IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බොරු ගෙතූ අම්මාට චූටි පුතාගෙන් පාඩමක්

කොළඹ සුපිරි වෙළෙඳසලකට ඇතුළු වූ තරුණ කාන්තාවක නවතම විලාසිතාවලින් සැරසී සිටියාය. ඇය පැමිණියේ අවුරුදු හතරක් පමණ වයසැති සිය පුතු සමඟය. වෙළෙඳසලේ පසෙක අසුරා තිබූ කූඩයක් ගත් ඇය තමාට අවශ්‍ය භාණ්ඩ එයට දමද්දී වෙළෙඳසලේ රාජකාරියේ නියුතුව සිටි කාන්තා ආරක්‍ෂක නිලධාරිනියක් පැමිණෙන සෑම පාරිභෝගිකයෙකු ගැනම විමසිල්ලෙන් සිටියාය. අධි ශීතකරණය අසලට ගමන් කළද දරුවා එහි ඇතුළත පෙන්වා සිය මවට මෙනවාදෝ කියනු දක්නට ලැබුණි. පසුව කාන්තාව අධි ශීතරණයෙන් හිම කිරමක් ගෙන දරුවාට දුන්නාය. දරුවාද එය රැගෙන කොළය ඉවත් කර රසවිඳින්නට විය. අවශ්‍ය භාණ්ඩ කූඩයට දැමීමෙන් අනතුරුව කාන්තාව සිය දරුවා සමඟ කවුන්ටරයට පැමිණ මුදල් ගෙව්වාය. ආරක්‍ෂක නිලධාරිනිය මුදල් කවුන්ට්රයේ සිටි තරුණිය අසලට ගොස්, ”අර බබා අයිස් ක‍්‍රීම් එකක් කෑවා. ඒකට බිල දැම්මාදැයි කනට කර ඇසුවාය. ඒ ගැන කිව්වේ නැහැයි” පැවසූ තරුණිය ”මැඩම් පොඩි එක්කෙනා මුකුත් කෑවාදැයි” කාන්තාවගෙන් විමසුවාය. ”නැහැ මුකුත් කෑවේ නම් නැහැ” පැවසූ කාන්තාව ”පුතා මොනවා හරි කෑවාදැයි” දරුවාගෙන් ප‍්‍රශ්න කළාය. එවිට දරුවා, ”ඇයි අම්මී කීවේ අයිස් කී‍්‍රම් කාලා ”ඩස්ට් බින්” එකට කොළේ දාන්න කියලා” යැයි මවට කීවේය.



අදහස් (0)

බොරු ගෙතූ අම්මාට චූටි පුතාගෙන් පාඩමක්

හේමන්ත Wednesday, 28 November 2012 10:43 AM

හොරකම ලොකු වුණත් පොඩි වුණත්, හොරකම හොරකමම තමයි. (නි)

:       0       0

වරුණ Wednesday, 28 November 2012 10:57 AM

පොඩි අය එක්ක හොර බොරු බැහැ කියන්නේ ඒකනේ. (නි)

:       0       0

තාරුක Friday, 30 November 2012 09:45 PM

අයියෝ සල්ලි පුතේ

:       0       0

දයා-සවුදි Wednesday, 28 November 2012 11:24 AM

ඔහොම දේවල් අපිටත් වෙනවා. ගණන් ගන්න එපා. (නි)

:       0       0

පුෂ්පා Thursday, 29 November 2012 08:52 AM

පොඩිපුතාට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා ලාංකිකයෙක් වෙන්න. ලොකු වෙන කොට හරියයි. (ස)

:       0       0

දිනේෂ් Thursday, 29 November 2012 08:54 AM

ඔබලාගේ පත්තරය ඉතාම හොඳයි. මමත් හැකි හැමවෙලාවෙම කියවනවා (ස)

:       0       0

අසංක අබෙසිංහ Sunday, 02 December 2012 11:10 AM

මෙහෙමත් මනුස්සයෝ (ස)

:       0       0

සරත් Thursday, 29 November 2012 08:55 AM

ළමයි ඉක්මනට ඉගෙන ගන්නවා.අම්මට කවදාහරි ඔය දේ අත්විදින්න වේවි (ස)

