IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පොල් කඩන්නාගෙන් අයිතිකාරයාට අපූරු උපදෙස් මාලාවක්

පොල්කඩන්නකු සොයා ගිය පුද්ගලයකුට අපූරු අත්දැකීමක් ලැබුණි. පොල් ති‍්‍රකෝණයේ පිටිසර ගමකින් වාර්තාවූ එම පුවත මෙසේය. මේ ප‍්‍රදේශයේ පොල් කඩන්නෝ කලකට පෙර බොහෝ වූහ. අදත් රෑට එවැනි පිරිස් සුලබය.  දවල්ට එවැන්නෙකු සොයාගැනීම විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම තරම් දුර්ලභ වූද අමාරු වූද කාර්යයකි. තම ගමේ පොල්කඩන්නෙක් නැත.  අල්ලපු ගමේ නම් එක් අයෙක් සිටී. පොල් ගස් හිමියා දිනක් පෙරවරු දහයට පමණ ඔහු සොයා ගියේය. පොල් කඩන්නා බැහැරව ගොසිනි. සිටියේ ඔහුගේ තරුණ බිරියයි. අමුත්තා දුටු බිරිය ඇයි මහත්තයා හමුවෙන්නද ඇසුවාය. ඔව් පොල්ගස් කීපයක පොල් වේළිලා වැටෙනවා. එහෙමද? ඉන්න කියා ගෙට ගිය ඇය ඇක්සයිස් පොතක් හා පෑනක් ගෙනැත් ඔහුට දුන්නාය. පොතේ මෙසේ ලියා තිබිණි. සෑම මසකම පසළොස්වක පෝ දින හා බදාදා දිනවල අප නිවාඩු බව සලකන්න. ඔබේ නම ලිපිනය හා දුරකථන අංකය  සහ ගෙඩි කැඞීමට  ඇති පොල්ගස් ගණනද මෙහි සටහන් කරන්න. දුරකතන අංකයට රාතී‍්‍ර නමයත් දහයත් අතර අමතමි. ගස් හිමියා පොතේ සඳහන් පරිදි කටයුතු කර ආපසු ආවේය. එදිනම රාතී‍්‍ර නමයෙන් පසු ඇමතුමක් ලැබිණි. ඔබේ පොල් කැඞීමට ඇත්තේ ගස් පහක් බව සඳහන්ව තිබුණා. මම දිනකට පොල් කඩන්නේ  ගස් විස්සක පමණයි. ගහකට ගන්නේ රුපියල් පනහයි. ගමේ ඇවිද තවත් ගස් පහළොවක් සොයා මගේ මේ අංකයට අමතන්න. වහාම පැමිණෙමි. දුරකතනයෙන් එසේ පැවසීය. ඔහු හමුවීමට ගිය පුද්ගලයා ඔහු දුන් උපදෙස් පිළිපැද්දේය. ගෙවත්තේ පොල්ටිකද හොරුන්ගෙන් බේරාගත්තේය.



අදහස් (0)

පොල් කඩන්නාගෙන් අයිතිකාරයාට අපූරු උපදෙස් මාලාවක්

බෙන් ටෙන් Tuesday, 05 June 2012 06:17 PM

පොල් කැඩීම පිළිවෙලකට සිදුකිරීමට ඔහුගේ බිරිදගෙනුත් අනගි සහයක් ලැබෙනවා . මෙවැනි පොල් කඩන්නන් සිටිනතාක්කල් පොල් ගස් හිමියන්ට පොල් කැඩීම ගැන කරදර විය යුතු නැත. මන්ද, ඊලග පොල් මුරයට පොල් කඩනවාදැයි ඔහුම දිනය සටහන් කර මතක් කරන නිසාවෙනි. සහෝදරයාණෙනි ඔබට සුභ අනාගතයක්!

:       0       0

ආරියපාල Wednesday, 06 June 2012 09:52 AM

පට්ට....පට.... පට......

:       0       0

කින් බානට් Tuesday, 05 June 2012 06:46 PM

පොල් කඩන්නගේ නීතියත් හොඳයි එකට පොල් ගස් හිමිකරු දක්වපු ප්‍රතිචාරයත් හොඳයි ... දෙන්නගෙම වැඩේ සාර්ථකව අවසන් වෙලා තියෙනවා ...... පොල් කඩන්න , කොන්ඩෙ කපන්න , කුලීවැඩ කරන්න , මාලු අල්ලන්න , කුඹුරු කොටන්න , ලොන්ඩරි කරන්න , තව මේ වගේ තනියම කරන දේවල් කරන්න පාසලක ඉගෙන ගන්න ඕන නැ.......මේවා ස්වයන් රැකියා පමණක් නෙමෙයි කුඩා ව්‍යාපාර .............ඉහලට ඉගෙන ගත්තේ නැති අයට මේ වැඩ ගැන දැනුම තියෙනවනම් සල්ලි වියදම් කරන්නේ නැතුව පටන් ගන්න පුළුවන් , සල්ලි හොයන්න පුළුවන් බිස්නස් මේවා තමයි .......

