IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පෝරුවේ ඇද වැටුණ මනාලිය තොවිලය නටද්දී දිස්ටියකට අහුවෙලා

පෝරුවේ චාරිත‍්‍ර සිදු කරමින් සිටිය දී මනාලිය සිහිසුන්ව පෝරුව මත ඇද වැටුණාය. මෙය අසුබ සිද්ධියක් යැයි දෙපාර්ශ්වයේම නෑදෑයෝ පැවසූහ. වහාම මනාලිය රෝහල වෙත රැගෙන යනු ලැබිණි. එයාට ඇති ලෙඩක් නැතැයි වෛද්‍යවරු පැවසූහ. ”දොස්තර මහත්තයට ලෙඬේ අහුවෙලා නෑ. මේක තරහකාරයෙක්ගෙ වැඩක්. කොඩිවිනයක් කරලා ”දිස්ටියක්” එවන්නැති. අපි තොවිලයක් කරමු,” යැයි කපුවා කීය. සියලූ දෙනාම කපුවාගේ කීමට එකඟ වූහ. දැන් තොවිලයට සියල්ල සූදානම්ය. ”හා.... එහෙනං ඔය ආතුරයා මෙහාට එක්කන් ආවනං,” යැයි යකැදුරා කීය. මුළු ගෙදරම උඩු යටිකුරු කරමින් ආතුරයා සෙවූහ. කට්ටියක් හුළු අතු දල්වාගෙන වත්ත පහළට ගියහ. ළිං පතුල්වල ද සෙවූහ. ආතුරයා පේන තෙක්මානයේ නැත. ”අනුමානයක් නෑ.... දිෂ්ටිය අඬගහගෙන යන්න ඇතැයි,” කපුවා කීය. මේ අතරතුර නිවෙසේ අයකුගේ ජංගම දුරකථනය නාද විය. ”ඔය මගුලට මං කැමැති නෑ. මං ආනන්ද එක්ක ගියා. අපි ගැන හොයන්න එපා,” යැයි පණිවුඩයෙන් කියවුණි. ”අයියෝ මගෙ කපුකමේ ගාස්තුවත් තට්ටු වුණායි,” කපුවාට ඉබේටම කියවුණාලූ.



අදහස් (0)

පෝරුවේ ඇද වැටුණ මනාලිය තොවිලය නටද්දී දිස්ටියකට අහුවෙලා

මධුරංග Monday, 20 August 2012 02:37 PM

දැන් කාලේ දිස්ටි වලටත් කෝල් කරන්න පුලුවන්ද? අම්මෝ ඉවරයි! (නි)

:       0       0

සම්පත් Wednesday, 22 August 2012 09:51 AM

අඩුමගානේ කසාදෙදිවත් ළමයගේ කීමට ඉඩ නොදෙන දෙමාපියන්ට හොඳ පාඩමක් මේක...(ස)

:       0       0

කුමාර Saturday, 25 August 2012 08:37 AM

වැඩක් නැති දෙයක්නේ...(ස)

:       0       0

තිළිණ Tuesday, 21 August 2012 04:18 PM

අංජනා ඔයාට එහෙම දෙයක් උනේ නැහැ නේද?(නු)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 22 August 2012 03:30 PM

ඔහු මේ ළමයාව දිවි ඇති තුරා ආදරයෙන් බලා ගත්තොත් හොදයි. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 20 August 2012 11:40 PM

අජන්තත් හරි වගේ....!!(නු)

:       0       0

කවීන් Wednesday, 22 August 2012 10:37 AM

නිලූ නංගියේ මොකෝ කරදරයක් උනාද? පෝරුවේ නගින්නත් වාසනාවක් තියෙන්නෙත් ඕනි .(ස)

:       0       0

නිරෝෂි Monday, 20 August 2012 03:42 PM

කොහොම ගියත් එකම දේකටනේ...(ස)

:       0       0

මධු Tuesday, 21 August 2012 12:23 AM

ටික කලකින් දික්කසාද වෙනවට වැඩිය හොදයි එහෙම තීරණයක් ගත්ත එක. (නි)

