(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
රුපියල් එක් ලක්ෂ තිස් දාහක් සොරකම් කොට පැය හතරක් ඇතුළත ඉන් රුපියල් හතළිස් දහසක මුදලක් වියදම්කොට මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත් වූ පුද්ගලයෙකු සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ආපන ශාලාවක දුම්වැටි අලෙවි කරන පුද්ගලයෙකු ළඟ තිබූ රුපියල් එක්ලක්ෂ තිස්දහසක මුදලක් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
එම සොරකම සිදු වෙන ආකාරය සහ මුදල් රැගෙන යන පුද්ගලයා පිළිබඳව ආපනශාලාවේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබී ඇත. එම ආපන ශාලාවේ ඉදිරියේ පිහිටි ලෑල්ලක් මත තිබූ මුදල රැගෙන කලිසමේ සාක්කුවේ දමාගන්නා ආකාරයත් සටහන්ව තිබී ඇත. ඒ අනුව දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඉතා සූක්ෂම ලෙස මෙම මුදල් සොරාගෙන යන පුද්ගලයා පිළිබඳව සැක සිතී ඔහුගේ නිවස පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් ඒ වෙත යවා තිබිණි.
ඒ අවස්ථාව වන විට පැය හතරක කාලයක් ගතවී තිබුණි. නිවසේ සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී 1,30,000ක මුදලින් රුපියල් 40,000ක මුදලක් වියදම් කොට තමන්ගේ මිතුරන්ට මත්කුඩු සාදයක් පැවැත්වූ බවට සැකකරු ප්‍රකාශකොට තිබේ. ඉතිරි මුදල් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පැමිණිලිකරු පොලිසියට ගෙන්වා එම සල්ලි සහ පුද්ගලයා පිළිබඳව තොරතුරු විමසීමේ දී මුදල් සොරාගත් පුද්ගලයා පැමිණිලිකරුට කියා ඇත්තේ තවත් අයෙකුට ආශාවක් හිතෙන සහ හොරකම් කිරීමට හැකිවන පරිදි මුදල් නොතබන්නට වගබලාගත යුතු බවය. දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පොලිසියට ගෙනා හොරා පැමිණිලිකරුට ‘බණ’ කියයි