IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බහිරව උන්නාන්සේට එස් එම් එස් යවා නැකැත් වේලාව වෙනස් කරලා

අලූතින් සෑදීමට යන නිවෙස සඳහා අත්තිවාරම් කැපීමට පෙර බහිරව පූජාවක් පැවැත්විය යුතු බව ගෙදර අය කතා වූහ. මේ සඳහා සුදුසුම පුද්ගලයා කන්දේ දේවාලයේ සුද්දප්පු ගුරුන්නාන්සේ බව වටහාගත් ගෙහිමියා සුද්දප්පු ගුරුන්නාන්සේ හමුවීමට ගොස් තම අවශ්‍යතාව පැවසීය. “දැන් කීයටද ඔය නැකත තියෙන්නේ” සුද්දප්පු ගුරුන්නාන්සේ ගෙහිමියාගෙන් විමසීය. “හරියටම බ‍්‍රහස්පතින්දා උදේ හයයි පහට” ගෙහිමියා පිළිතුරු දුන්නේය. “චහ්! හරියටම එදාටම ඒ නැකතටම මට තවත් රාජකාරියක් තියෙනවා ඉස්කෝලේ මහත්තයන්ලැ ගෙදර. ඒක තමයි ප‍්‍රශ්නෙ” “අනේ ගුරුන්නාන්සේ බෑ කියන්න නම් එපා. මේක අපට කරලාම දෙන්නැ” යි ගේහිමියා ඇවිටිලි කළේය. “හරි ඒකට මම පිළිවෙළක් යොදන්නම්, මෙන්න අඩුම කුඩුමවල ලැයිස්තුව. වැඬේ ලෑස්ති කරන්න මම එන්නම්” යැයි ගුරුන්නාන්සේ පැවසීය. බහිරව පූජාව පැවැත්වීමේ වේලාට ආසන්න වුවත් ගුරුන්නාන්සේ පැමිණියේ නැත. හදිසියේම ගෙපළ කපන ස්ථානයට ත‍්‍රීරෝද රථයකින් පැමිණි ගුරුන්නාන්සේ ගෙහිමියන් අමතා, කලබල වෙන්න කාරි නෑ, අපි වැඬේ කරමු” යි පැවසීය. “ගුරුන්නාන්සේ දැන් නැකැත්වේලාව පහුවෙලා” යයි ගෙහිමියා පැවසීය. “කාරියක් නෑ. මම බහිරව උන්නාන්සේත් එක්ක කතා කරගත්තා. මම ඇස්.ඇම්.ඇස්. එකක් ගැහුවා පූජාව ටිකක් පරක්කු කරමු කියා, උන්නාසේ ඒකට එකඟවුණා” යයි ඇඟටපතට නොදැනී ගුරුන්නාන්සේ පැවසීය.“දෙයියෝ සාක්කි” යැයි ගෙහිමියාට ඉබේටම කියවුණා ලූ.



අදහස් (0)

බහිරව උන්නාන්සේට එස් එම් එස් යවා නැකැත් වේලාව වෙනස් කරලා

සුසිල් Tuesday, 14 August 2012 12:22 PM

ලංකාව පුදුම දියුණු මෝඩයෝ ඉන්නවනේ (දී)

:       0       0

සම්පත් Tuesday, 14 August 2012 12:42 PM

බහිරවයට විතරයි දුරකථනයක් අඩුව තිබුණෙ.. දැං ඒකත් හරි.. අනාගතයේදී ලංකාව හොදට දියුණු වෙයි වගේ....!!(නු)

:       0       0

පණ්ඩිතගේ Tuesday, 14 August 2012 08:16 PM

අනේ බහිරවයාගේ නොම්මරේ දෙන්න බැරිද ?(නු)

:       0       0

සජී Tuesday, 14 August 2012 12:53 PM

අනේ අපොයි මෙහෙමත් නූගත් මිනිස්සු ඉන්නවානෙ..!!(නු)

