IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පොලිස් අනුහසින් බළ මාළු මිල බසී

වයඹ පළාතේ උප නගරයක වූ මාළු වෙළෙඳසලකි. උදේ පාන්දර නිසා විශාල පිරිසක් මාළු මිලදී ගැනීමට එක් රැස්ව සිටියහ. මනා පෙනුමැති තරුණයකු ජීප් රථයෙන් බැස ආවේ මාළු මිලදී ගැනීමටය. සේවකයා ඔහුගේ ඉල්ලීම පරිදි බළ මාළු කිලෝවක් කපා දී ”රුපියල් හාරසිය හැටක් ගෙවන්නැ”යි කීවේය. ඔහු මුදල් පසුම්බියෙන් මුදල් අදින අතරේ මුදලාලි සේවකයාට සමීපවී රහසින් කීවේ මේ අලූතින් ළඟ පොලිසියට පත්ව ආ ස්ථානාධිපති බවකි. සේවකයා සිනාසී ”මහත්තය හාරසියයක් ගෙව්වම ඇති” කීවේය. ”ඉතිං රුපියල් හැටක් පාඩුයිනෙ” ස්ථානාධිපති කියත්ම මුදලාලිද කීවේ ”නෑ... නෑ... ඇති” කියාය. එවිට පොලිස් ස්ථානාධිපති මාළු මිලදී ගැනීමට ආ පිරිස දෙස බලා ”ඔය ගොල්ලත් බළ මාළු ගන්නවනම් කිලෝවකට රුපියල් හාරසීයට වඩා ගෙවන්න එපා. පන්සීය නම් රුපියල් දෙසියයි හරිද?” කීවෙන් මුදලාලිට දෙවියන් සිහිවුණාලූ.



අදහස් (0)

පොලිස් අනුහසින් බළ මාළු මිල බසී

නදී Monday, 06 August 2012 06:26 AM

මේකනේ කියන්නේ මිනිසුන් අතර දෙවියන් වගේ අයත් ඉන්නවා කියලා. (ත)

:       0       0

දිසානායක Friday, 03 August 2012 10:07 AM

ඔබේ රාජකාරී කාලය තුලදීත් මෙලෙසම අසර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණයන් පීඩනය‍ට ලක් කරන්නන්ට විරැද්ධව කටයුතු කරන්න.ඔබට සුහ අනාගතයක් පතමි!!!(ස)

:       0       0

ජූඩ් යොහාන් Friday, 03 August 2012 10:14 AM

මුදලාලි ලඟ බාල මාළු කපන පිහිය තිබුණේ නැද්ද? (ත)

:       0       0

ලියනගේ Friday, 03 August 2012 10:22 AM

නියම පොලිස් නිලධාරියෙකුගේ නිවැරදි තීරණයක්. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 03 August 2012 09:34 PM

ගාණ හරි. මොකද, අරන් ගිය මාලු කුණු වෙලා. (නි)

:       0       0

ලාල් Friday, 03 August 2012 10:56 AM

ගොඩක් හොදයි. සුභපැතුම්. (ත)

:       0       0

ප්‍රවීන් Friday, 03 August 2012 11:10 AM

" මනා පෙනුමැති තරුණයකු ජීප් රථයෙන් බැස ආවේ මාළු මිලදී ගැනීමටය." මේ වගේ අය ඉන්වද ඇත්තටම අපේ පොලීසියේ......(ස)

:       0       0

පිනා Friday, 03 August 2012 11:14 AM

පොලීසියේ මෙහෙම අය ඉන්නවා කියලා අහන්නත් සතුටුයි. (ත)

:       0       0

මංඡල බිරුට් Friday, 03 August 2012 11:17 AM

ඒ මහත්තයා පස්සේ ගියානම් අනික් බඩුත් අඩුවට ගන්ඩ තිබුනා. (ත)

:       0       0

හරීන් Monday, 06 August 2012 10:03 AM

ඔන්න ඔහොමනේ ඉන්න ඕනෑ. (නි)

:       0       0

සජී Friday, 03 August 2012 11:33 AM

අනේ පොලීසිය අනුහසින් අනික් බඩුවල මිලත් අඩුවෙනවානම්.

:       0       0

සරත් Friday, 03 August 2012 11:34 AM

ඉතාමත් හොදයි. (ත)

:       0       0

මහී Friday, 03 August 2012 11:48 PM

"ගහන්න තිබුණේ පොල්ලකින් ඔළුවට.." (නි)

:       0       0

නීලා Sunday, 05 August 2012 07:14 AM

දැන් ඉතිං මුදලාලි මාලු ටික නොමිළයේම ගෙදරටම ගෙනත් දේවිනේ. (නි)

:       0       0

බමුණුආරච්චි Saturday, 04 August 2012 07:37 AM

මුදලාලි රුවටිලා.. මෙයා ටෙලිනාට්‍යයක රගපානගමන් ඇවිල්ල තියෙන්නෙ.. නැත්නම් අපේ පොලිසිවල ඉන්නවද මෙහෙම අය..??