:       0       0

කරෝලිස් Thursday, 07 June 2012 08:54 AM

ඒ කොහොමෙයි........?

:       0       0

තිලක් Tuesday, 05 June 2012 07:31 PM

අර බිරිදගෙ අසනීපෙට පොල් ගස් ගිය කෙනාට මේක පෙන්වන්න

:       0       0

සුජාන් Sunday, 10 June 2012 03:33 PM

මේ මනුස්සායා හොදයි,අපේ කඩන කෙනා එන්නෙ එයාට ඔන උන දවසකට. එදාට සමහර විට පොල් නැ වැටිලාම

:       0       0

අලිබබා Tuesday, 05 June 2012 11:39 AM

ඉස්සර පොල්කඩන අයට සැලකීමක් දැක්වුයේ නෑ. නමුත් එයත් එක්තරා දහඩිය මහන්සියෙන් මුදල් සොයන්නාවු හොද රැකියාවක් ඒ වගේම හොද මුදලකුත් උපයාගන්නට පුලුවන්. මේ අයගේ මාසික ආදායම බැලුවොත් රජයේ සේවකයෙක් මාසිකව ලබන්නාවු වැටුපට වඩා ආදායමක් මේ අය ලබනවා. එය හැමෝටම කරන්න බෑ. එයටත් හොද දක්ෂතාවයක් තිබිය යුතුයි. ගසට නැගීම, බැසීම, පැසුන පොල් තෝරා බේරා කැඩීම. මෙවැන්නන්ගේ වටිනාකම දන්නේ පොල්වත්තක් අයිතිකරුවන්ට පමණයි. සමහරක් රටවල්වල පොල් කැඩීමට වදුරන් පවා පුහුණුකර තිබෙනවා. අතීතයේ අඩුකුලේ ලෙස සමාජය සැලකු රැකියාවන් බාබර් (කරනවෑමියා) රෙදිඅපුල්ලන්නා (ලොංඩරි) යන රැකියාවන් තමයි අද කාටවත් කරදරයක් නොමැතිව තම දහඩිය මහන්සියෙන් කිරීමට තිබෙන්නාවු හොදම රැකියා. දැන් මේ අය කියන්නේ ඒ කාලේ ඔබේ, මේ කාලේ අපේ කියලයි.

:       0       0

හේමන්ත Tuesday, 05 June 2012 11:01 AM

නියමයි.. මෙහෙම පිළිවෙලකට සැලැස්මකට කවුරැත් වැඩ කරනවානම් අපේ රට ජපානෙ වගේ දියුණු වෙයි..

:       0       0

මංඡුල බිරුට් Tuesday, 05 June 2012 11:30 AM

ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට ඒක ගෙඩියයි.ඒ 1900 මේ 2000

:       0       0

අමාරිස් Friday, 08 June 2012 03:25 AM

පොල් කඩන අය හුගත් පාර්ලිමේන්තුවට ගිහින් කියන්නේ ඇත්තද?

:       0       0

වසන්ත රත්නායක Tuesday, 05 June 2012 11:32 AM

මමත් ඔය අත්දැකීම වසර ගණනක් සිට මුහුණ පානවා. පොල්ගස් 100 ක් පමණ ඇති මාගේ ඉඩමේ පොල් කැඩිමට waiting list එකේ ඉන්න ඕනෑ. පලමුව සතියකට පමණ පෙර කෝල් කර දිනයක් වෙන්කර ගත යුතුයි.

:       0       0

ෆිරෝ Tuesday, 05 June 2012 12:17 PM

ඒ මනුස්සයා සාධාරණයි.අපේ පැත්තේ ගහට 50කුයි, පොල් ගෙඩි 2කුයි ගන්නවා

:       0       0

පුරවැසි Tuesday, 05 June 2012 12:48 PM

දියුණු මිනිසෙක්. දියුණු වෙන්නනම් ඔයවගේ සැලැස්මක් තියෙන්න ඕන. ඔහුගේ රැකියාවේ අභිමානය ඔහු රැකගෙන ඇත. සුබ පැතුම්.

:       0       0

සකලබුජන් Tuesday, 05 June 2012 09:09 PM

මට නම් දෙලොවම පොල් පේනවා ? ඔහොම යනකොට පොල් ගස් මුල ගෙඩි හැදෙන කාලයක් එයි..ඉවසන්න හදවත‍‍‍‍‍‍‍.......