:       0       0

දිල්ශාන් Thursday, 16 August 2012 09:22 AM

බොරුවක්ද කොහෙද? :? (ස)

:       0       0

දම්මි Friday, 24 August 2012 09:15 AM

දැන් ඕක වෙලා තියෙන්නේ කොහෙද ?මටත් එස්.එම්.එස් එකක් යවන්න..බහිරවයගේ දුරකථන අංකයක් දෙන්නකෝ.. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 14 August 2012 01:47 PM

දෙයියෝම සාක්කි! (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 14 August 2012 01:48 PM

මේක නම් ලංකාවේ වෙන්න බැහැ. (නි)

:       0       0

ජගත් බාලසූරිය - ලන්ඩන් Tuesday, 14 August 2012 01:57 PM

මේ ලංකාවෙ අලුත් සංස්කෘතිය..ආසියාවේ ආශ්චර්යය..(නු)

:       0       0

කුරේ නාවලගේ Tuesday, 14 August 2012 02:36 PM

අපි ළගත් තියෙන මිත්‍යා අදහස් දුරලා ගන්න මේවා හොද පාඩම්. (නි)

:       0       0

ලහිරු Thursday, 23 August 2012 09:23 PM

බහිරව උන්වහන්සේගේ අංකය මොකක් දන්නේ නෑ (අ)

:       0       0

කැලුමි ඉතාලි Wednesday, 15 August 2012 12:01 AM

හරිම බොලද කථාවක්නේ. (නි)

:       0       0

තිලක් Wednesday, 15 August 2012 03:36 AM

බහිරවයට ඔය දුරකතනය අරන් දුන්නේ තෙල් සංස්ථාවෙන්ද? නැත්නම්‍ විදුලිබල මණ්ඩලයෙන්ද? (නි)

:       0       0

වරුණ Tuesday, 14 August 2012 10:13 AM

මෙක නොදියුණු පළාතක සිදුවුණු සිදුවීමක් වෙන්න ඇති...!(නු)

:       0       0

සිසිර කුමාර Tuesday, 14 August 2012 10:18 AM

ඇයි එස්.එම්.එස්. එකක් යැව්වෙ මෙල් එකක් යවන්න තිබුණනෙ...? (නු)

:       0       0

සදුන් Wednesday, 15 August 2012 02:27 PM

පිස්සු නැත්තම් හොඳයි‍‍....(ස)

:       0       0

රන්සිරි Tuesday, 14 August 2012 11:06 AM

ෆෝන් එකෙන් නැකත් පලා පල බලන්නේ ඒ වගේ තමයි ඉතින් (දී)

:       0       0

සරත් Wednesday, 15 August 2012 08:40 AM

මම හිතුවේ ඕක තව අවුරුදු 5 කින් විතර වෙයි කියලා..(ස)

:       0       0

ප්‍රවීන් රණවීර Tuesday, 14 August 2012 11:17 AM

මම කිව්වා මේ යෝදයට කාටවත් කියන්න එපා කියලා මට ෆෝන් එකක් තියෙනවා කියලා.. ඉවරයිනෙ දැං ඉතිං...!! - බහිරවයා..(නු)

:       0       0

මංඡුල බිරැට් Tuesday, 14 August 2012 11:19 AM

කතාව ඇත්ත මොකද බහිරව උන්නාන්සේලා ඉන්නෙත් අපි අතරම තමා....!!(නු)

:       0       0

තිලක් Wednesday, 15 August 2012 08:56 AM

මේ වගේ විහිළු කරන අය කොච්චර ඉන්නවද ? (ස)

:       0       0

පාලිත අබේරත්න Tuesday, 14 August 2012 11:45 AM

දෙන්නම එකම ජාතියෙ අය වගෙයි..!(නු)

:       0       0

දයා Tuesday, 14 August 2012 12:00 PM

මොඩන් සංස්කෘතියනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 545 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1020 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 978 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 866 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 982 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site