IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ප‍්‍රා. සභා මන්ත‍්‍රී වැටී සිටියදී මැරුණු ඉත්තෑවත් අරන් ගම්මු මාරුවෙලා

ඔහු මහනුවර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනයක මන්ත‍්‍රීවරයෙකි. පැවති ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයකුගේ ප‍්‍රධාන ගෝලයකු ලෙස සිටි මොහු ප‍්‍රදේශවාසීන්ගේ විවිධ විවේචනයන්ට පාත‍්‍ර වූ අයෙකි.


මොහු තම යතුරුපැදියේ නිවෙසට ගියේ බොහෝ රෑ බෝ වෙලාය. නිවෙසට යාමට පෙර මොහුට විශාල අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදු විය.


යතුරුපැදි එළියක් සමඟ පාර හරහා පැන්න ඉත්තෑවෙක් මොහුගේ යතුරු පැදියේ ගැටීම නිසා මොහුද විසිවී පාරට වැටුණේ තුවාල රැසක් ද සමඟිනි.


යතුරුපැදිය කොතරම් වේගෙන් වැදුණද කිවහොත් ඉත්තෑවාද මැරී මන්ත‍්‍රීවරයා අසලම වැටුණි. දැන් රෑ දොගොඩ හරියේය. දෙන්නම පාර මැදය. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට නැගිටීමට නොහැකි වූයේ ඔහුගේ අත බිඳී තිබුණු නිසාය.


කෙසේ වෙතත් බයිසිකලය පෙරළුණු ශබ්දයට ගමේ කීප දෙනකු එතැනට ආවේ ඇතිවූ ශබ්දය බැලීමටය.


තම ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයා තුවාල සහිතව පාර මැද වැටී සිටිනවා වගේම මැරී සිටි ඉත්තෑවාද ඒ අසල සිටිනවා දුටු පිරිස මුලින්ම අතට ගත්තේ ඉත්තෑවාය.
ඔවුහු ඉත්තෑවා රැුගෙන යන්න ගියහ. අසල තිබූ පොලිස් ස්ථානයක නිලධාරීහු ඔහු ප‍්‍රදේශයේ රෝහලට ඇතුළත් කළහ.



අදහස් (0)

ප‍්‍රා. සභා මන්ත‍්‍රී වැටී සිටියදී මැරුණු ඉත්තෑවත් අරන් ගම්මු මාරුවෙලා

ජොනී Friday, 26 June 2015 08:10 PM

මනුස්සකම බල්ලට ගිහින්. මන්ත්‍රීවරයෙක් නෙමෙයි තමන්ගේ කෙනෙක් උනත් අසරණ උනහම ඔහොම කරනවද? සිංහල ජාතිය ඔහොම ජාතියක් නෙමෙයි ඉතිහාසයේ නම්. (ස)

:       0       0

සිල්වා Monday, 29 June 2015 01:44 PM

ජරාව කන මන්ත්‍රීට වඩා ස්වභාවික අහාර අරන් හැදෙන ඉතාම හොඳයි කියල මිනිස්සු අරන් යන්නැති (බ)

:       0       0

සම්පත් Friday, 26 June 2015 02:46 AM

ජනතාවගෙන් ඈත්වීමේ ප්‍රතිඵල. ප්‍රාදේශීය සභාවල අයත් හිතන්නේ ඇමතිවරුන් වගේ. උඩින් ඉන්න අයට හොඳ දඬුවමක් තමයි (නි)

:       0       0

මංජුල Friday, 26 June 2015 03:08 AM

ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයාට වැඩිය ඉත්තෑවා ඡන්දදායකයන්ගේ හදවතට ළංවෙලා වගේ. (නි)

:       0       0

ජානක Friday, 26 June 2015 11:08 AM

ඉත්තව වටිනවා අඩුගානේ මසට, මේ පලා බබාලට වැඩිය. (ස)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 26 June 2015 03:37 AM

රස බොජුන් අත ලඟට එනකොට අහල පහල වෙන දේවල් ගැන මොකටද හිතන්නේ.එහෙම නේද? (ම)

:       0       0

ජනක Saturday, 27 June 2015 10:53 AM

තල වපිරුවොත් තල නෙළගත හැකියි (අ)

:       0       0

පිටිගල Friday, 26 June 2015 05:34 AM

කොහොමත් දැන් ඉන්න ප්‍රාදේශීය දේශපාලකයෝ ඉත්තාවේකුටත් වැඩිය වටිනා කමෙන් අඩුයි කියලා ඒ මිනිස්සුන්ට තේරෙන්න ඇති. ඒ නිසා වටිනා දේ අරන් ඒ ගොල්ල මාරු වෙලා.(ම)

:       0       0

සේන Sunday, 28 June 2015 05:01 AM

තාමත් ඉන්නේ පරණ පලා බබ්බු සෙට් එකනේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 26 June 2015 06:19 AM

මටනම් පේන්නේ මනුසකම බල්ලට නෙවෙයි ඉත්තෑවට ගිහින් කියලයි ! මොනවා වුනත් මනුස්සයෙක් නේද කියලවත් හිතන්න තිබුන නැද්ද හා ? (බ)

:       0       0

සෙලිනා Friday, 26 June 2015 06:30 AM

මොකද නැත්තේ ජයා, මනුස්සකම් අතින් මිනිස්සු තිරිසන් වෙලා වැරදිලාවත් මේ මනුස්සයට ගොඩක් තුවාල වෙලා ලේ ගිහින් ජීවිතය නැති වුනානම්....? (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 27 June 2015 07:24 AM

පව් මිනිස්සුන්ට බනින්න එපා. සමහරවිට එතුමා තමන්ගේ බලය තියන කාලවකවානුවේ කූරූ පුම්බගත් ඉත්තෑවෙක් වගේ ඉන්න ඇති ..එ්ක මතක්වෙන කොට..... මිනිස්කමක් නොදත් මිනිසාටවඩා ඉත්තාවගේ අවසන් කටයුතුවලට මුල් තැනක් දෙන්න හිතන්න ඇති...මිනිසාමයි. ලොව දෙවියන් වන්නේ...මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. (ස)

:       0       0

ද සිල්වා Friday, 26 June 2015 07:08 AM

කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ මේ ප්‍රාදේශීය දේශපාලකයාගේ ක්‍රියා ගැන මේ මිනිස්සු කොතරම් කලකිරිලද කියල පෙන්නේනේ ඔහු මැරුණත් කමක් නැහැ කියල මගදමා යන්න ඇත්තේ ඔහු ඇත්තටම දුෂිත දේශපාලකයෙක් නිසා වෙන්න ඕනේ. (ස)

:       0       0

සරා Sunday, 28 June 2015 07:11 AM

එයාට ලබන ඡන්දෙදි ඉත්තෑවා ලකුණෙන් ඉල්ලනවානම් දිනන්නත් හැකි වේවි. මොකද මිනිස්සු ඉත්තාවටවත් ඡන්දෙ දේවි (බ)

:       0       0

අප්පුහාමි Monday, 29 June 2015 06:11 AM

අපි ඉත්තෑවට ඉත්තෑවා අපිට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site