IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පෙම්වතා වැරැදීමකින් පෙම්වතියගේ මවගේ කාමරයට රිංගලා

තම පෙම්වතියගේ කාමරය යැයි සිතා ඇයගේ මවගේ කාමරයට ජනේලයෙන් පැන ගුටි කෑ පෙම්වතකු පිළිබඳව වාර්තා වේ. 

ඔවුන් මුණගැසී ඇත්තේ මුහුණු පෙතෙන්. ටික කලකින් මුහුණු පොතෙන් මැසේජ් කර ඔවුන් පෙම්වතුන් වී ඇත. පසුව එකිනෙකා නොදැක සිටීමට බැරි තරමට පේ‍්‍රමය දුරදිග ගොස් තිබේ. පසුව කතිකා කරගත් පරිදි ඇය හමුවීමට දිනයක් වෙන්කර ගත්ත ද ඇයට ගෙදරින් පිටවීමට අවසර නොමැති නිසා මුණ ගැසීමට නොහැකි වී ඇත. ඇයට ගෙදරින් පිටවීමට අවසර නොදීමට හේතුවද ඇය මුහුණු පොතේ දහදොළොස් දෙනෙකු මුණ ගැසීමට ගොස් ගෙදරට අසුවීම නිසාය. ඒ වනවිටත් ඇයට මුහුණු පොතේ පිරිමි මිතුරන් හතර පස් දෙනෙක් සිටි අතර ඔවුන්ගෙන් දහ දොළොස් දෙනෙකු ඇය මුණ ගැසීමට පැමිණ තිබේ.

සිද්ධිය වූ දිනයේ ද ඇයට අමතක වී වෙනත් මුහුණු පොතේ මිතුරෙකුට ද නිවැසියන් නින්දට ගිය පසු ඉටිරෙදි ආවරණය කළ ජනේලයෙන් ඇයගේ කාමරයට එන ලෙස දන්වා තිබේ. නියමිත තරුණයා ප‍්‍රීතියෙන් ඇගේ නිවස අසලට පැමිණ ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත. අමතක වී අද දිනයේ පැමිධෑමට පැවසූ බව මතක් වූ ඇයට දෙවියන් සිහි විය. පසුව ඇය කල්පනා කර වරද ඔහු පිට පැවරීමට සිතා ඇයගේ මවගේ කාමරයේ ජනේලය ගැන ඔහුට පවසා ඇත.

සතුටු සිතින් ඉටි රෙදි ආවරණය වූ ජනෙල් කවුළුවෙන් කාමරයට පැන පෙම්වතියගේ නිදා සිටි මව අසලට කළුවරේම පැමිණ මම ආවා යයි පවසා ඇත. එවිට පෙම්වතියගේ මව ”මෙන්න මිනි මරණවෝ” යැයි කෑ ගසා ඇත. ජනෙල් කවුළුවෙන් ආපසු පැන්න පෙම්වතා අසල වූ ලන්දකට මුවා වී සිට සිද්ධිය සංසුන් වූ පසු හිමිහිට මාරු වුණාලූ.



අදහස් (0)

පෙම්වතා වැරැදීමකින් පෙම්වතියගේ මවගේ කාමරයට රිංගලා

සුරනි Sunday, 10 January 2016 07:06 AM

ජයාට නම් මොකද්ද පරණ කෝන්තරයක් තිබෙන හැඩයි කවුදෝ බවලතෙක් එක්ක. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 10 January 2016 07:08 AM

අපිටත් ඔය ගෙදර ලිපිනය දෙන්නකෝ (නි)

:       0       0

ජයන්ත Monday, 11 January 2016 08:42 AM

මට පුදුම මුහුණු පොතෙන් පෙම් කරන්න තරම් තරුණ අය මෝඩද? (නි)

:       0       0

සුනිල් Sunday, 10 January 2016 07:42 AM

පඳුරකට පයින් ගැසුවොත් චාරුලා වාගේ අය ඕනෑතරම් විසිවෙයි අපේ රටේ. පිරිමි රහත් වූ බවක් මෙයින් අදහස් නොකරමි. (නි)

:       0       0

චාමර Saturday, 09 January 2016 06:30 AM

මට නම් හිනා ගියේ, මුහුණු පොතේ පිරිමි මිතුරන් හතර පස් දෙනෙක් ඉදල, ඔවුන්ගෙන් දහ දොළොස් දෙනෙකු ඇය මුණ ගැසීමට පැමිණීම. එකා ඩබල් වෙලා. කොහොමවෙතත් මුහුණු පොතෙන් ඇති වෙන සම්බන්ද කම් ගැන හොද අදහසක් මේකෙන් ගන්න පුළුවන්. (අ)

:       0       0

අබරන් Saturday, 09 January 2016 06:45 AM

ඒ කියන්නේ චාරුත් පොලිස් කුඩුවේ. (අ)

:       0       0

අබය Sunday, 10 January 2016 08:14 AM

චාරු, කාන්ති, ගයනි, මංජු සහ සුරනි, ඔය හතර දෙනාම පොලිස් කූඩුවේ සිටියයුතු අය හැටියටයි මම නම් දකින්නේ. (නි)

:       0       0

චාරු Saturday, 09 January 2016 08:02 AM

අබරන් ජයාගේ ලියන මහත්තයාද? (නි)

:       0       0

කාන්ති Saturday, 09 January 2016 08:06 AM

බවලතුන් ගැන පිටබැද්දරගේ තරහා කොච්චරද කිව්වොත් ළඟදීම නහරයක් පුපුරාවිද මන්දා! දැන් අර කාමරේට රිංගන්න ආපු පිරිමි ටික මාර්ගඵල ලබලාද ජයෝ? (නි)

