IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පාසල් වේලාවේ ගොයම් කපන්න ගිය විදුහල්පතිට තරු පෙනිලා

දකුණු පළාතේ වියළි කලාපයට ආසන්න ප‍්‍රාථමික විදුහලකි. පාසල අවසන් වීමට ඇත්තේ පැය බාගයකි. ගුරු මණ්ඩලයේ කීප දෙනෙක් සුපුරුදු පරිදි කල්තබා ගෙදර යාමට සූදානම් වූහ. ඒ සමගම පාසලට ආවේ නවීන පන්නයේ මෝටර් රථයකි. නොඅනුමානවම කලින් යන අය ගැන සෙවීමට අධ්‍යාපන බලධාරියකු ආවා යැයි සිතූ ඔවුහු හෙමින් යළි පන්තිකාමරවලට ගියහ. අමුත්තා කාර්යාලයට එත්ම වැඩ ආවරණය කළ ගුරුතුමිය එහි ගියාය. ‘‘කෝ පි‍්‍රන්සිපල්’’ අමුත්තා විමසීය. ”කලාප කාර්යාලයට ගියා. දැන් ඒවි වාඩිවෙන්න’’ කී ඇය කාර්යාලය පිටුපසට ගොස් තම කුඹුරේ ගොයම් කපනවා යැයි කියා ගිය විදුහල්පතිට දුරකථන ඇමතුමක් ගෙන තත්ත්වය කීවාය. මොහොතකින් විදුහල්පති යතුරු පැදියෙන් එහි ආවේ කලබලයේ කමිසයක් හා කලිසමක් ඇඳ ගෙනය. ඒත් කටේ බුලත් හපය එලෙසමය. ‘‘ඇයි සර්’’ ඔහු අමුත්තාගෙන් ඇසීය. ‘‘අපේ ආයම්මගේ දුවගෙ දුව අටේ පන්තියෙ ඉන්නෙ. ඈ එක්කයන්න ආවෙ.” අමුත්තා කී වෙන් විදුහල්පතිගේ හදගැස්ම සාමාන්‍ය මට්ටමට ආවාලූ.



අදහස් (0)

පාසල් වේලාවේ ගොයම් කපන්න ගිය විදුහල්පතිට තරු පෙනිලා

ජයම්පති Thursday, 23 August 2012 01:23 PM

මේ නොදන්නා කමටයි අහන්නේ. 8 පන්තියත් ප්‍රාථමිකයක්ද? (නි)

:       0       0

මුතු Tuesday, 21 August 2012 04:05 PM

ඒ විදුහල්පති බෙන්තර ගගෙන් එහාද? එහෙම නම් ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

සිසිර කුමාර Friday, 17 August 2012 10:25 AM

හිතාගන්න අමාරුයි. මෙවැනි රියක එන කෙනෙකුගේ ළමයෙක් මෙවැනි පාසකල ඉගෙන ගනියිද? (නි)

:       0       0

අනුර Monday, 20 August 2012 11:27 PM

දැන් විශ්ව විද්‍යාලත් ප්‍රාථමික තමයි. (නි)

:       0       0

ටරුල් Tuesday, 21 August 2012 10:01 PM

හොදම වැඩේ..............(දී)

:       0       0

සරත් Friday, 17 August 2012 10:44 AM

රොහාන් කොහෙද ඉන්නේ..අපේ පාසලේ (නුවර) ප්‍රාථමිකයට 8 පන්තිය දක්වා තියෙනවා..(ස)

:       0       0

සන්ජි Friday, 17 August 2012 10:46 AM

ඉතින් මොකෝ..(ස)

:       0       0

ප්‍රවීන් - මැනිලා Friday, 17 August 2012 11:02 AM

ප්‍රාථමික පාසල් වල කොහේද 8 වසරක්? අයියෝ අයියෝ! (නි)

:       0       0

අනුර Friday, 17 August 2012 05:32 PM

දෙයියෝ සාක්කිම තමයි. (නි)

:       0       0

සමන් Friday, 17 August 2012 11:10 AM

රොහාන් ඉන්නේ ලංකාවේ නෙමෙයිද? 11 වසර පන්තිත් තියෙන ප්‍රාථමික පාසල් තියෙනවා. මම හිතන්නේ මෙයා ඉන්නේ කොළඹ 7 වෙන්න ඇති. (නි)

:       0       0

අසංග Monday, 20 August 2012 09:16 AM

මේව ඇත්තටම සිදු නොවිච්ච බව කතාවල තියෙන නොගැලපෙනතැන් දැක්කහම කියන්න පුලුවන්. (අ)

:       0       0

ජානක Saturday, 18 August 2012 11:51 AM

ලංකාවේ අධ්‍යාපනයට මෙහෙම වෙලා තියෙන්නේ මේ වගෙ ගුරුවරු නිසයා. පස්සේ බොරුවට කෑගහල වැඩක් නෑ ළමයි හදන්න කලින් ගුරුවරු ආදර්ශමත්වන්න ඕනේ. නැතිනම් වැදි බණ වෙනවා (අ)

