IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මගදී කන්න දුන් පාර්සලයේ කැවුම් කෙසෙල් සමඟ පපඩම්

(කරුවලගස්වැව - ජයරත්න වික‍්‍රමාරච්චි)
ඥාතියකුගේ නිවෙසක පැවැති උත්සවයකට සහභාගි වී ආපසු යන පිරිසකට අතරමගදී කෑමට කැවුම්, කෙසෙල් සමඟ පපඩම් ද අඩංගු පාර්සලයක් දී ඇත.
එය ලැබී ඇත්තේ පුත්තලම ආණමඩුව ප‍්‍රදේශයේ තම ඥාති නිවසේ පැවැති උත්සවයකට ආරාධනා ලැබ පැමිණ ආපසු සිය ගමට යමින් සිටි එකම පවුලේ මව, පියා, පුතා සහ දියණිය ඇතුළු සිවු දෙනකුටය.


ආරාධනාවට අනුව තමන්ට අයත් ත‍්‍රිරෝද රථයෙන් ආණමඩුවේ සිය ඥාතියාගේ නිවසට නියමිත දින පෙරවරු කාලයේම පැමිණි මෙම පිරිස තමන් ආ කාරණයට අදාළව සිය යුතුකම් ද මැනවින් ඉටු කර අනතුරුව දිවා භෝජන සංග‍්‍රහය ද භුක්ති විඳ ටික වේලාවකින් ආපසු යාමට සූදානම් වන අවස්ථාවේ දී නිවැසි කාන්තාවක විසින් ”මේක මගදි කෑමට” යැයි පවසා ත‍්‍රිරෝද රථයේ පිටුපස අසුන මත මෙම පාර්සලය තැබීය.


ඒ අනුව සිව් දෙනාගේ එකඟතාව මත අතරමග දී ලිහා බැලූ එම පාර්සලය තුළ කැවුම්, කෙසෙල් ඇතුළු කැවිලිවලට අමතරව බදින ලද පපඩම් කැබලි තොගයක් ද තිබී ඇත. මෙය අමතක වීමකින් සිදුවූවක් ද නොඑසේ නම් විහිළුවට කළ එකක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. නමුත් ඔවුන් පාර්සලයේ තිබූ පපඩම් ද ඉවත දමා නැත.



අදහස් (0)

මගදී කන්න දුන් පාර්සලයේ කැවුම් කෙසෙල් සමඟ පපඩම්

තුෂාර Saturday, 03 October 2015 08:17 PM

හැමකෙනාම පපඩම් කන්න කැමතියි ක්‍රන්චි පිට.සරත් පපඩම් හංවෙලා කන්න කැමති මොකද දන්නේ නැහැ.සුළං නොවදින ෂොපින් බෑග් එකකට දමා ගැටගසා තිබ්බොත් බොහෝ වේලාවක් පපඩම් හං නොවී තබාගන්නට පුළුවන්.පසුදිනත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. (නි)

:       0       0

බණ්ඩාර - රුසියාව Thursday, 01 October 2015 06:02 PM

පපඩම් දුන්නේ මගදී බයිට් එකට ඒකවත් තේරුම් ගන්න බැරිද.? (ර)

:       0       0

රුපවති Thursday, 01 October 2015 06:09 PM

මම ලංකාවට ගියාම මගේ හොදම යාළුවගේ නිවසට අවුරුදු කෑමට ආරාධනා ලැබෙනවා. පසුව ගෙදරට එනවිටත් බත් මාලුපිනි කැවුම් කොකිස් අරවද මේවද බරටම මගේ යාළුවගේ අම්ම පාර්සල් කරලා දෙන්නේ රෑට කෑමටයි. ගෙදර ගියාම මුල් පාර්සල් ඇරලා කෑම කනවිට පපඩම් හරිම රසයි ඒත් ඒ පපඩම් හරි කෙලින් අතට ඇති නිසා මගේ පුතා අහනවා අම්මා කොහොමද මේ පපඩම් එයාල කෙලින් තියෙන්න බදින්නේ ඒක අපිටද ප්‍රහෙල්කිකාවකි. ඒත් මගේ යාළුවගේ අම්ම දෙන බත් මුලේ රස තාමත් දැනෙනවා. (ර)

:       0       0

අජිත් Thursday, 01 October 2015 11:38 AM

ඔයාලා කාලා නැද්ද පපඩම් සමඟ කෙසෙල්? නියම රසයිනේ. ආ... හොඳයි කාලා බලන්නකෝ ඔයාලත්. (නි)

:       0       0

ෆර්සාන් Thursday, 01 October 2015 09:28 PM

මේකයි කාරණය. කැවුම් එක්ක දෙන්න ඕනෑ කොකිස්. මොනවා කරන්නද? කොකිස් ඉවරනේ. ඉතින් කොකිස් වගේම සද්දෙට කන්න පපඩම් දුන්නා. (නි)

:       0       0

සමන්ති Thursday, 01 October 2015 12:20 PM

පුදුම විහිළුවක්නේ. හරි හිනා. (ර)

