IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බෑග් මාරු වී නීතිඥයාට තරු පෙනිලා

තමාගේ කාර්යාලයීය බෑගය යයි සිතා සිය නීතිඥ මිතුරාගේ බෑගය රැගෙන ගොස් අලි ජංජාලයක්වූ පුවතක් ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ.


ඔවුහු හොඳ යහළුවෝය. කොළඹ වැඩකරන ඔහු එදා රාත‍්‍රියේ සිය නීතිඥ මිතුරා හමුවීමට ගියේ ඔහුගේ නිවසටය. හේ සිය කාර්යාල බෑගයද එහි ගෙන ගියේය. නීතිඥ මිතුරාගේ නිවසට ගිය ඔහු තම බෑගය ඔහුගේ සාලයේ පුටුවක තබා මිතුරාගේ නිවසේ කාර්යාල කාමරයට ගියේ මිතුරාගේ කැඳවීමකට අනුවය.


ඒ වන විටත් නීතිඥ මිතුරා පසුදින උසාවියේ විභාගවෙමින් පවතින නඩු කිහිපයකට අවශ්‍ය ලිපිගොනු සිය බෑගයේ දමා සකස් කොට කාර්යාල මේසය මත තබා තිබුණේය. මිතුරා පැමිණීමත් සමගම සියලූ වැඩකටයුතු පසෙක දමා නීතිඥ මිතුරා ඔහු සමග හරි හරියට කතාවට වැටුණේය. ඒ ඔවුන් දෙදෙනා කාලයකින් හමුනොවූ නිසාය. මේ දෙදෙනාටම තිබුණේ එකම වර්ගයේ බෑග් දෙකකි. ඒ කාලයකට ඉහතදී ඔවුන් දෙදෙනා එකම වෙළෙඳසලකින් ගත් බෑග් දෙකකි.


රාත‍්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවීයමින් තිබුණේය. මම දැන් ගෙදර යන්නම් කියා ඔහු වාඩිවී සිටි පුටුවෙන් නැගිට්ටේ තමාගේ කාර්යාල බෑගය යයි සිතා මේසය මත තිබූ නීතිඥ මිතුරාගේ බෑගයද අතට ගනිමින්ය. නීතිඥ මිතුරාටත් මෙය තමාගේ බෑගය යයි අමතකවූ නිසා ඔහු මේ බෑගය රැගෙන සිය නිවසට ගියේය.


පසුදා උදෑසනින්ම අවදිවූ නීතිඥ මිතුරා තමා බෑගයේ දමා තිබූ එදින විභාගවෙමින් පවතින නඩු කිහිපයක ලිපිගොනු පරීක්ෂා කිරීමට සිය කාර්යාල කාමරයට ගියේය. පෙරදින රාත‍්‍රියේ තමා දමා තිබූ ලිපිගොනු සහිත බෑගය කාර්යාලයේ නොතිබෙනු දුටු ඔහු හොඳ හැටි බියවිය. සොයා බැලීමේදී තමාගේ බෑගයට සමාන බෑගයක් සිය නිවසේ සාලයේ තිබෙනු දුටු නීතිඥ මිතුරාට සිදුවූ දේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. තමාගේ බෑගය සිය මිතුරා වැරදී ගෙන ගොස් ඇති බව ඒත්තු ගිය ඔහු මිතුරාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේ වැරැද්ද නිවැරදි කර ගැනීමටය.


ඒ වන විටත් මිතුරා එම බෑගයත් රැුගෙන රාජකාරිය සඳහා සිය නිවසින් කොළඹ බලා යාමට පිටත්වී තිබුණි. කෙසේ හෝ මේ බෑග් පටලැවිල්ල බේරා ගැනීමට එදින ඔහුට වරුවක් නිවාඩු දැමීමට සිදුවුවද සිය මිතුරාට උසාවි යාමට ඔන්න මෙන්න කියා තිබියදී බෑගය ගෙනත් දීමට තරම් ඔහු කඩිසර නොවුණි නම් තත්ත්වය මීට වඩා නරක අතට හැරෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබුණි.