:       0       0

හර්ෂා Monday, 20 August 2012 09:51 AM

මාරයි නේ (අ)

:       0       0

බන්ඩාර Monday, 20 August 2012 03:57 PM

ප්‍රාදේශීය සභාවේ කවුරුහරි මගුල්ගෙදර හිටියද දන්නෑ....(ස)

:       0       0

හිරන්ත Monday, 20 August 2012 03:59 PM

මේවා ඔක්කොම මනස්ගාත. (නි)

:       0       0

සරත් Monday, 20 August 2012 10:04 AM

ඉස්සර කාලේ නම් පෝරුව උඩ කලන්තේ දාල වැටුනොත්. ආයේ මගුල් හොයල බොරු. (අ)

:       0       0

කෞෂල්‍යා Tuesday, 21 August 2012 01:45 AM

මනමාලිට ගණදෙවි නුවණන තියෙනවා වගෙයි. (නි)

:       0       0

සජීව Monday, 20 August 2012 10:30 AM

කොහොමද ගෑනු මායම .(ස)

:       0       0

සුනිල් Monday, 20 August 2012 04:13 PM

උම්බෑ කිය කියා මරණ බයේ.... (නි)

:       0       0

සම්පත් Monday, 20 August 2012 10:38 AM

”ඔය මගුලට මං කැමැති නෑ. මං ආනන්ද එක්ක ගියා. අපි ගැන හොයන්න එපා,” ඔය මගුල කිවුවා නං ඉවරයි.තොවිලයක් කලින්ම කරයි..(ස)

:       0       0

ප්‍රවීන් Monday, 20 August 2012 10:40 AM

ඒ ඉස්සර සරත් අයියා .දැන් එහෙම වෙනවනම් ලංකාවේ කෙල්ලන්ට මගුල් හොයලා බෙරු..පෝරුවේ චාරිත්‍රය අයින්කරන්න වෙනවා නැත්නම්....(ස)

:       0       0

ටෝනි Saturday, 22 September 2012 06:57 AM

ගෑණු මායම් තියෙන නිසා තමයි අද ඉන්න පිරිමින්ගෙන් ගෑණූ බේරිලා ඉන්නේ. (නි)

:       0       0

අංජනා Monday, 20 August 2012 04:47 PM

ප්‍රවීන් ඇවිත් දැන් පරණ දෙවල් මෙකට ද, දැන් ක්‍රමයක් තියෙනව අවුල්වෙන දේවල් හරි ගස්සන්න (අ)

:       0       0

බණ්ඩාර Tuesday, 21 August 2012 01:20 PM

කොහොමද ටිකිරි මොළේ? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 20 August 2012 05:54 PM

ආනන්දට වැරදිලා.. ආවාට තිබුණත් නිසසල සද මත එය හරි ප්‍රියංකරයි... සිසහ නොමැතිව වැටෙන අයුරු දැක අනුකම්පාවකි ආනන්දගේ සිත වෙලා ගත්තේ...!!(නු)

:       0       0

අමිල Tuesday, 21 August 2012 07:54 AM

කොහොමද මොලේ..(ස)

:       0       0

ශීලා Monday, 20 August 2012 11:48 AM

නෑ. නෑ , ප්‍රශ්නයක් නැහැ ආනන්ද අයිය , ඒ ළමයව භාර අරගෙන තියෙනවනේ. අපිට තමයි ඉතින් ඒ කාලේ, කව්රුවත් හිටියේ නැත්තේ .(ස)

:       0       0

නිලූ Monday, 20 August 2012 11:51 AM

ප්‍රවීන් , ඕවට ඔයාලත් වග කියන්න ඕනි. මොකද ඕව ගැණු ළමයි තනියම කරගන්න දේවල් නෙවෙයිනේ. .(ස)

:       0       0

සේනානායක Monday, 20 August 2012 12:02 PM

64 මායමෙන් එකක් ඔය .ඉතිරිය ඉදිරියට.....පරිස්සමින් ආනන්ද මල්ලී...(ස)

:       0       0

සේනානායක Monday, 20 August 2012 11:59 AM

කපුවා කපෝති....(ස)

