(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පුතාට කසාදයක් කර දෙන්නට වේලාපත් කඩය බලන්න ගිය පියෙකුට පුතා ඒ වනවිටත් පවුල් කන පුද්ගලයකු බව පෙන්වා දුන් නැකැත්කරුවකු පිළිබඳව වයඔ හා බස්නාහිර මායිම් ගම්මානයකින් වාර්තාවිය.
වයඹ මායිමේ වෙසෙන එක්දරු පියෙකි. පුතා වියපත් වෙමින් සිටියත් කසාදයකට කැමැත්තක් නොදක්වමින් කල් ගත කරන්නට වූයේය. පුතා නිතරම කල්ගත කළේ මිතුරන්ගේ නිවෙස්වලය. පුත්‍රයා නිවසේ රඳවාගැනීමට නම් විවාහයක් කරදිය යුතු බව දෙමහල්ලෝ අදහස් කළහ.
ඒ අනුව මේ පියා බස්නාහිර පළාතේ නැකත්කරුවකු හමුවීමට ගියේ පුතාගේ හදහනද රැගෙනය. පුද පඩුරු තැබූ පියා පුතාට කසාදයකට මග පිළියෙළ කර දෙන්නැයි ඉල්ලා සිටියේය. මේ කේන්දරය දුටු නැකත්කරුට දැක පුරුදු කේන්දරයක් බව පෙනීගියේය.
ඉකුත් දිනෙක තමන් පොරොන්දම් ගලපා දුන්නේ මේ කේන්දරය හිමි තරුණයකුට හා තරුණියකට බව ඔහුට පසක්විය. ඒ අනුව තමන්ගේ අසල්වැසි තරුණියක හා ඔහු මාස කිහිපයකට පෙර විවාහවූ බවද නැකත්කරුට කල්පනා විය. කේන්දරය අතේ තියාගෙන දැඩි කල්පනාවක නිමග්නවූ නැකත්කරු මේ කේන්දරය හැටියට නම් මේවනවිටත් විවාහයක් කරගෙන ඇතැයි පියාට පැවසුවේ ඔහු පුදුමයට පත්කරමිනි.
‘නැහැ මගේ පුතා තවම බැඳලා නැහැ.’ පියා පිළිතුරු දුන්නේ එක හඬිනි. ‘ඒ කියන්නේ පුතා නිතරම ගෙදර ඉන්නවාද?’ නැකත්කරුගෙන් යළි ප්‍රශ්නයකි.
‘නැහැ. ඒයා නිතර යාළුවන්ගේ ගෙවල්වල යනවා’ පියාගේ පිලිතුරවිය.
‘මට නම් මේ කේන්දරය හැටියට පුතා පවුල් කන බව නම් විශ්වාසයි.’ කී නැකත්කරු අද හෙටම ඔබට ඒ බව දැනගන්න ලබෙන්නත් පුළුවන් බවට අනාවැකියක්ද පළකළේ දින දෙකකින් වැඩි විස්තර ගෙන යන්නට එන්නැයි ඉල්ලා සිටිමිනි. පැයක් හමාරක් ගත විය.
පියා යළි නැකත්කරු සොයා ආවේය.
‘මහත්තයෝ කිව්වා හරිනේ මගේ එකා මේ පැත්තේම ගෙදරක ඉන්නවා මම දැක්කා. ගිහින් හොයා බලද්දී මේකා හොර රහසේ කසාදයක් කරගෙන නේ. මේකා යාළුවන්ගේ ගෙවල්වල යනවා කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ මේ අඹුව බලන්නනේ. මේකාගේ සයිකලේ නතර කරලා තියෙනවා දැකලා මම ගිහින් විපරම් කරද්දී තමා සේරම දැන ගත්තේ’ යැයි කී පියා නැකත්කරුගේ දක්ෂතාව අගේ කරන්නට වූයේ පුතාට දෙස් දෙවොල් තබමිනි.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසා
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පියා පුතාගෙ කසාදෙට නැකැත් බලනකොට පුතා පෙලවහක