:       0       0

අසේල Tuesday, 05 June 2012 01:05 PM

පුරවැසියගේ අදහස හරි.ඔහුට මගේ සුභ පැතුම්..

:       0       0

හසි Tuesday, 05 June 2012 12:27 PM

මේ රස්සාවට යොමු වෙන අය ‍හුගක් අඩුයි. මොකද අත පය හයිය තියෙනකම් විතරයි වැඩ.. පොල් සංවර්ධන මණ්ඩලය මැදිහත් වෙලා මේ අයට නොමිලේ රක්ෂනාවරණයක්, ආරක්ෂාකාරී නිසි පුහුණුවක් වගේ පහසුකම් ලබා දෙනවා නම් මේ රස්සාවත් නගා සිටුවන්න බැරි නැහැ..

:       0       0

පෙරේරා Wednesday, 06 June 2012 10:01 PM

උත්සාහවන්තයා ජය ගනී කිව්වේ විකමිම නෙමෙයි......

:       0       0

සංජීව Tuesday, 05 June 2012 01:30 PM

අපේ රටේ විධායක ශේණියේ රැකියා කරන සමහර අයට වඩා මේ මනුෂ්වයාගේ රැකියාව පිළිවෙලක් තියෙනවා.. මෙහෙම වැඩ කරන මිනිස්සු ඉන්නවා නම් මේ රටේ තියෙන පන්ති භේදය නැතිකරල වෙනත් දියුණු රටවල වගේ සැමට සමසේ සළකන්න පුළුවන් වේවි....

:       0       0

සෙරිෆ් Tuesday, 05 June 2012 10:46 PM

පේනව නේද පොල් ටික කඩාගන්න තියෙන අමාරැව.. දැන් හරි ටිකක් කල්පනා කරල ඔය පොල් පොළොවෙ ගහන එක නවත්වමු....

:       0       0

සමීර Tuesday, 05 June 2012 11:51 PM

නියමයි. මේ විදියට පිළිවෙළට, හරියට, ඔක්කොම වැඩ කලොත් අපේ රට වගේ රටක් ලොවේ තවත් නෑ

:       0       0

සමීර Wednesday, 06 June 2012 12:33 AM

නියම මහත්මයෙක්...

:       0       0

රජිත් මංජුල Tuesday, 05 June 2012 02:59 PM

වැඩවසම්ක්‍රමය අහෝසිවීමෙන් පසු සමාජ දියුණුවත් සමග බොහෝ දෙනෙක් පාසල් අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දැක්වූවායින් ඇතිවූ සමාජ විපර්යාසයත් සමග මෙවැනි රැකියාවලන් මදී සමාජයේ පිළිගැනීමක් ඇති රැකියා සදහා යොමුවීමට උනන්දුවක් දැක්වූවා. මෙහි දැනට නිරතවී සිටින සුළු පිරිසට කාය ශක්තිය දුර්වල කාලෙක තමන්ගෙන් පසු පරම්පරාවක් ඉදිරිපත් නොවිම තවත් ගැටළුවක්

:       0       0

Wednesday, 06 June 2012 10:35 PM

මම දන්නවා බිම ඉදල පොල් කඩන විදියක්...

:       0       0

සරත් Wednesday, 06 June 2012 02:36 AM

අපේ රටෙත ශ්‍රමයට හොදට වෙනවානම් ගොඩක් හොදයි.. ගස් නැග පොල් කඩන එක අමාරැ වැඩක්...

:       0       0

අමිල කටුනායක Tuesday, 05 June 2012 03:53 PM

මේ මනුස්සය හොඳයිනේ ඒකටත් එක්ක අර මනුස්සයා.....

:       0       0

වාසල Wednesday, 06 June 2012 03:39 AM

පොල් කඩන්නෙක් ඉන්නවා අපේ ගමෙත්.එයා දවල්ට අයිතිකරුවන් නැති ගස් ටික බලන් ගිහින් රෑට හොරෙන් කඩනවා

:       0       0

නිමා Tuesday, 05 June 2012 05:29 PM

හොඳ ක්‍රමයක් , මම ඉන්ජිනේරුවෙක් වුණේ සත 20 ට (70 දශකයේ ) පොල් ගස් බඩගාල සල්ලි හම්බකරල ඉගෙනගත් නිසයි...

:       0       0

කේ.කේ. Thursday, 07 June 2012 08:59 PM

තමන් කරන රැකියාව ගෞරවාන්විතව කරන ඔහුට මගේ උත්තමාචාරය....දින දින දියුණු වේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 546 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1022 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 979 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 866 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 982 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site