අදහස් (0)

බෑග් මාරු වී නීතිඥයාට තරු පෙනිලා

ලලිත් Friday, 23 October 2015 06:32 AM

ඉෂාම් බෑග් එක නොලැබුනානම් එක්කො නඩු පරාදයි . ඒකකෝ වෙන දිනයකට කල් ගන්නවා. ඔය මොනදේ වුනත් නිතිඥ ගාස්තුව කෙහොමත් ගන්නවා. නිතිඥයා කොහොමත් දිනුම්. (බ)

:       0       0

සපුමල් Friday, 23 October 2015 06:38 AM

කිසිම සැළකිල්ලක් නැති නීතිඥයෙක්. නැත්නම් කලින් දවසෙ රෑ ඊළඟ දවසෙ තියෙන නඩු ගැන බලලා සූදානම්වෙලා යන්න එපැයි. මෙයා නම් උදාර කියනවා වගේ නඩු කල්දාන එක්කෙනෙක්. ඒකයි උදේ වෙනකම් බලලාවත් නැත්තේ. මෙයාගේ සේවාදායකයන්ට දෙවි පිහිටයි. ජීවිත කාලෙම ඇදි ඇදී තමයි තියෙන්නේ නඩු. (නි)

:       0       0

උදාර Thursday, 22 October 2015 10:47 PM

නඩු කල්දාන නිතිඥයෙක් නම් ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. කැපවීමෙන් නඩු කතාකරන කෙනෙක් නම් ප්‍රශ්නයක් තමයි. (නි)

:       0       0

මලිති Thursday, 22 October 2015 10:59 PM

මම කැමතිම ජයන්තගේ අදහසට (නි)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 23 October 2015 12:16 AM

ඕක තමයි කියන්නේ අඹ යාලුවෝ දෙන්නෙක් හමුවුණාම අනිත් හැමදේම අමතක වෙනවා කියලා. (නි)

:       0       0

රකිත් Friday, 23 October 2015 12:44 AM

ඒකත් නියම වැඩේ තමයි (නි)

:       0       0

සුනිල් Thursday, 22 October 2015 10:24 AM

මටත් ඕක වෙලා තියනවා. මාරු වෙලා අනුන්ගේ ඇදුම් බැග්. හෝදන්න ගත්දී තමයි දන්නේ මගේ ඇදුම් නෙමෙයි කියලා. ඉතින් ආපහු තිබුන තැනින් තියලා තියනවා. (ර)

:       0       0

චමිලා Friday, 23 October 2015 03:05 PM

ජෙනී, අගය කල යුතු අයව අගය කිරීම ඉතාම හොද ගුණයක් කියල මම හිතන්නේ . ලංකාවේ මිනිස්සුන්ට දන්නේ නැති දෙයක් තමා "ස්තුතියි , සමාවෙන්න " කියන වචන දෙක . මම හිතන්නේ ලක්ෂී කලේ හොද දෙයක් (රේ)

:       0       0

ජයනාත් Friday, 23 October 2015 01:36 AM

උදාර, ගොඩාක් හිතන්න ඕනෑ විෂයක් ඔයා පෙන්වා දුන්නේ (නි)

:       0       0

ජෙනී Friday, 23 October 2015 02:05 AM

එක්තරා බැංකුවකින් ළමා ගිණුම් හිමි ගනුදෙනුකරුවන්ට තෑගී වශයෙන් පාසල් බෑග් ලබා දීලා. අපේ අල්ලපු ගෙදර දරුවාටත් ලැබිලා. එයා මේ ළඟදි දවසක් වැරදීමකින් මාරුවෙලා , ගෙදර ගෙනවිත් තියෙන්නේ පන්තියේ වෙනත් දරුවෙකුගේ අර විදියේම බෑග් එකක්. (නි)

:       0       0

දුල්මි Thursday, 22 October 2015 11:07 AM

මගේ මිතුරියක සති අන්තයේ ගමේ යනවිට නගරාන්තර බස් රියක ආසන වලට උඩින් තිබෙන රැක් එකේ ඇඳුම් බෑග් එක තියලා. ගෙදර ගිහින් ඇරලා බලන විට කමිස සරම් ගඳ ගහන කිලිටි ඇඳුම් තුවා ආදිය පිරි ගමන් මල්ලකට ඇගේ බෑග් එක මාරු වෙලා බව පෙනිලා. හොඳ වෙලාවට ඇගේ ඇඳුම් මල්ලේ තිබුන නොම්මර ලියු දින පොතක තිබුන දුරකථන නොම්මරයක් ඔස්සේ ගොසින් අර අනිත් බෑග් අයිතිකාරයා කොහොම හරි ඇයව සොයාගෙන. වසර 4 කට පෙර සිදුවූ මේ බෑග් හුවමාරුව අන්තිමට කෙලවර වුනේ ඔන්න ගිය මාසයේ පැවති විවාහ මංගල්‍යයකින්. (ර)

