IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බඩුවල හැඩබලද්දී දෙදාහකුත් අරන් වෙළෙන්දා පිම්මේ දුවලා

(උණවටුන - ඩී.ජී. සුගතපාල)
ඇය මැදි වයසේ පසුවන කාන්තාවකි. ළඟම ඥාතියෙකුගේ මංගල උත්සවයකට යායුතුව තිබිණි. උත්සවය පැවැත්වෙන්නේද තරු පංතියේ හෝටලයක නිසා ඇඳුම් පැළදුම් මෙන්ම රන් ආභරණ ද අනෙක් අයට වඩා කැපී පෙනෙන අයුරින් පැළඳ යාමට ඇයට අවශ්‍ය වූවාය. එහෙත් අවාසනාවට මෙන් ඇයගේ රන් ආභරණ සියල්ල බැංකුවේ සේප්පුවේය. ගෙදර ඇත්තේ ඒවායේ රිසිට් පත් පමණි.


එනිසා මංගල උත්සවයට පෙර දිනයේ ඇය නගරයට ආවේ ඉමිටේෂන් රන් ආභරණ මිලදී ගැනීමට සිතාය. පදික වේදිකාවේ ඇවිද යනවිට එක් පුද්ගලයෙකු කුඩා පෙට්ටියක් මත තබාගෙන මාල වළලු කූරු හවඩි ඇතුළු විවිධ මාදිලියේ කාන්තාවන් පළඳින  ආභරණ විකුණමින් සිටියේය. ඔහු නිතරම හතර වටේ බලමින් කිසියම් සැකයකින් සිටියත් ඒ බවක් ඇයට වැටහුණේ නැත.


ඇය නතරවී බැලුවාය. ඇයට අවශ්‍ය දේ එහි තිබිණි. වළලු හතරක් අතටගත් ඇය එහි මිල විමසුවාය. “කීයද මේ වළලු හතර”
“නෝනා ඕකෙ පාට වෙනස් වෙන්නේ නැහැ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් තුන්සිය පනහක් දෙන්න” වෙළෙන්දා කීවේය.
වළලු හතර ඇයගේ සිත් ගත් නිසා රුපියල් දෙදහසේ නෝට්ටුවක් වෙළෙන්දා අත තැබූ ඇය ඒවා අතේ පැළඳ හැඩ බලන්නට වූවාය. ඒ සමගම වෙළෙන්දා පෙට්ටිය මත තිබූ ආභරණ සියල්ල පොදි ගසාගෙන වේගයෙන් දුවන්නට විය.බලාපොරොත්තු නොවූ දෙයින් කලබලයට පත් ඇය ද ඔහු පසුපස දුවන්නට වූවාය. එහෙත් ඔහු පසුපස හඹා යාමට ඇයගේ ධාවන වේගය ප්‍රමාණවත් නොවීය. 


ඒ සමගම ඇය ළඟ නතර වූයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකි. ඇය හැඬූ කඳුළින් සිද්ධිය  කීවාය.


“නෝනා මේ පේව්මන්ට් එකේ වෙළඳාම තහනම්. එහෙම වෙළඳාම් කරන අය අල්ලලා නඩු දානවා. ඒක තමයි ඔය මනුස්සය දිව්වේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ”


ලැජ්ජාවටත් කනගාටුවටත් පත් ඇය සිදු වූ පාඩුව විඳ දරාගෙන මංගල උත්සවයට සහභාගිවුවද සිද්ධිය කිසිවෙකුටත් කීවේ නැත. එසේ නොකීවේ පැළඳ සිටින්නේ ව්‍යාජ රන් ආභරණ බව අනෙක් අය දැනගන්නා නිසාය.

 



අදහස් (1)

බඩුවල හැඩබලද්දී දෙදාහකුත් අරන් වෙළෙන්දා පිම්මේ දුවලා

sampath Friday, 17 August 2018 09:50 AM

මේ මනුස්සයා හිතාමතා සොරකමක් කරලා නැහැ. ඉතුරු සල්ලි දෙන්න වෙලාවක් නැති නිසා පොලීසියට බයේ පැනලා දුවලා මගදී හම්බ වුණු වෙලාවක් ඉතුරු සල්ලි ඉල්ලගන්න පුළුවන් වෙයි. මේ කාන්තාව කරුණු වැරදියට වටහාගෙන.. ඒ මනුස්සයා පස්සෙන් දුවනකොට තවත් බයේ පැනල යන්න ඇති... කොහොම වුණත් පදික වෙළෙඳාම ආරක්ෂා කල යුතුයි. ඒ මිනිසුන්ගෙනුත් බදු ගන්න අය ඉන්නවා වෙළඳ සංගම් වල අය එයාලගේ බඩු විකිණෙන්නේ නැති නිසා පොලීසියට පැමිණිලි කරනවා. හැමෝම ජීවත් වෙන්න ඕනේ එකට ක්‍රමවේදයක් හදන්න ඕනේ... පාරිභෝගියාට නිදහසේ බඩු මිලට ගන්න අවස්ථාව තිබිය යුතුයි. පදික වෙළෙන්දෝ පදිකයන්ට හිරිහැරයක් වෙන්නේ පිට කොටුව වැනි අධික ජනාකීර්ණ ස්ථානවල පමණි. සාමාන්‍ය නගරවල් ඇත්තටම එවැන්නක් වෙන්නේ නැහැ.

:       1       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site