:       0       0

නිලූ Wednesday, 22 August 2012 12:51 PM

කැලුම් , ඔයාල වගේ අය නිසා තමයි, ගැණු ළමයින්ට ඔක්කොම කරදර. අපි පෝරුවේ නගින්නේ නැතුව බඳිමු. (ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 21 August 2012 08:41 AM

බොලේ, අංජන දන්නවානේ යමක් කමක්. දෙයියන්ගෙම පිහිටයි! (නි)

:       0       0

සුභසේන Monday, 20 August 2012 12:07 PM

ගෑනු මායම් තමයි...(ස)

:       0       0

අරුණ Monday, 20 August 2012 12:15 PM

හොඳ තේරීමක්...(ස)

:       0       0

අමිල පෙරේරා Monday, 20 August 2012 06:55 PM

ඒ කොහොමද?(නු)

:       0       0

දුශාන් Wednesday, 22 August 2012 05:44 AM

අසරණයෙක් අමාරුවේ දැමෟමක්. ගෑණු මායමක්. (නි)

:       0       0

සමන් Wednesday, 22 August 2012 08:08 PM

මම බේරුණු එක ගැන මට සතුටුයි. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 24 August 2012 01:34 PM

හොඳ වැඩේ අන්න එහෙමයි කරන්න ඕනේ (ස)

:       0       0

සිල්වා Monday, 20 August 2012 07:54 PM

නියමයි. මෙහෙම කතාවක් මම ඇහුවමයි. (නි)

:       0       0

ජනක Tuesday, 21 August 2012 09:36 AM

දෙමව්පියන්ගේ උද්දචිචකම නිසා හො‍‍ද වැඩෙ. මනමාලි කලින් මෙ දේවල් ගෙදරට කියන්න ඇතිනෙ. මනමාලි කළදේ ඇත්තටම හොදයි.මනමාලයා එක්ක ඉදිරියට ජීවත් වෙන්නෙ මනමාලි මිසක් ඇගේ ගෙදර අය නෙවෙයිනේ.(ස)

:       0       0

සතිෂ් Monday, 20 August 2012 08:11 PM

ශීලා, ඔයාට ඔච්චර ඉක්මණට අපේ අතීතය අමතක වුණාද? (නි)

:       0       0

කුරේ නාවලගේ Monday, 20 August 2012 12:44 PM

ආනන්ද, ඔයා නම් නියමයි. (නි)

:       0       0

අනුර ශාන්ත Tuesday, 21 August 2012 10:19 AM

යන තැනක කලින්ම ගියනම් ඉවරයිනෙ.. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරන්නෙ නැතිව.. පොරුවට නග්ගන්නෙ කසාද බැදලනේද? (නු)

:       0       0

සුසිල් Monday, 20 August 2012 01:27 PM

හොර කපුවා කපෝති. (නි)

:       0       0

මොහොමඩ් Monday, 20 August 2012 01:38 PM

මාසයක් දෙකක් යනකොට ආනන්ද අයියගෙන් හිරිහැර වෙනකොට දාපු මායම් වල අගේ තේරෙයි. ‍ආනන්ද අයියවත් දාල යන දවස වැඩි ඈතකත් නොවන බව කවුරැත් දන්නවා ඇති. කෙසේ වෙතත්, අළුත් ‍ජෝඩුව සුභ පතමු..... සුභ අනාගතයක් වේවා... දෙමාපියන් දහදුක් විදලා හම්බ කරපු සල්ලි නාස්ති කරන්න කලින් පැනල යන්න දැනගත්තනම් කාට කාටත් හොදයි. මොකද අන්තිමට එන්නෙත් දෙමව්පියන් ලගට නිසා..... .(ස)

:       0       0

වසන්ත පෙරේරා Tuesday, 21 August 2012 10:48 AM

තොවිල් කියන්නේ බොරු වැඩ..(නු)

:       0       0

මනෝජ් Wednesday, 22 August 2012 11:07 PM

මොන 'මගුල්' කථාවක්ද මේක? කලින්ම ඕක කිවුවා නම් ඉවරයිනෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site