IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොල් සම්බෝල හැන්දක් කෑ තරුණයාට තරු පෙනිලා

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
කෑගල්ල නගරයේ ආපනශාලාවකදී තරුණයකුගෙන් පොල් සම්බෝල මේස හැන්දකට රුපියල් විස්සක් අය කර ඇතැයි කියන සිද්ධියක් වාර්තා විය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


සිද්ධියට මුහුණ දී ඇතැයි කියන තරුණයා ගම්බද ප්‍රදේශයක පදිංචිකරුවකු වන ඔහු කෑගල්ල නගරයේ ආයතනයක සේවය කරන අයෙකි. එකී තරුණයා කලක සිට කෑගල්ල නගරයේ ආපනශාලාවකින් උදේ කෑම වේල ගන්නා බවත් කෑම වේල සපයන වේටර්වරයාට අන්තිමේදී රුපියල් විස්සක් තිහක් සන්තෝසමක් වශයෙන් දෙන බවත් කියති.


 මෙම තරුණයා පෙරේදා (4) සුපුරුදු පරිදි පෙරවරුවේ අදාළ ආපනශාලාවට ගියේය. සුපුරුදු පරිදි වේටර්වරයා ද පැමිණ තරුණයාගෙන් කන්නේ මොනවාදැයි විමසා තිබුණි. පසුව තරුණයා පාන් ගේන්න යැයි කීය. වේටර්වරයා පාන් බාගයක්, ඉඳිඅප්ප 10ක්, කිරි මාළු කරියක්, පරිප්පු කරියක්, බිත්තර ගෙඩියකට හාල් මැස්සෝ හොදි දමා පීරිසියක් ද ගෙනත් තැබුවේය. වෙනදා වේටර්වරයා පොල් සම්බෝල පීරිසියක් ද තරුණයාට ගෙනත් තබයි. මෙවර එය නොතිබීම සම්බන්ධයෙන් තරුණයා වේටර්වරයාගෙන් විමසීමක් ක⁣ළේය.


“මහත්තයෝ, පොල් මේ දවස්වල ගණන්නේ. ඒ හින්දා පොල් සම්බෝල පීරිසියක මිලත් ඉහළ දමලා. පොල් සම්බෝල පීරිසියක් රුපියල් 60ක් වෙනවා. කැමැති නම් ගෙනත් තියන්නම්” යැයි වේටර්වරයා පැවැසීය.


තරුණයා ඊට කිසිම පිළිතුරක් ලබා නොදී සිටින අවස්ථාවේ දී වේටර්වරයා පොල් සම්බෝල පීරිසියක් මේසය මත ගෙනත් තැබුවේය. තරුණයා පොල් සම්බෝල පීරිසියෙන් මේස හැන්දකටත් අඩු ප්‍රමාණයක් ගෙන පාන් කෑවේය.


“මල්ලී ඔයා පොල් සම්බෝල මේස හැන්දකටත් අඩු ප්‍රමාණයක් ගත්තත් කරන්න දෙයක් නෑ රුපියල් විස්සක් අය කරන්න කියලා බොසා අපට කියලා තියෙනවා” යැයි වේටර්වරයා තරුණයාට පැවැසීය. පසුව වේටර්වරයා තරුණයාට පොල් සම්බෝල මේස හැන්දට රුපියල් 20ක් අයකර බිල හදා ගෙනත් දී ඇති බව වාර්තා විය.

 



අදහස් (4)

පොල් සම්බෝල හැන්දක් කෑ තරුණයාට තරු පෙනිලා

සිරිසේන Tuesday, 06 October 2020 01:21 PM

මෙම සිද්ධිය මටම දැනට මම පදිංචි ස්ථානයේ සිට මීටර් 750 ක දුරින් පිහිටි පේමස් නමක් තියෙන ආපන ශාලාවක කළදෙයක්. මා හමුවට පැමිණි යහළුවන් තිදෙනෙකු සමග මම ඉහත කී ආපන ශාලාවට ගියේ තේ බීමට. ඉතින් මම හවස් වරුවේ නිසා ආප්ප ගෙන්නාගෙන ආප්ප කෑවා. ආප්ප දෙක බැගින් කාලා තේ බීලා බිල ඉල්ලුවාම වේටර් කාන්තාව කැෂියර්ට කියනවා ආප්ප අටයි. හෝටල්වල ගසා කෑම එහෙමයි කියලා හිතාගත් මම එදිනෙන් පසුව කිසිම කඩේකින් තේ බොන්නේ නැහැ..

:       0       10

meththa Wednesday, 07 October 2020 05:05 AM

ඒක ලාබයි නේද.

:       4       1

සාගරිකා Wednesday, 07 October 2020 12:07 PM

මා දන්නා තරමට මුස්ලිම් හෝ දෙමළ කඩවල මේ වගේ වැඩ කරන්නේ නැහැ. මේවා තමා ඒ අයගේ දියුණුවට හේතුව...

:       2       14

sampath Friday, 09 October 2020 11:01 AM

ආපනශාලාවලින් කනකොට බිල වැඩිකරලා දානවා. ඒ වගේම අපිරිසිදු කෑම දෙනවා... බඩපුරවන්නේ නැතිව සල්ලි විතරයි ගන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 305 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 876 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 768 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 612 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 321 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 284 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site