IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පැල් රකින්න යැවූ මුරකරු කුලියත් අරන් පැන ගිහින්

කාර්යබහුල රජයේ සේවකයකු වූ ඔහු අක්කර තුනක කුඹුරක් මේ කන්නයේ වගාකළ අතර ඉන් පසුගියදා ලැබුණේ ඉහළ අස්වැන්නකි. කුඹුරේදී පාගා රැුස්කරගත් බැත සහිත පාවර එහිම තිබියදී රාත‍්‍රී එය ආරක්ෂා කිරීමට ගමේ වැඩිහිටියකුට පැවරුවේ ඒ සඳහා කුලිය ලෙස රුපියල් තුන්සියයක් හා රාත‍්‍රී කෑම පාර්සලයක් ද  දෙමිනි.
කුඹුරේ කුඩා පැලක් හදාගත් මුරකරු වැඬේ බාරගත් අතර රාත‍්‍රියේ මේ ගැන සෙවීමට ගිය කුඹුරේ හිමිකරු දුටුවේ පැලේ කිසිවකු නැති බවත් තම විදුලි එළියට බියෙන් එහි සිටි බල්ලකු පැනගිය බවත්ය.
පසුදා මුරකරුගෙන් මේ ගැන විමසූ විට ‘‘රෑ කෑම කද්දි බල්ලෙක් බුරාගෙන මාව හපාකන්න ආවා. මම බල්ලාට කෑම එක දීලා පණ බේරාගෙන ආවා’’ කීමෙන් කුඹුරු හිමිකරුට තරු පෙනිණි.
‘‘තමුසෙ ඔය ටික කලින් කිව්ව නම් ඔච්චර සල්ලි නොදී මට මස්කටු දෙකකින් මුර වැඬේ කරගන්න තිබුණා.’’ කුඹුරු හිමියා සිනාසෙමින් කීවාලූ.



අදහස් (0)

පැල් රකින්න යැවූ මුරකරු කුලියත් අරන් පැන ගිහින්

තිලක් Thursday, 14 August 2014 04:23 AM

මමත් අලුතෙන් හිටෝපු පොල් පැල ඌරන්ගෙන් පරෙස්සම් කරන්න මාසෙකට පහළොස් දාහක වැටුපකට වයසක මුරකරුවෙක් පත්කලා. එ්ත් පොල් පැල ඌරො කනවා. දවසක් මම රාත්‍රියේ බලන්න ගියා ඒ මනුස්සය කසිප්පු බීල හොඳටම නිදි. (නදී)

:       0       0

කුමාරි Thursday, 14 August 2014 04:58 AM

අපරාදේ නියම මුරකාරයෙක් සිටිද්දිනේ මේ වියදම් කරලා තියෙන්නේ. (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 14 August 2014 11:13 PM

ඉස්සර හිටියා මෙවැනි තැන් වලදී බොහෝ රසවත් කතා ගොතා කියන පහන් කියලා කෙනෙක්. දැන් එයා කොහේ ගිහින්ද මන්දා? (නි)

:       0       0

චන්දි Friday, 15 August 2014 07:58 PM

පහන් මල්ලිට මේ දවස්වල ටිකක් වැඩ වැඩි ඇති. එයා ඉක්මනට අපිට රසවත් කතාවක් ලියයි කියලා හිතනවා. ඉස්සර මෙතන ගොඩක් සතුටු වුණ තැනක් (නි)

:       0       0

පහන්දී Friday, 15 August 2014 08:01 PM

අපරාදෙනේ! මුරකරුවෙක් දැම්මේ. බල්ලව දැම්මා නම් මස් කටු දෙක තුනයි දෙන්න ඕනෑ (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 15 August 2014 08:15 PM

කුමාරි, බල්ලෝ බළල්ලු අඳුරන්නේ නැද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 11:08 AM

කියන්න බැහැ, රෑ ජාමේ මහසෝනාවත් ආවද කවුද දන්නේ ? (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 15 August 2014 08:21 PM

කුඹුර අයිතිකාරයට තමන්ගේ පවුල ගැන පොඩි සැකයක් ඇති. ඒක නිසා කුලීකාරයෙක් අරින්න ඇති (නි)