:       0       0

ලක්ෂි-පැරිස් Friday, 23 October 2015 03:02 AM

ජයනාත්ට හොද අදහස් තියෙනවානෙ.මේ විදිහට ලියන්න දිගටම.වෙන අය කරපු කියපු දේවල් නැතුව.පාඨක සභාවෙ අයටත් කියන්න ඕන, කෙනෙකුට ලියන්න එපා කරවන්න එපා..එහෙම වුනොත් හොද අදහස් කියවන එක අපිට නැති වෙනවා (ම)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 October 2015 11:48 AM

වාසනාවට බැග් මාරු වුනේ ! (බ)

:       0       0

ජෙනී Friday, 23 October 2015 03:33 AM

ලක්ෂී, දැන් ඔයත් වෙන උදවිය ලියපු ප්‍රතිචාර ගැන මිසක් ඔයාගේ අදහසක් ලියලා නැහැනේ. (නි)

:       0       0

සමන්ති Thursday, 22 October 2015 12:19 PM

සමහර සංවිධාන තියෙනවා රැස්වීම අවසානයේ වාහන යතුරු කැරලි මාරුකරගන්න (අ)

:       0       0

ලක්ෂි-පැරිස් Friday, 23 October 2015 03:59 AM

ජෙනී, මගේ අදහස තමයි කිව්වේ, කෙනෙක් තමන්ගෙ වැරදි හදාගෙන හොද දේවල් කරනවා නම් අපි එයාව අගය කර උනන්දු කරන්න ඕනෑ.කකුලෙන් අදින්නේ නැතුව.එකයි මගේ මතය (ත)

:       0       0

අජිත් Thursday, 22 October 2015 12:32 PM

මටත් ඔය වගේ වැඩක් වුනා එක දවසක් නිවාඩු යන දවසක. පස්සේ බොහොම අමාරුවෙන් දුරකථන ඇමතුම සොයාගෙන වැඩේ නිවැරදි කරගත්ත. හොද වෙලාවට සියලුම දේවල් තිබුන එ් මනුස්සය බොහොම හොද කෙනෙක් නිසා. (බ)

:       0       0

දිලූ Thursday, 22 October 2015 12:44 PM

අපේ ආච්චි 1990 ගනන් වල දඹදිව ගිහින් එද්දි, මස්කට්, බූන්දි ඇතුලු ඉන්දියන් කැවිලි බෑගයකට ආච්චිගෙ ඇදුම් බෑගය මාරු වෙලා... අපිට තමයි පල්ලම උනේ. (ර)

:       0       0

සරත් Thursday, 22 October 2015 06:20 AM

උදේට කෑම එක දානකොට නොපෙනුනා කියන්නේ පුදුමයිනේ. (ර)

:       0       0

ජයනාත් Thursday, 22 October 2015 06:26 AM

අපේ ගමෙත් ඉන්නවා නීතිඥ තාත්තයි දුවයි..ගෙදර කාර්යාලය දෙන්නගෙම එකයි.මෙ දෙන්නටත් ඕක වෙනවා..තාත්තා ගමේ උසාවියෙත් දුව නගරේ උසාවියෙත් වැඩ කරන්නෙ..තාත්තා බලනවලු දුවගෙ ලිපි ගොනුත් එක්ක මාරු වුණ දවසට, මම කවදද මේ නඩුව බාර ගත්තේ, මට මතක නෑනේ මෙහෙම නඩුවක් ගැන කියලා, කතා කරනවලු සේවාදායකයාට, එතකොට තමයිලු මතක් වෙන්නේ මේ දුවගෙ ලිපි ගොනුවක් මාරු වෙලා කියල.(ම)

:       0       0

චන්දි Thursday, 22 October 2015 01:11 PM

නඩු වෙලාවට කලින් ලිපිගොනු ටික ලැබුණා නම් ඉතින් අවුලක් නැහැනේ (නි)

:       0       0

කුමාර Thursday, 22 October 2015 01:29 PM

දිලූලට වගේ 'චාන්ස්' හැමෝටම ලැබෙන්නේ නැහැනේ (නි)

:       0       0

අජිත් Sunday, 25 October 2015 02:41 PM

ෂාහ්! මේ නියමෙට අදහස් දාල තියෙන්නේ කට්ටියම. ඔන්න ඔහොම ලිද ලග සංගමේ නැතිව ගියා නම් හරිනේ.(අ)

:       0       0

දල්පදාදු Sunday, 25 October 2015 03:05 PM

වැස්සක් වහැලා පෑව්වා වාගෙයි.(හේ)

