IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පෙර ආත්මයේ පුතා පාසල් ගුරුවරියගේ විශ‍්‍රාම වැටුපටත් විදලා

විශ‍්‍රාමික ගුරු මවකට බැංකුවේදී හමුවූ පෙර ආත්මයේ පුතා නිසා අලි අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවූ පුවතක් මෙසේ වාර්තා විය.එදින විශ‍්‍රාම වැටුප් ගෙවන දිනයයි. විශ‍්‍රාමික ගුරු මාතාව මුදල් ගැනීමට අවශ්‍ය පෝරමය පුරවා කවුන්ටරයට දුන්නාය. ලියන්න ගත්ත පෑනත් තවම සුරතේය. ජැන්ඩි පහට යුරෝපීය ඇඳුමෙන් සැරසුණ තරුණයෙක් ඇය අමතා අම්මේ ප්ලීස් පෑන දෙන්නකෝ මට පෑන ගේන්න බැරිවුණා යැයි පැවසීය.ඇය මෙන්න පුතා පෑන කියා සිනාවකින් ද සංග‍්‍රහ කර ඔහුට පෑන දුන්නාය. යමක් අත්සන් කළ තරුණයා තෑක්ක් යූ අම්මේ කියා පෑන දුන්නේ විනීත ලෙස ආචාරශීලී වෙමිනි. බැංකුව තුළ වූ සිදුවීම එපමණකි.විශ‍්‍රාම වැටුප ගෙන අත්බෑගයේ දමාගත් ගුරු මාතාව බැංකුවෙන් පිට වූවාය. යළිත් ගේට්ටුව අසලදී අර තරුණයා ඇය ඉදිරියේ පෙනී සිටියේය. අම්මට මාව අඳුනන්න පුළුවන් ද? අර පෑන ඉල්ලූවේ මමනේ. මට අම්මා දැක්කම පුදුම සෙනෙහසක් ඇති වුණා. අම්මා පෙර ආත්මයේ මගේත් අම්මා වෙලා ඉන්න ඇති කියා හිතෙනවා ඔහු අසීමිත සෙනෙහසකින් සුරතල් වෙමින් පැවසීය. පුතේ එහෙම සංසාර පුරුදු තිබෙනවා, ඔය පුතා මොකද කරන්නේ යැයි ඇය ඇසුවේ උතුරා යන දරු සෙනෙහසක් පෙන්වමින්ය.අම්මේ මම මැඩිකල් කොලේජ්, මේ සෙකන්ඞ් ඉයර් එක. මේ මගේ ටෙලිෆෝන් නොම්මරේ. ඉතින් යන්කෝ තේ එකක් බොන්න මගෙ හොඳ අම්මනෙ ඔහු කීවේය. යංකො පුතේ මං  ඕන් සල්ලි දෙන්නේ ගුරු මව පැවසුවේ මගෙ දරුවෝවත් මෙහෙම නෑ යැයි සිතමිනි.කිරි තේ එක පානය කළ ගුරු මව පුතේ මට කලන්තේ වගේ කීවාය. ඒත් සමඟ සිහි සුන්ව ඇද වැටුණාය. අම්මට අසනීප වෙලා මුදලාලි මම ඩොක්ට ගාවට යන්න වීල් එකක් ගේන්නම් කියා තරුණයා පාරට දිව්වේය. යළි ආවේ නැත. කඩ හිමියා ඇයට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කළේය. පියවි සිහිය ලැබුණ පසු ගුරු මවට තරු පෙනුණේ විශ‍්‍රාම වැටුප අතුරුදන් වී ඇති බැවිනි.



අදහස් (0)

පෙර ආත්මයේ පුතා පාසල් ගුරුවරියගේ විශ‍්‍රාම වැටුපටත් විදලා

තරු Thursday, 03 November 2011 09:56 AM

අම්මා කියන නමත් මදල් ඉදිරියේදී හෑල්ලු කරවන ජාතියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 333 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 886 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 776 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 618 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 329 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 287 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site