IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බල්ලන්ට කියා ගෙන ගිය මාළු හාම්පුතාත් කාලා

එක්තරා ව්‍යාපාරිකයෙකි. ඉඩකඩම් ගේදොර හිමි ධනවතෙක්. වතුපිටි, හරකාබානට අමතරව නිවසේ ආරක්‍ෂාවට සුරතලයට ඇතිකරන බල්ලෝ කීප දෙනෙක් ද සිටිති.

මොහු ධනවතකු වුවද ලෝභයෙකි. වියදම අරපරිස්සමටම නොව මසුරු කමටය. පරම්පරාවෙන් ලත් දේපළ ද බොහෝය. ඒවා නඩත්තු කරන්නේ ද ආදායම් උපරිමව ලැබෙන එහෙත් වියදම් අඩු ක‍්‍රමයටය. එබැවින් අඩු පඩි දී කුලී කම්කරුවන්ගෙන් ද බැනුම් අසයි.

කන්නේ නොකා බැරිකමයට. මොහු සතියකට දෙතුන් වතාවක් නගරයේ මාළු වෙළෙඳපොළට යයි. ඒ බල්ලන්ට කෑමට මාළු ගැනීමටය. වෙළඳුන්ගෙන් ඉල්ලන්නේ බල්ලන්ට දීමට ‘පොඩි මාළු’ ටිකකි. මේ මාළු ගෙනියන්නේ බල්ලන්ට ද හාම්පුතාටදැයි වෙළඳුන්ට කුකුසකි.

දිනක් මොහු මාළු වෙළඳපොළට ආවේය. ‘‘මුදලාලි පෙරේදා අරන් ගිය මාළු හරිනෑනේ? ‘‘ඇයි මහත්තයා මක්වෙලාද?’’ ‘‘ඒවා කුණු රහයිනේ පරණ මාළු වගයක්ද කොහෙද? ‘‘මහත්තය මාළු අරන් ගියේ බල්ලන්ට කියලනේ. බල්ලන්ට උයපු ඒවා මහත්තයත් කාලා බැලූවාදැයි’’ මාළු වෙළෙන්දා ඇසීය. තමාගේ කට වැරදුණු බව දැනුණු හෙතෙම මුණිවත රකිමින් හිමින් සීරුවේ වෙනත් මාළු ලෑල්ලක් දෙසට පා එසැවීය.



අදහස් (0)

බල්ලන්ට කියා ගෙන ගිය මාළු හාම්පුතාත් කාලා

නාරද Wednesday, 28 May 2014 09:59 PM

නන්දා,බල්ලන්ට කියලා ගත්තට හුරුල්ලෝ කන්නේ එයාලමයි. ඔයා දුක් වෙන්න එපා.අපි සුලු වැටුපකින් ජීවත්වෙන මිනිස්සු (නි)

:       0       0

පද්මේන් Wednesday, 28 May 2014 01:08 PM

ගිය ආත්මවල කරපු පිනකට මේ ආත්මයේ මනුස්ස ආත්මයක් ලබපු අපි මේ ආත්මයෙන් සසර කෙටිකර ගන්න බලන්න ඕනා. මෙවැනි අය ගැන අනුකම්පා කරනවා. වැඩිපුර දෙයක් තියෙනවා නම් නැති කෙනෙක්ට දෙන්න. දීලා ඒ අය සතුටුවෙනවා බලලා සතුටුවෙන්න. (නදී)

:       0       0

පිටිගල Wednesday, 28 May 2014 10:16 PM

සමහර අයට කොච්චර තිබුනත් කන්න පින නැහැ. කන්න පින තිබුනත් කොච්චර සල්ලි , කෑම තිබුනත් අපි කාටත් කන්න පුළුවන් බඩට අල්ලන ප්‍රමාණය විතරනේ. (නි)

:       0       0

නිමාලි Friday, 30 May 2014 05:15 PM

මාළු කාරයා කුණු වෙච්ච මාළු විකුනනවා මදිවට ඒක ඒ මනුස්සයාගේ ඇගේ ගහපු එකයි මරු වැඩේ . තමන් කන බොන විදිහ කාටත් අදාල නැහැ . කුණූ මාලු විකුනපු එකයි වැරැද්ද. (අ)

:       0       0

රොෂාන් Sunday, 01 June 2014 09:29 AM

මේ මහත්තයා මම හඳුනන කෙනෙක්ද මන්දා? (නි)

