(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
විවාහවී වසර දහය පහළොවකට පසු උස්මහත්වූ දරු දෙදෙනකු සිටින සිය බිරියට මාපියන්ගෙන් දෑවැද්ද ලබාදෙන ලෙස ඉල්ලා කරදර කරන අපූරු සැමියෙකු පිළිබඳව අසන්නට ලැබෙන්නේ දකුණු පළාතේ ගම්මානයකිනි.
එකම ගමේ සිටින එකම වෘත්තියේ නියැළුණු මිතුරකු මෝටර් රථයක් මිලදී ගැනීම ඔහුට නොරිස්සුම් දෙන්නක් විය. ඔහුගේ බිරිය රජයේ සේවිකාවකවීම මෝටර් රථය මිලදී ගැනීමට ඔහුට රුකුලක් විය. අසල්වැසි අපේ මිතුරා ඊට ඊර්ෂ්‍යාවෙන් පෙළුණේය. ඔහු නිතර දෙවේලේම කල්පනා කළේ මෝටර් රථයක් මිලදී ගැනීමටය.
සිය දෛනික අවශ්‍යතා සියල්ල පසෙකලා යතුරුපැදිය ද විකුණා දමා භාර්යාවගේ කන කරද උකසට තබා හිතවතකුගෙන් ඉල්ලාගත් අතමාරුවකින් ඔහු සිය මෝටර් රථ වාහන සිහිනය සැබෑ කර ගත්තේ ඉතිරි මුදල පොලියත් සමග වාරික වශයෙන් ලීසිං ආයතනයකට ගෙවීමේ පොරොන්දුව මතය.
බිරිය රැකියාවක් නොකළද තමාගේ වෘත්තියෙන් උපයා සපයාගත් මුදලින් ඔහු මෝටර් රථයේ වාරික ගෙව්වේය. කොරෝනා කඩා පාත්වුණේ මේ අල්ලපනල්ලේය. එදා සිටම ඔහුගේ වෘත්තියට කණ කොකා හැඩුවේය. ඒ සමගම මෝටර් රථයේ වාරික ගෙවීමද අපහසුවිය. මෝටර් රථය විකිණීමටද නොහැකිය. සිය අසල්වැසියාගේ මෝටර් රථය දකින දකින පාරක් පාසාම තමන්ගේ රිය විකුණා දැමීමේ ඒ අදහස වෙනස් කර ගත්තේය.
ණයට ගත් මෝටර් රථය බේරා ගැනීමට ඔහු දස අතේම කල්පනා කළේය. තමා විවාහවූ බිරියට නැන්ද මාමා දෙන්නා දෑවැද්දක් නොදුන් බව ඔහුට පසක්වූයේ එයට පෑදුණු හොඳම විසඳුමක් ලෙසය. අදහස බිරියට කීවේය.මොන පිස්සුවක්ද මේ. දරුවොත් ලොකු මහත්වෙලාද තමුසෙට දෑවැද්ද මතක්වුණේ යැයි බිරිය ඔහුට ගෙරෙව්වේය. ඔහුද ඊට නිකම් නොසිටියේය. අම්මා තාත්තා දෑවැද්ද නොදුනහොත් තමුසේ මම දාලා යනවා යයි ඔහු ඊටත් වඩා සද්දෙන් ගෝරනාඩු කළේය.
මේ දෑවැදි ප්‍රශ්නය දිනෙන් දිනම උග්‍ර විය. දෙන්න දෙමහල්ලන් අතර සණ්ඩු සරුවල් එමට විය. බැරිම තැන බිරිය මේ ප්‍රශ්නය පොලීසියට ගෙන ගියාය. අසල්වැසියා මෝටර් රථයක් ගත් නිසා සිය සැමියාටද මෝටර් රථයක් ගැනීමට අවශ්‍යවූ බවත් ඔහු එය මිලදී ගැනීමට ප්‍රයෝජනයට ගත් උපාය මාර්ග පිළිබදවත් බිරිය පොලීසියේදී භාර්යාව දිග හැරියාය.
මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිවූ විට සිය සැමියා තමාගේ මවුපියන්ගෙන් දෑවැදි ඉල්ලා එන ලෙස නිතර කරදර කරන බවද ඇය හැඬූ කඳුළෙන් කීවේ මෙය දැන් තමාට මෙන්ම දරුදෙදෙනාටද මහත් හිසරදයක් වී ඇති බවය. ප්‍රේම සම්බන්ධයක් මත සිය සැමියා තමා නිවෙසින් පන්නාගෙන ආවේ දෑවැදි තියා ඉනේ තිබූ වස්ත්‍රයද එපා යයි කියමින් ඇය පොලීසිය ඉදිරියේ කීවිට ඔහු ලජ්ජාවෙන් ඇඹරෙමින් සිටියේලු.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බැඳලා ළමයිනුත් හමුවුණාම සැමියාට දෑවැද්ද මතක් වෙලා