IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බැංකු ණය ගෙවන්න සැමියා දුන් මුදල් බිරිය යටි මඩි ගසා ඉඩමත් අහිමි වෙයි

බැංකු ණය ගෙවීමට සැමියා මාසිකව දුන් මුදල් පස් වසරක් තිස්සේ යටිමඩි ගැසූ බිරියක නිසා දේපළ ඉඩකඩම් වෙන්දේසියේ විකිණීමට යාමේ පුවතක් මීරිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සැමියා හමුදාවේය. පුලස්තිපුර පැත්තේ තරුණියක සමග ඔහු විවාහ වූයේ කලකට පෙරය. පියාගේ නිවසේ දෙදෙනා පදිංචි වූවත් දරුවා ලද පසු වෙනම නිවසක් අවශ්‍ය බව බිරිය නිතර සැමියාට කීවාය. සැමියා ණය මුදලක් ලබා ගන්නට සමුපකාරයේ පිහිට පැතීය. ඉඩමේ අයිතිය තමන්ට නැති කමින් ණය ගැනීමේ අදහස පසුවට කල් තැබූවත් පියා ඉඩම පරවා දුන්නේය. අනතුරුව ඉඩම ඇපයට තබා ගත් ණය මුදලින් නව නිවස හැදීම ඇරැඹිණි. නිවස ටිකෙන් ටික ඉදිවෙද්දී සැමියා මාසිකව බිරිය අත මුදල් තැබූයේ ණය වාරිකය ගෙවන්නටය. පසුගිය දිනක සැමියාගේ පියා හමුවීමට ගියේ වෙනත් අවශ්‍යතාවකටය. පුතාගේ ණය මුදලේ ගෙවා ඇත්තේ වාරික හයක් පමණක් බවත් පස් වසරකින් ශතයක්වත් ගෙවා නැති බවත් එහිදී ඔහුට දැනගන්නට ලැබිණ. ඉඩම වෙන්දේසියට සූදානම් බව දැනගත් පියා එය නවතන ලෙස ඉල්ලා ගෙදර ගොස් මේ ගැන පරීක්‍ෂා කළේය. බැංකු පොතේ නිසි පරිදි ගෙවූ මුදල් සටහන්ව ඇති බව ලේලිය කීවාය. ඇය මාමණ්ඩියට පොත පෙරළා පෙන්නුවාය. මේ ගැන බලන්නට සමුපකාරයට යමුයි කී ඇය දරුවා පාසලට රැගෙන ගියාය. ලේලිය එනතුරු බලා සිටියත් ඇය නාවේය. පියා මේ ගැන පුතුටද දන්වා පොලිසියේ පැමිණිල්ලක් සටහන් කළේය. බැංකු පොතේ සටහන් තබා ඇත්තේ ලේලිය විසින්ම බවද හෙළිවිය. දින ගණනක් ගත වූවත් ලේලිය ගැන තොරතුරක් නැත. ඇය අසල්වැසියන්ගෙන්ද මුදල් ණයට ගෙන ඇති බව ආරංචි වූයේ මේ අතරය. රැකියාවේ නිරත පුතු එනතුරු මුණුපුරා බලාගනිමින් පියා දැන් කල් ගත කරන්නේ මුදල් ගෙවා ඉඩම නිදහස් කරගන්නා ආකාරයක් කල්පනා කරමිනි.



අදහස් (0)

බැංකු ණය ගෙවන්න සැමියා දුන් මුදල් බිරිය යටි මඩි ගසා ඉඩමත් අහිමි වෙයි

වසන්ත Tuesday, 25 September 2012 01:59 PM

තමන් විවාහ වෙන්න ඕන මොන වගේ පවුල් පසුබිමක් තියෙන කෙනෙක්ද සහ මොනවගේ කාන්තාවක්ද එයාගේ ගතිගුණ මොනවාද යැයි පරීක්ෂාකාරී වෙනවානම් පිරිමින් මේ තරම් අමාරුවෙ වැටෙන්නේ නැහැ..!(නු)

:       0       0

සරත් Tuesday, 25 September 2012 02:06 PM

අවුරුදු පහක් යනකම් බැංකුව ඉවසුව එකත් පුදුමයි.!(නු)