:       0       0

සරත් Wednesday, 28 May 2014 02:18 PM

මොනවා උනත් ඒ මහත්මයා ටිකක් අරපරිස්සමට බරයි වගේ. තව කෙනෙක්ගෙන් දෙයක් උදුරා ගන්නවට වඩා තියනේ දේ ආරක්ෂා කරගෙන හෙට ගැනත් හිතන කෙනෙක් (දිල්)

:       0       0

නන්දා Wednesday, 28 May 2014 03:35 PM

මම සුපිරි වෙළද පොළෙන් හුරුල්ලෝ ගත්තම එක නෝනා කෙනෙක් ඇවිල්ල බල්ලන්ට කියල හුරුල්ලෝ ගත්තා.මට ඇහෙන්න ..(දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 28 May 2014 04:21 PM

ලොකු මාළු,පොඩි මාළු,කියලා වැදගත් නැනේ තමන් කන්න කැමති දේනේ වැදගත් වෙන්නේ.ඉතින් ඇයි බොරු කියන්නේ කාව රවටන්නද එකෙන් වෙන්නේ තමන්ම රැවටෙනවා විතරයි.(දිල්)

:       0       0

නෙළුම් Wednesday, 28 May 2014 04:43 PM

මට හිතන්නේ මේ මුදලාලිගේ හාමිනේ සහ දරු පැටවුනුත් හාල්මැස්සන් වගේ කෙට්ටු ඇති. (නි)

:       0       0

පද්මිණි Thursday, 29 May 2014 10:20 AM

බල්ලන්ව හදන්නේ තමන්ගේ ගේ දොර ආරක්ෂා කරගන්න තියෙන ආත්මාර්ථකාමී අදහසින් මිස සත්ව කරුණාවකින් නෙවේ. මම දුටුවා ලංකාවේ ගෙවල් කීපයක බල්ලව එළියේ බැඳලා. කන්න දාන්නෙත් කිසි පිරිසිදු කමක් නැතිව. (ස)

:       0       0

සේන Saturday, 31 May 2014 06:48 PM

හුරුල්ලෝ කියන්නේ අඩු මිලට ලැබෙන ඉතාමත්ම හොඳ මාළු වර්ගයක්. (නි)

:       0       0

ජීවන් මධුසංක Friday, 30 May 2014 11:09 PM

හොද පාඩම.පුද්ගලයා කවිද කිවුවනමි තවත් හොදයි.(ස)

:       0       0

කලීල් Sunday, 01 June 2014 04:25 PM

අපි කන හැටි ළිපා දනී (නි)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 28 May 2014 07:36 PM

ඔයා ඕවා ගණන් ගන්න එපා නන්දා. (නි)

:       0       0

දුම්මලසූරිය Wednesday, 28 May 2014 11:15 AM

බොරු පම්පෝරි ගැන හිතන්න ඕන නැහැ. පොඩි මාළු කියන්නේ අනික් ලොකු මාළුන්ට වඩා ගුණ මාළු වර්ගයක්. ඒ නිසා ලැජ්ජා නොවී තමන්ටම කන්න කියල අලුත්ම පොඩි මාළු ඉල්ලන්න කිසිම කෙනෙක් පැකිලෙන්න එපා.(නධී)

:       0       0

පහන්දී Wednesday, 28 May 2014 11:25 AM

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ...!!! (ස)

:       0       0

සමන්ති Wednesday, 28 May 2014 07:51 PM

සාමාන්‍යයෙන් වැදගත් මහත්මාවරු කොල්ලන්ට බල්ලන්ට සලකන්නේ එක විදියට. එකම කෑම. එ්ක තමා වියයුතු.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 28 May 2014 11:36 AM

හොද වැඩේ ඕනවට වැඩිය කුනුකම මොනවටද ? මැරිච්චාම ගෙනියන්ඩද පොදි ගහලා.(නදී)

:       0       0

අසෝකා Wednesday, 28 May 2014 12:21 PM

මෙයාට තිබුණේ වත්තෙම එළවලු ටික වවාගෙන පැත්තකට වෙන්න ලොකු පොකුණක් හදල මාළුත් දා ගත්ත නම් හම්බ කරපු මුළු බූදලේම මැරෙන කොට ගෙනියන්න තිබුණා.අනේ මන්ද නොමැරෙන්න ආපු මිනිස්සු කොච්චර නම් ඉන්නවද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site