IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පාරේ වැටුණ ඌරා ඇඳිරිය එක්කම කුස්සියට ගිහින්

(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මෝටර් රියක ගැටී තුවාල වූ වල් ඌරකු කාකි ඇඳි පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව මරු දැකීමෙන් පසු ත්‍රීරෝද රියක පටවාගෙන ගිය පුවතක් වයඹ පළාතේ ගසක් හා ගැටයක් සහිත ගම්මානයකින් ඇඳිරි නීතිය මැද්දේ පසුගියදා වාර්තා විය. 


ඇඳිරි නීතිය  ක්‍රියාත්මකව පැවැති රාත්‍රී කාලයකි. මහමග දෙසින් ශබ්දයක් ඇසුණු ගම්වැසියකු ඒ දෙස නෙත්  යොමා බැලුවේ කුමක් සිදුවීද යන්නයි. 


නවීන පන්නයේ මෝටර් රියක් වේගයෙන් ඉදිරියට ඇදී යන අයුරුත් තුවාල  ලැබූ වල් ඌරකු පාර අයිනේ වැටී දඟලමින් සිටින අයුරුත් ගම්වැසියාට දක්නට ලැබිණි. 


ජීවිතයත් මරණයත් අතර පොර බදන වල් ඌරාගේ පණ බේරිය හැකිදැයි බලන්න අසල්වැසියකු එද්දී තවත් මෝටර් රියක් වැටී සිටි වල් ඌරා අසල නවතනු දක්නට ලැබිණි. 


පිත්තල බොත්තම් සහිල නිල ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් කීප දෙනකු සමග සිවිල් ඇඳුමින් එක් අයකු ද ඒ අතර සිටින බව ඔහු දැක්කේය. වල් ඌරාට දිය බිඳක් ඉසින්නට යාමෙන් ඇඳිරි නීතිය කඩ කළැයි යන චෝදනාවට ලක්වීමට ඉඩ තිබූ නිසා ගම්වැසියා ඈතට වී බලා සිටියේ කුමක් සිදුවේද යන්නයි. වට පිට ඇවිද පොල්ලක් සොයා ගත් පිත්තල බොත්තම්කාරයකු වල් ඌරාට තඩිබාන බව ඔහු දුටුවේ ඒ අතරය. 


පිරිසේ සිටි කෙනකු අසල්වැසියකුට කතා කර පොරවක් හෝ මෝල් ගහක් ඉල්ලනවාද ඔහුට ඇසුණි. ඊට ලැබුණු ප්‍රතිචාරය යහපත් නොවූයෙන් පිරිස ඔවුන් සොයාගත් මුගුරෙන් වල් ඌරා සදහටම නිහඬ කරන්නට සෑහෙන වෙලාවක් ගත්තේය. 


අනතුරුව වල් ඌරා මෝටර් රියට නංවා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසු ගෙන්වා ගත් ත්‍රිරෝද රියක පටවා ආපසු ගෙන ගියේ සිත් සේ බුදිනු පිණිස විය යුතුය. 

 



අදහස් (2)

පාරේ වැටුණ ඌරා ඇඳිරිය එක්කම කුස්සියට ගිහින්

jayantha Friday, 08 May 2020 03:55 AM

මොන විකාරයක්ද මේ ආණ්ඩුවේ සල්ලි එක එක විදිහට දෙනවා.. ෆොටෝ දාගන්නවා. එක්වර රජයේ සල්ලි ටික වෙන්කර ගත්තා නම් හරිනේ..!!!

:       0       0

ravi Tuesday, 12 May 2020 05:48 AM

වෙසක් කාලයේදී මේවගේ ලස්සන ජාතක කතාවල් අහන්න ලැබීම ලොකු වාසනාවක්. ඌරාට සහ ඔබ සියලු දෙනාටම පින් සිද්ධ වේවා !

:       0       4

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site