:       0       0

තුෂි Friday, 17 August 2012 12:35 PM

අපො අපෝ අද කාලෙ නොදන්නා අය එක්ක ගැණු ළමයි යවන්නේ නැහැ. ගිහින් අයම්මටම එන්න ලියන්න. (ස)

:       0       0

ගෝපාල් කුමාර Saturday, 18 August 2012 12:24 PM

රොහාන් හරි. ප්‍රාථමික පාසල් වල කොහේද අටේ පන්ති. 8 පන්ති තියෙන ඒවාට කියන්නේ කනිෂ්ඨ පාසල්නේ. මේකේ ඉන්න අනිත් අය පාසල් ගිහින් නැද්ද? (අ)

:       0       0

වරුණ Friday, 17 August 2012 12:44 PM

ආයම්මගේ ළමයි ගන්න කාර්වල එන හාම්පුත්තුත් ඉන්නවද? එතන නම් පොඩි සැකයක් තියෙනවා. (නි)

:       0       0

සරත් Saturday, 18 August 2012 12:56 PM

ගෝපාලුයි,රෝහණයි එන්නකෝ නුවර පැත්තේ. බලාගෙනම යන්න පුළුවන් ඇස් දෙකෙන්ම..(ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Friday, 17 August 2012 12:46 PM

මේකනම් ඇත්ත සිදුවීමක් වෙන්න පුළුවන්... (ස)

:       0       0

දසනායක Tuesday, 21 August 2012 06:13 AM

ප්‍රාථමික පාසල් වල කොයින්ද 8 වසරක්? (නි)

:       0       0

සුරේෂ් Friday, 17 August 2012 09:14 PM

මේ ප්‍රතිචාර දාන සමහරුන් අටේ පන්තියටවත් ගිහිල්ලා නැහැ වගේ. 1-5 පන්ති තියෙන්නේ ප්‍රාථමික වල. 1-11 වෙනකල් පන්ති තියෙන්නේ කණිෂ්ඨ විදුහල් වල. (නි)

:       0       0

නුවන් Sunday, 19 August 2012 11:31 AM

අනේ අනේ! මෙහෙමත් විදුහල්පතිලා හැබෑටම? (නි)

:       0       0

තෙවුනි Friday, 17 August 2012 02:03 PM

අනේ මන්දා, මේවා ඇත්තද බොරුද කියලා හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 17 August 2012 09:58 PM

මඩ සෝදාගත් කල ගොවියා රජ කමටද සුදුසුය...(ස)

:       0       0

Ishan Keerthimal Saturday, 18 August 2012 04:11 PM

හාමදාම ගොයම් කපන්න යන්නෙ නැහැ..කළට වේලාවට වැඩ නොකලොත් ගොයම ඉවරයි.. මේ උතුම් වැඩේට කලින් අවසර ගත යුතුයි.. ඒවාට අවසර දිය යුතුයි.. බොරුවට විනය ගැන කියලා කෑගහන එක වැරදියි..!(නු)

:       0       0

නසාර් Saturday, 18 August 2012 04:44 PM

මේ කට්ටිය ඡන්දෙ ඉල්ලන්න හොදයි..!!(නු)

:       0       0

චානූ Tuesday, 21 August 2012 09:12 AM

ඒක ඇත්ත .ප්‍රාථමික පාසල් වලට කොහෙද අටේ පන්තිය....(ස)

:       0       0

සෝමදාස Friday, 17 August 2012 02:29 PM

කාර් එකේ ආවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Friday, 17 August 2012 02:51 PM

විදුහල්පති කුඹුරේ. ගුරුවරු ගෙදර. ළමයින්ට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

කීර්ති Friday, 17 August 2012 02:54 PM

පැය භාගයක් තුළ මේ දේවල් සේරම වුණාද? කුඹුර අල්ල්‍පු වැටේද? (නි)

:       0       0

අනුර ශාන්ත Tuesday, 21 August 2012 10:02 AM

මේ වගේ දානඑක අපරාදෙ...!!(නු)

:       0       0

ප්‍රසන්න Monday, 20 August 2012 01:13 AM

ගෝපාලුයි,රෝහණයි හරි. මම හිතන්නේ සරත් වැරදියි. දාන්න බලන්න දැන් ප්‍රතිචාර. (නි)

:       0       0

කමලන්ජන Tuesday, 21 August 2012 10:26 AM

මෙයා ගුරුවරයෙක්නෙ.. දැං ඉන්න ගුරුවරුත් ළමයි වගේ...!!(නු)

:       0       0

රොහාන් Friday, 17 August 2012 09:35 AM

ප්‍රාථමික පාසලේ කොහෙද 8 පන්ති?? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site