:       0       0

සජී Tuesday, 25 September 2012 02:04 PM

මේවට කියන්න වචන නෑ (ස)

:       0       0

සුනිල් පෙරේරා Wednesday, 26 September 2012 02:41 AM

මේකෙ වරද බැංකුවෙ.. වාරික තුනකට වඩා වැඩියෙන් නොගෙව්වනම් වහා ක්‍රියාත්මක ‍විය යුතුයි..! නීති සංශෝධනය කළ යුතුයි...!(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Tuesday, 25 September 2012 02:34 PM

බිරිද කලින් බැංකුවක වැඩ කරලා ඇති..ඒකයි බැංකුපොතේ සටහන් කරලා ඇත්තේ..!(නු)

:       0       0

ඉෂාන් Wednesday, 26 September 2012 02:44 PM

හා හා මේකට බැංකුවත් හවුල්‍‍ ඇති ඒකනේ අවුරුදු 05 ක් ගියේ..(ස)

:       0       0

වරුණ Tuesday, 25 September 2012 03:08 PM

ලේලිය තම අනියම් සැමියා සමග පැන ගොස් ඇතැයි කියා කතාව හමාර කරමු..(ස)

:       0       0

ලලිත් Friday, 28 September 2012 03:18 AM

ඕකම මටත් වෙන්න ගිහින් අනූනමයෙන් බේරුණේ. (නි)

:       0       0

රන්දික Thursday, 27 September 2012 11:32 AM

අනේ මෙහෙමත් ගැහැණු..!(නු)

:       0       0

හේමන්ත Wednesday, 26 September 2012 08:33 AM

හොද වැඩේ

:       0       0

කුරුවිට Tuesday, 25 September 2012 06:49 PM

අර මේජර්ගෙ ගොලයෙක් වෙන්න ඇතඅි මෙයාගේ බිරිදටත් මතක නැතිලු..!(නු)

:       0       0

කුමාරි Wednesday, 26 September 2012 08:46 AM

පවු මේ පිරිමියා. (නි)

:       0       0

ලලිත් Tuesday, 25 September 2012 08:10 PM

හොද වැඩේ

:       0       0

හිලන්ක Tuesday, 25 September 2012 08:09 PM

මේ කාන්තාවව කොටියා කන්න එපැයි. (නි)

:       0       0

දයා සෞදි Tuesday, 25 September 2012 01:08 PM

අම්මණ්ඩි වෙන කෙනෙක් එක්ක ගිහං වගේ...!(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 September 2012 09:54 PM

ඇති වෙනනත් නැති වෙන්නත් හේතුව ගැහැණුම තමයි..!(නු)

:       0       0

පිටිගල නන්දන Tuesday, 25 September 2012 09:52 PM

ඉතාලියෙ ඉන්න වෙන්නප්පුවෙ සමහර අය ලංකාවෙ නම කැත කරනවා...!

:       0       0

මොහොමඩ් - බේරැවල Tuesday, 25 September 2012 01:22 PM

හැමදේම වෙන්නෙ පිරිමින්ටයි. පිරිමි කරන වැඩ දැන් ගැහැණු හරි හරියටම කරනවා. ඒකනේ ඒගොල්ලෝ සම අයිතිවාසිකම් ඉල්ලන්නේ.... මේවගේ ගැහැණුන්ට දෙවියන්ම දඩුවම් දිය යුතුයි. අන්තිමට ඉතිරි කරපු සල්ලිත් නෑ, ගෑණිත් නෑ මේවා මහපොලවවත් නුහුලන අපරාධ...(ස)

:       0       0

සන්ජි Tuesday, 25 September 2012 01:28 PM

කතාව හොදයි..!(නු)

:       0       0

රාජා Tuesday, 25 September 2012 01:35 PM

හැට හතරෙන් එකක් දාලා වගේ..!(නු)

:       0       0

සංජිව Tuesday, 25 September 2012 04:18 PM

ගැනු ඔහොම මතම්යි

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 04:29 PM

වංචාවක් කරලා කවදාවත් සැනසීමෙන් ඉන්න බෑ...(ස)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 10:27 PM

හොද වෙලාවට ජපානයේ සමූපාකාර නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site