:       0       0

බණ්ඩාර Saturday, 04 August 2012 07:38 AM

ඔහු හොද මිනිසෙක්..!!(නු)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 03 August 2012 01:32 PM

මේක ඇත්තටම ලංකාවේ වුණු දෙයක්ද? (නි)

:       0       0

ලාල් -මාලදිවයින Wednesday, 08 August 2012 07:52 AM

පොලිස් නිලධාරියෙකුගේ නිවැරදි තීරණයක් හොද මිනිසෙක් .(වි)

:       0       0

ප්‍රසාද් Saturday, 04 August 2012 08:35 AM

වයඹ පළාතේ මිනිස්සු කොහොමත් හොඳයි. (ත)

:       0       0

ෆාරු Friday, 03 August 2012 01:50 PM

අනේ බොරු...කපපු බල මාළු කිලෝ එකක් රු.700 කටත් වැඩියි....(ස)

:       0       0

නිශාන්ත Wednesday, 08 August 2012 08:25 AM

අනේ බොරු. (නි)

:       0       0

රොහාන් නානායක්කාර Saturday, 04 August 2012 09:31 AM

අපේ අය තමයි පොලීසියට ජරාව කවන්නේ. (ත)

:       0       0

අකිල Saturday, 04 August 2012 09:38 AM

බලාගෙන යනකොට පොලීසියෙ අයත් හොදයිනේ. (ත)

:       0       0

පාලිත අබේරත්න Sunday, 05 August 2012 11:49 AM

සල්ලි දීලා මාළු ගන්න මහත්වරුතෝ පොලීසියේ ඉන්නවා නේද? (ත)

:       0       0

සම්පත් Saturday, 04 August 2012 11:00 AM

මොවන කලත් මට නම් හිතෙන්නේ පොලීසිය චී කියලා තමයි. (ත)

:       0       0

කපිල Tuesday, 07 August 2012 05:07 PM

ලැල්ලට මාළු දෙන්නේ පොලිසියෙන් ද දන්නේ නැහැ (අ)

:       0       0

කපිල Tuesday, 07 August 2012 05:07 PM

ලෑල්ලට මාලු දාන්නෙ පොලිසියෙන්ද දන්නෙ නැහැ...!!!(නු)

:       0       0

ෂෙරීෆ් Friday, 03 August 2012 04:02 PM

ස්ථානාධිපතිතුමා තාම අළුත් නිසයි සල්ලි දීලා මාලු ගත්තේ. පහු වෙද්දී බලන්නකෝ. මාලු වෙ‍ළෙන්දාට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

බන්දුල Sunday, 05 August 2012 07:47 PM

අපි සැමදා විශ්වාස කරන ලංකාදීපය සැමදා බැබළේවා! (නි)

:       0       0

ගාමිණී -කුවේට් Friday, 03 August 2012 04:22 PM

මේ තැනැත්තා පොලීසියෙ වෙන්න බැහැ.මොකද මේ කාලෙ පොලීසියෙ උදවියගෙ ආදායමේ හැටියට ඔය මාළු කිලෝවක්,සහල් කිලෝ 4-5ක්, එලවළු කිලෝ 2-3ක් එහෙම මිළදි ගන්නෙ නැහැ. ජීප් රිය පිරෙන්න අරගන්නවා මිසක්. සමහරවිට විශ්‍රාම ගිය රාළහාමි කෙනෙකුගේ පුතෙක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

සන්ජු Friday, 03 August 2012 04:36 PM

අනේ පව් මුදලාලි..(ස)

:       0       0

නිමල් Friday, 03 August 2012 04:38 PM

මේක නම් ලංකාවේ එකක් වෙන්න බැහැ. මාලු,මස් සල්ලි දීලා ගන්න ‍පොලිසියේ මහත්වරු ඉන්නවද ලංකාවේ? (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 05 August 2012 09:14 PM

මේක හොදයිද? නරකයිද? (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 04 August 2012 04:55 PM

මුදලාලිත් මෝල් ගහක් ගැන හිතලා බලයි වගේ. (නි)

:       0       0

චමින්ද Thursday, 09 August 2012 02:23 PM

ඕඅයිසී මහත්තයා හිංදි චිත්‍රපට එහෙම බලලා ඇති නේද? වැඩිය අනං මනං කරන්න යන්න එපා.. කලිං අය හිටපු විදියට ඉන්න.. නැත්නං අපරාදෙ ප්‍රශ්න ඇති වෙනවා..!!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site