:       0       0

සුනිමල් Saturday, 09 January 2016 08:07 AM

දැන් මේක වුණේ මෙහෙමයි කියලා කවුද කියලා තියෙන්නේ? (නි)

:       0       0

මංජු Saturday, 09 January 2016 08:15 AM

එතකොට අර මහා රාත්‍රී ගෙවල් වලට ආ පිරිමින්ට දෙන අච්චුව මොකද්ද පිටබැද්දර මහත්තයෝ? (නි)

:       0       0

සොපි Monday, 11 January 2016 10:36 AM

දැන් ලංකාව මාර දියුණුයිනේ ,යන්තම් අඳුනගත්තුගමන් කෙලින්ම එන්න කියන්නේ නිදන කාමරේට ..... (කෞ)

:       0       0

කෞෂි Monday, 11 January 2016 05:04 AM

මට පෙන්නේ අභය නමින් ලියන්නේ ජයාද කොහෙද . නැති නම් මොකද ජයා සම්බන්ධ කාන්තා ප්‍රතිචාර වල ට අබය මෙච්චර කලබල වෙන්නේ. (බ)

:       0       0

යසරත්න Saturday, 09 January 2016 02:28 AM

පොලිසියට අල්ලලා දෙන්න තිබුණේ (නි)

:       0       0

නිලාන් Sunday, 10 January 2016 11:14 AM

ජයා කතාවේ එන කෙනාගේ චරිතයට ආරූඩවෙනවා නිරායාසයෙන්ම. හරිම කෝළමක් වෙලානේ මේක. බලාගෙන යනකොට පිටිගලත් ලෙහෙසිපහසු කෙනෙක් නොවන හැඩයි. හරි,හරි ඔහොම යමු... (නි)

:       0       0

සුලෝචන Sunday, 10 January 2016 11:47 AM

මටත් ඔය ගෙදර ලිපිනය දෙන්නකෝ අනේ! (නි)

:       0       0

දුමින්ද Monday, 11 January 2016 05:36 AM

මුලින්ම නැන්දම්මාගේ අවසර පැතුවද? (නි)

:       0       0

ටෙරන්ස් Friday, 08 January 2016 08:16 PM

ඇති ඔයින් බේරුනා... (නි)

:       0       0

බණ්ඩාර රුසියාව Sunday, 10 January 2016 01:55 PM

පිටිගල මිලානෝ හොඳ හෝටලයකින් කන්නයි හදන්නේ. පරිස්සමින්! වෙනිවැල්ගැට ටිකක් එහෙම තම්බාගෙනම යන්න. (නි)

:       0       0

ජෙහාන් Saturday, 09 January 2016 04:22 AM

කෑගසනවිටම පැනලා ගිය නිසා බේරුනා (නි)

:       0       0

බෙන් Tuesday, 12 January 2016 01:15 AM

නැන්දම්මාට මම නම් කැමතියි (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 January 2016 05:33 AM

පොලීසියට අල්ලලා දෙන්න වටින්නේ මේ නැහැදිච්ච ගැහැණු ළමයව (නි)

:       0       0

අලි Monday, 11 January 2016 07:53 AM

කතාවේ එන නරක ළමයාට ආරූඨ වෙන්නේ පිටබැද්දර ජයා නොවෙයි. අභය සඳහන් කර ඇති සෙට් එකයි.මොනවා වුනත් අභය ඇත්ත කියලා තියෙන්නේ. (බ)

:       0       0

නදුන් Tuesday, 12 January 2016 11:48 AM

අපොයි මාළු...(කෞ)

:       0       0

මනෝජ් Sunday, 10 January 2016 06:23 AM

හපොයි චාරු, කොල්ලෝ කාමරේට ගෙනල්ලද හමුවෙන්නේ? (නි)

:       0       0

ගීත් Monday, 11 January 2016 01:40 PM

දැන් කාලේ කෙල්ලන්ටයි කොල්ලන්ටයි මූණු පොත ගෙන හොද පාඩමක් මේක .(කෞ)

:       0       0

අසේල Tuesday, 12 January 2016 12:06 PM

කවදා වෙනකම් හොර වැඩ කරන්නද?(හේ)

:       0       0

චාරු Saturday, 09 January 2016 05:51 AM

තරුණියගේ නැහැදිච්චකමට අන්තයිනේ ජයාගේ සාමාන්‍ය දැනීම. කොල්ලෙක් එක්ක පැටලිලා හමුවෙන එකට එහෙමනම් මුළු රටේම භාගයක් ළමිස්සියන් දැන් පොලිස් කුඩුවේ ඉන්න ඕනෑ. (නි)

:       0       0

ගයනි Sunday, 10 January 2016 07:01 AM

දැන් මෙතන පිරිමි ටික චාරු ගැන කතාකරන්නේ හරියට පුවතේ තරුණිය හමුවෙන්න ආවේ පිරිමි නෙමෙයි අභ්‍යාවකාශ සත්ව කොට්ඨාශයක් වගේනේ. මේක තමයි රටේ තත්වය. මහා රාත්‍රී බවලතුන්ගේ කාමර වලට රිංගපු පිරිමි ගැන කිසි කතාවක් නැහැ. හැබැයි වැරැද්ද කළ ගැහැණු කෙනා විතරක් හංවඩු ගහනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 317 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 880 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 771 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 615 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 323 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 285 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site