:       0       0

නලින් Thursday, 01 October 2015 12:27 PM

අජිත්,ඔය කෙහෙල් මල් කෙසෙල් ගෙඩිය විසික්කොරලා පරිප්පු එක්ක පපඩම් කාලා බලන්න බතුත් එක්ක.මේවාත් එක්ක බත් දුන්නාම "හබුන් කටයි,බත් දෙකටයි ,මගේ පුතා ඔක්කොම කයි".(අ)

:       0       0

රත්න Sunday, 04 October 2015 01:51 AM

පපඩම් දීලා තියෙන්නේ කොකිස් පාර්සලයක් කියලා හිතලා මාරුවීමක් නිසා වෙන්න ඇති. (නි)

:       0       0

මනෝදි Friday, 02 October 2015 12:48 AM

කරුණාවෙන් දුන් දේ ඒ විදියට ගන්න. (නි)

:       0       0

අමල් Friday, 02 October 2015 10:10 AM

පපඩම් වලට මාත් ආසයි. (ර)

:       0       0

ධම්ම Thursday, 01 October 2015 12:45 PM

මඟට කන්න පපඩම් හොඳ කෑමක්නේ. ත‍්‍රිරෝද රථය එළවන ගමන් කන්නත් පුළුවන්. (නි)

:       0       0

රුවන් Friday, 02 October 2015 02:46 AM

රූපවති අක්කා වගේ, අක්කා කෙනෙක් තමයි ඒ.මොකද මිනිස්සු හිතන පතන විදිහ තේරෙනවා.මඟදි මදුවිතෙනුත් සප්පායම් වෙන බව එයා දැනගෙන ඉන්න ඇති.ඒකයි බයිට් එකට පපඩම් දාලා තියෙන්නෙ (නි)

:       0       0

ඉනෝකා Thursday, 01 October 2015 08:39 AM

විහිලුවට කරත්, අමතක වීමකින් කලත් පපඩම් කියන්නේ රසවත් කෑමක්නේ. මගදී කන්නට කියලා කැවුම්, කෙසෙල් පර්සලයකුත් දීලා තියෙන්නේ එම කාන්තාවගේ කරුණාවන්ත කම නිසා. ගෙදර පාටියකට පස්සේ මාත් මෙහෙම කරනවා. හැබැයි පපඩම් නම් දෙන්නේ නැහැ. (ර)

:       0       0

ශහාන් Thursday, 01 October 2015 08:51 AM

පපඩම් ටික බයිට් එකට ගන්න ඇති. සප්පායම් වෙනකොට කියපු කෙනා (අ)

:       0       0

sahan Thursday, 01 October 2015 08:51 AM

පපඩම් ටික බයිට් එකට ගන්න ඇති. (ස)

:       0       0

සෆ්රාස් අසීස් Friday, 02 October 2015 03:55 AM

දැන් දැන් දාන සමහර දෙයියෝ සාක්කි අනේ මන්දා (බ)

:       0       0

සමන්ති Thursday, 01 October 2015 03:28 PM

අයියෝ ඔය දේද?(හේ)

:       0       0

රාධා Thursday, 01 October 2015 03:27 PM

සමහරු පපඩම් වෙනුවට බත් සමග කොකිස් කනවා. බත් සමග කෙසෙල් ගෙඩිත් කෑමට ගන්නවා .(හේ)

:       0       0

සුලරි Tuesday, 06 October 2015 08:57 AM

ලංකාවේ පපඩම් නිපදවනේ තොටළග වහලවල් උඩ. ඒ නිසා මම ලංකාවේදී පපඩම් කෑවේ නෑ. මම ජිවත් වෙන රටේ තියෙන්නේ ඉන්දියාවේ පපඩම්. ඒ නිසා මම හිතන්නේ ලංකාවේ පපඩම් ඊට වැඩ හොද ඇති .(අ)

:       0       0

චන්දි Friday, 02 October 2015 05:57 AM

රුවනුත් හොදට බයිට් ගැන දන්නවා වගේ.., හ්ම් හ්ම් හොදයි හොදයි.., හොදට ආගන්තුක සත්කාර දන්නා පවුලක් එකනේ මගට කන්නත් පාර්සල් කරලා දුන්නේ. (ර)

:       0       0

රමණි Friday, 02 October 2015 06:06 AM

පපඩම් කන්න මං හරි ආසයි. (ර)

:       0       0

විජිත Friday, 02 October 2015 01:33 PM

පපඩම් හොඳ බයිට් එකක් (නි)

:       0       0

ප්‍රංශයේ සුජිව Sunday, 04 October 2015 08:31 AM

මේ වගේ විහිළු කිරීම සාමාන්‍ය දෙයක් (ම)

:       0       0

සරත් Saturday, 03 October 2015 02:59 PM

පපඩම් කියන්නේ බැද්ද ගමන් කන්නත් පුළුවන්, පස්සේ හං වෙලා කන්නත් පුළුවන්. මම නම් කන්නේ එහෙම. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site