:       0       0

සරත් Friday, 23 October 2015 08:54 PM

ජයන්තගේ කතාව මම අහලා තිබුනේ දොස්තරට බොරුකළොත් අඩි 6ක් යට, ප්‍රොක්ටර්ට බොරුකළොත් අඩි 6ක් උඩ කියලා. (නි)

:       0       0

කුමාර Thursday, 22 October 2015 02:02 PM

ඇති ඔයින් බේරුනා (නි)

:       0       0

ජයලත් Thursday, 22 October 2015 02:23 PM

යාළුවා හොඳ නිසා හොඳයි. ප්‍රමාදවුණා නම් මොකද වෙන්නේ? (නි)

:       0       0

ජයනාත් Thursday, 22 October 2015 02:44 PM

ප්‍රමාද වුනා නම්, සමහර විට අහිංසකයෙක් අඩි 6ක් උඩ යන්න හරි අපරාධකරුවෙකු අඩි 6න් බේරෙන්න හරි තිබුනා..(බ)

:       0       0

වජිරපාල Saturday, 24 October 2015 01:19 AM

යාළුවා අවංකව කටයුතු කළ නිසා හොඳින් ගියා (නි)

:       0       0

ජයනාත් Thursday, 22 October 2015 03:17 PM

දොස්තරට වැරදුනොත් අඩි 6ක් යට, නීතිඥයට වැරදුනොත් අඩි 6ක් උඩ..කියල කියමනක් තියෙන්නේ මේ වෘත්තින් දෙකම වගකීම් වැඩි රැකියාවන් නිසා.ඒ හින්ද මේ පුවතත් සුළුවෙන් තකන්න බැහැ.මහ ජන්ජාලයක් වෙන්න තිබුනා ඇත්තටම(රේ)

:       0       0

ඔෂාන් Friday, 23 October 2015 05:23 AM

හොඳ යාළුවෙක් (නි)

:       0       0

දිලිප් Thursday, 22 October 2015 07:31 AM

ඔය කතාකරන මහත්වතුරු හොයලා බැලුවොත්, කොයිතරම් කැපවීමක් කරනවද කියලා. (ර)

:       0       0

අමල් Thursday, 22 October 2015 07:30 AM

සමහරවිට මටත් බැග් මාරුවෙලා තියෙනවා. (ර)

:       0       0

පිටබැද්දර රජා Thursday, 22 October 2015 03:44 PM

වෙලාවකට එපා වෙනවා අදහස් දක්වන්න (බ)

:       0       0

චන්දි සෝයර් Thursday, 22 October 2015 04:12 PM

ඔෆිස් කාමරේ තිබුන යාලුවගේ බෑග් එක, නොහිතම ගත්තා කියල හිතන්න අමාරුයි නේ. (බ)

:       0       0

නිල්මිණි Saturday, 24 October 2015 02:55 AM

ඒවගේම තමයි චමිලා අනෙකුත් පාඨකයන් ලියන්න ඕන තමන්ගේ හිතට අල්ලන විදියට යන පටු ආකල්පයෙන් මිදීම. ඒ අතින් නම් මට ලක්ෂිට හොඳයි කියන්න බැහැ. (බ)

:       0       0

අභයවංශ Friday, 23 October 2015 05:42 AM

මොනවා වුණත් හරිම හිත හොඳ යාළුවෙක් (නි)

:       0       0

ජනක Saturday, 24 October 2015 03:05 AM

චමිලා මට පැහැදිලි නැහැ ඔයා ලියලා තිබෙන එක දෙයක්. දැන් කාටද මෙතැන ඔය වචන දෙක සම්බන්ධ සිරිත් විරිත් අමතක වුනේ ? නැතිනම් මොකද්ද එකේ මේ පුවතට තිබෙන අදාලකම ? (බ)

:       0       0

දුමින්ද Thursday, 22 October 2015 08:03 AM

පණ තිබෙන වස්තූන් මාරු නොකළ බලාගත යුතුය (බ)

:       0       0

ඉෂාම් Friday, 23 October 2015 06:14 AM

හදිසියේවත් වෙලාවට දෙන්න බැරිවුණා නම් එහෙම නඩු ටික ඔක්කොම පරාදවෙයි (නි)

:       0       0

ඇනිමස් Friday, 23 October 2015 06:24 AM

අර නීතිඥයාගේ බෑග් එක අරගෙන ගිය යාලුව මොකටද වරුවක් නිවාඩු ගන්න ඕනේ, (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 301 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 876 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 768 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 612 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 321 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 284 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site