(හාරිස්පත්තුවේ මොහොමඞ් ආසික්)
බස් රථයකට නැඟුණු වයෝවෘද්ධ මවකට බස් රථයේ සිටි කිසිවෙකුත් අසුනක් ලබා නොදීම නිසා එම බස් රථයේ රියැදුරු තම අසුන ලබාදීමේ සිද්ධියක් පසුගියදා කන්ද උඩරට ප්‍රදේශයේදී සිදු වූයේ බස් රථයේ සිටි සියලු_ දෙනාට මහඟු පාඩමක් කියා දෙමිනි.
කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන උප නගර දෙකක් අතර ධාවනය වන එම බස් රථයේ සියලු_ අසුන් පිරී ගොස් තිබිණ. ඒ තරුණ හා මැදිවියේ පිරිසගෙනි. බස් රථය නගරයෙන් පිටත්ව ගිය පසු අතර මගදී ද බස් රියට සැලකිය යුතු ප්‍රමාණයක් මගින් ගොඩ වීම නිසා බස් රිය අතුරු සිදුරු නැතිව පිරී ගියේය.
මෙලෙස ටික දුරක් බස්රිය ගමන් කරන විට බස් රථයට අතරමඟදී වයෝවෘද්ධ මවක් ගොඩ වූවාය. ඇය යම් අසනීපයකින් පෙළෙන බවක්ද දැක ගන්නට හැකි විය. බස් රථය තුළ ඇය ඉතා අපහසුවෙන් සිටගෙන සිටිනු බොහෝ දෙනෙකු දුටුවද කිසිවකුත් ඇයට අසුනක් ලබා දීමට ඉදිරිපත් වුයේ නැන. බස් රථයේ සිටි තරුණ පිරිස් වැඩි ප්‍රමාණයක් තම ජංගම දුරකතනයේ එල්ලී සිටීම නිසා ඔවුන්ට මෙවන් මවක් බස් රථයේ අපහසුවෙන් සිටිනු දැක ගත නොහැකි විය.
මෙම මව පත්ව සිටින අපහසුව ගැන අවධානය යොමු කර සිටි බස් රථයේ රියැදුරු මහතා එක් ස්ථානයක බස් රථය නවත්වා එම වයෝවෘද්ධ මවට කතා කර “අම්මේ මේ බස් එකේ අම්මට සීට් එකක් දෙන්න කවුරුවත් නෑ වගෙයි. ඒ නිසා මෙන්න අම්ම මගේ සීට් එකේ වාඩි වෙන්න. වාඩි වෙලා පුළුවන්නම් මේ බස් එක එළවගෙන ගිහින් මේ ඔක්කොම ගිහින් බස්සන්න” යැයි හඬ නගා කීය.
මෙම හඬින් බස් රථයේ සිටි තරුණ පිරිස් පියවි ලොවට පැමිණි නමුත් සිදු වෙමින් තිබෙන දේ ගැන තුෂ්නිම්භූතව බලා සිටියහ.
එම අවස්ථාවේම බස් රථයේ සිටි මැදි වියේ පුද්ගලයෙකු සිය අසුන එම මවට ලබා දීම නිසා සුපුරුදු පරිදි බස් රිය ධාවනය වන්නට විය.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බස්රියේ කිසිවකු මහලු මවට අසුනක් නොදුන්නාට රියැදුරු නැගිට වාඩිවෙන්න දීලා
mahinda Wednesday, 26 September 2018 05:38 AM
නොමිනිස්කම් අසම්ජ්ජාත්කම් වලින් පිරී ඉතිරී ගිය පෞද්ගලික ගැමුණු බස් මාෆියාවේ ඉදහිට හෝ මිනිසත් කමින් අනූන මෙවන් සත් ගුණවත් මැතිවරුන් සිටීම මෙම සේවාවේ ගුණයක් නොව යහපත් දෙමාපිය යුවලකගේ උතුම් පුත් රැවනක්. මහතානෙණි ඔබටත් ඔබ දෙමාපියන් ඇතුලු ඔබ සියලු දෙනාට නීරෝගී සුවය වාසනාව බුදු සරණයි.
දිලූෂා Thursday, 27 September 2018 04:23 AM
දැන් පිරිමින්ට ජිම් ගිහින් කායවර්ධනය කර ගත්තට විනාඩි 5ක් හිටගෙන යන්න අමාරුයි. තරුණ දරුවන් බස් එකකට නඟින කොට කාන්තාවන් ලමුන් හා වැඩිහිටියන් පෙරලගෙන බස් එකට නඟින හැටි දකින්න පුළුවන්. ඉස්සර තරුණයින්ට වගේ සමාජ හිතෛශී අදහස් දැන් කාලේ තරුණයින්ට නෑ.
රිතික්Thursday, 27 September 2018 10:51 AM
මම නම් බසයකට නගිනකොට මුලින්ම කාන්තාවන්ට නගින්න ඉඩ දීලා තමයි මම නගින්නේ