර තිබිණි.


මිත්තණිය මුනුබුරා අමතා, ‘‘පුතේ උඹේ තාත්තා කියනවා එයා කැමති කෙනාට කතිරේ ගහන්න කියලා. එතකොට උඹලගේ අම්මා කියන්නෙ එයා කැමති වෙන කෙනෙකුටලූ. එයාට කතිරේ ගහන්නලූ. පුතේ ඡුන්දෙ ඉල්ලන කට්ටියගේ නම්ටික මට කියවහංකෝ වෙන කව්ද ඉන්නේ කියලා බලන්න.’’ යැයි පැවසුවාය. මුනුබුරා නම් සහ ඔවුනට හිමි ලාංඡුනද එකින් එක පැවසූ පසු එක් නමක් සඳහන් කළ ඇය, ‘‘දන්න නමක් තියනවා ඒකටවත් කතිරේ ගහනවා. එතකොට උඹලගේ අම්මා තරහා වෙන්නෙත් නැහැ. තාත්තා තරහාවෙන්නෙත් නැහැ.’’ යැයි කීවාය. ‘‘මෙ එයා නෙමෙයි. වෙන කෙනෙක්’’ මුනුබුරා සිනාසෙමින් පැවසීය.
(ක‍්‍රිස්ටෝපල් සීපියන්)



අදහස් (0)

පුතාගෙයි ලේලිගෙයි ඉල්ලීමට පිටුපා දන්න කෙනකුට ඡන්දය දීලා

සෑම් Tuesday, 13 January 2015 11:14 PM

මීට වසර විසිපහකට තිහකට පමණ පෙර මැතිවරණ දිනක මම ගෙදර ආවේ ඡන්දය අවසන්වෙන කිට්ටුවයි. දේශපාලන උණෙන් පෙළෙන මගේ ඥාති සොහොයුරෙක් ඒ වෙනකොට අපේ ගෙදර ඇවිල්ලා හිටියා. මාව දුටුගමන්ම "කොහෙද මල්ලි උඹ රස්තියාදු ගහන්න යන්නේ මේ වගේ වැදගත් දවසක, ඉක්මනට ගිහින් ඡන්දෙ දාපන් "කියලා මට මගේ පත්‍රිකාව දුන්නා. අපි එකම පක්ෂයේ අය වුණාට මම එදා ගිහිල්ලා ඡන්දෙ දුන්නේ කවදාවත් දිනන්නේ නැති කවදාවත් අහලත් නැති කෙනෙකුටයි. ඡන්ද ගණන් කරන වෙලාවේ ඒ මනුස්සයාට තේරෙන්න ඇති එයාගේ පවුලේ අය හැරුනකොට තවත් කෙනෙක් එයාට ඡන්දය දීලා තිබෙන බව. (නි)

:       0       0

ලලිත් Wednesday, 14 January 2015 05:28 PM

සෑම්, ඔයා ඡන්දෙ දුන්නේ කාටද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

අශෝක රළපනාව Wednesday, 14 January 2015 05:23 AM

ඉස්සරලා කියපු කතාවට වැඩිය සෑම්ගේ කතාව මට ගොඩක් වටිනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site