:       0       0

දයා Friday, 30 November 2012 10:20 AM

පොඩි කාලෙදිම ලන්මයාට බොරු උගන්නනවා

:       0       0

දේවා Friday, 30 November 2012 10:20 AM

නියමයි

:       0       0

සංජීව Thursday, 29 November 2012 03:38 PM

කට්ටියම ෂාමිගේ සුපර් මාර්කට් එකට යන්න. (නි)

:       0       0

චමින්ද Wednesday, 05 December 2012 06:39 AM

අයියෝ සල්ලි

:       0       0

යොහාන් Wednesday, 28 November 2012 12:53 PM

බොහොම ලස්සනයි ආදර්ශය නම්. (නි)

:       0       0

ලලිත් Wednesday, 28 November 2012 12:57 PM

හොඳ පාඩම මේ අම්මට පුතාලව අරගෙන කඩවල් ගානේ යනවට...ඊලඟ වතාවේ පුතා ගෙදර තියලා යන්න හොඳේ (ස)

:       0       0

ෂාමි Wednesday, 28 November 2012 07:49 PM

සුපර් මාකට් වල තියෙන ඕනෑම ආහාරයක් ඇතුළේදී අනුභව කළාට මිළක් ගෙවන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

නිසා Wednesday, 28 November 2012 01:03 PM

හොරකම ලොකු වුනත් පොඩි වුනත් හොඳ නෑ. ඒක දරුවන්ට පොඩිකාලේ ඉඳලම කියලා දෙන්න ඕන. ආදර්ශයෙනුත් පෙන්නන්න ඕන. නැත්තම් දරුවන් ලොකු හොරු වුනත් කරබාගෙන ඉන්න වෙනවා (ස)

:       0       0

විභූති Friday, 30 November 2012 05:15 PM

අනේ බේබි හොරකම් කරන්න හොඳ නෑ (ස)

:       0       0

නලීන් Wednesday, 28 November 2012 02:09 PM

මොන වෙළඳ සැලේද මෙහෙම තියෙන්නේ (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 November 2012 08:58 PM

මේ වගේ අවස්ථාවක ගණුදෙනුකරුවන් අනෙත් අය ඉදිරියේ අපහසුතාවකට පත්නොවන පරිදි ඒ සම්බන්ධව කටයුතු කරන්න එම ආයතන නිලධරින් පරිස්සම් විය යුතුයි. (අ)

:       0       0

චාමර Friday, 30 November 2012 12:55 PM

මරේ මරු හොදේ (ස)

:       0       0

අවිස්ක Wednesday, 28 November 2012 02:21 PM

අනේ මෙහෙමත් අමිමලා............... (ස)

:       0       0

වසන්ත Thursday, 29 November 2012 12:18 PM

රටේම ඉන්න කට්ටිය හොරා කද්දී, මේ පොඩි අයිස් ක්‍රීම් එකක් හොරෙන් කෑවහම මොකද වෙන්නේ? (නි)

:       0       0

තිලක් Wednesday, 28 November 2012 10:11 PM

පුතේ ...! අම්මා වගේ හැදෙන්න එපා හොඳේ ....! (ස)

:       0       0

විමල් Saturday, 01 December 2012 10:14 AM

ඔන්න දැක්කා නේද බොරු කියන්න එපා කියන්නේ ඕකනේ (දී)

:       0       0

නිරාන් Thursday, 29 November 2012 12:52 PM

මේක අමතක වීමක්. මේ අම්මට ගරහන්න එපා .(ස)

:       0       0

ප්‍රසාදි Friday, 30 November 2012 02:12 PM

අම්මලා ළමයින්ට උගන්වන්න ඔන දේවල් ළමයි අම්මලාට උගන්වනවා........(ස)

:       0       0

අරවින්ද Sunday, 02 December 2012 04:39 AM

හොරකම හොරකමම තමයි. (නි)

:       0       0

සජී Thursday, 29 November 2012 01:18 PM

සාගරී සහ වසන්තගේ නම් අදහස් නියමෙටම ගැළපෙනවා. (නි)

:       0       0

සගාරි Wednesday, 28 November 2012 10:02 AM

ඒක මහ ලොකු දෙයක් ද (ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 28 November 2012 10:14 AM

ඔහොම දෙමවුපියන් නිසා අද දරුවන් කීදෙනෙක් අමාරුවෙද? එයාලගේ ඡායාරූප ප්‍රසිද්ධ කළා නම් ලැජ්ජාවට ආයිත් එහෙම දේවල් කරන එකක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 106 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 815 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 718 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 584 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 291 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 261 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site