:       0       0

සමන්ති Friday, 15 August 2014 12:48 AM

ඉස්සර පැල් රැක්කේ කුඹුරේ වැඩ කරනකෙනා. සීපද කියමින්.ආදරවන්තිය හෝ බිරිඳ ගෙදර සිට පැල්කවි අහගෙන ඉන්නවා. දැන්කාලේ ගෙදරත් මුරකරන්න එපායැ (නි)

:       0       0

සමපත් Thursday, 14 August 2014 05:43 AM

ඉස්සර අපේ කොටුව මුර කරන්න බණ්ඩා කියල මනුස්සයෙක් ආවා. මිනිහ රැට අපේ ගෙදරට බ්ලැන්කට් එකක් පොරවන් ඇවිත් හොදට කාල කොටුව මුර කරන්න යනවා. ගිහින් උදේ පාන්දරම මුර කරලා එන ගමන් උදේ තේ එකක් බිලා උදේටත් කාල යනවා. දවසක් මහා වැස්සක් ඇවිත් කොටුවේ පොඩි පැත්තක් හෝදන් ගිහින්, අපි එ්ක අහපුවම මිනිහ කියනවා ඔව් අර අනිත් පැත්ත හෝදන් ගිහින් කියලා. (නදී) බැලින්නම් මිනිහා රැට කෑම කාල ගෙදර ගිහින් නිදාගෙන! උදේ තේ එක බොන්නත් අපේ ගෙදර ඇවිත්

:       0       0

සමන්ති Monday, 18 August 2014 11:44 PM

සමන්ති බැඳලද නැද්ද කියන එක තරිඳුට ප්‍රශ්නයක් වන්නේ ඇයි? (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 06:02 AM

කරන වියදම් දිහා බලනකොට කුඹුරු වලින් ආදායමක් නැහැ.අපරාදේ රු:300/= සහ කෑම පාර්සලය. දිනපතා අඩු මුදලට සුදුවා බාගයක් දුන්නා නම්, කෑම කන්නෙත් නැතුව ගොරව ,ගොරවා පැලේම නීදාගනී. (නි)

:       0       0

සුගුනවති Friday, 15 August 2014 12:03 PM

තරිඳු ළමය කෙනෙක් හොයනවා වගේ පැල් කවි කියන්න (නදී)

:       0       0

සම්පත්-08 Thursday, 14 August 2014 06:25 AM

අපේ මිනිස්සු හැම තැනම් කරන්නේ බොරුව එකනේ අපිට මෙහෙම උනේ වැඩේ බැරි නම් බැහැ කියන්න ඕනේ බාරගන්නවා කියන්නේ නැහැ (දී)

:       0       0

කුමාරි Thursday, 14 August 2014 12:30 PM

බළලා කුඹුරු හිමිකරුගේ හිතවතෙක් වෙන්න ඇති. (නදී)

:       0       0

තිලා Friday, 15 August 2014 05:42 AM

කුමාරිට ටිකක් අප්සෙට් ද? පත්තරේ දුර දක්නෙකින් හරි, අන්වීක්ෂයකින් හරි බලන්න. (නදී)

:       0       0

තරිඳු Friday, 15 August 2014 05:46 AM

සමන්ති ඔයා කසාද බැඳලද? නැත්නම් කෙනෙක්ව හොවනවද? (නදී)

:       0       0

අජිත් Thursday, 14 August 2014 02:40 PM

කුමාරිගේ වයර් මාරු වෙලාද බළලා ගැන කියන්නේ!!! (අ)

:       0       0

සුගුනවති Thursday, 14 August 2014 05:20 PM

දැන් මුරකාරයෙක් වෙනුවට සිකුරිටි මහත්තයෙක් ගත්තානම් හරි. (නි)

:       0       0

සරත් Monday, 18 August 2014 03:45 PM

මම කුඹුරු වැඩ කළ කාලය මතක් උනා. කොයි තරම් රසවද්ද. මිහිරිද, අද ඒ හැම දෙයක්ම අතීත මතකයන් විතරයි. මම කියන්නේ 90 දශකයට පෙර. (ස)

:       0       0

සරත් Monday, 18 August 2014 03:48 PM

පහන්ගේ කතා එකතුව ඕනෙද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site