පසුගිය දිනෙක වයඹ ගමක එක්දරු පියෙක් හදිසියේ මිය ගියේය. තුරුණු වියේ සොඳුරු පෙනුම තවමත් පහව ගොස් නොමැති ඔහු ප‍්‍රදේශයේ ජනපි‍්‍රය පුද්ගලයෙකි. ඔහු දන්නා උදවිය වගේම බොහෝ ප‍්‍රදේශවල හිතවත්හු ද බොහෝ වූහ. එම නිසා ඔහුගේ මරණය සිදුවූ දා සිට අවසන් කටයුතු සිදු කළ අවස්ථාව දක්වා විශාල ජනගඟක් ඔහුගේ නිවසට ගැලූවාය. ඔහුගේ බිරිය ගේ හැඩ වැඩ තවම අඩු වී නැත. දරුවා සමග නොසිටින විට දරුවකු සිටින මවකයැයි අනුමාන වත් කළ නොහැකි තරමට ඇය රූමත්ය. සැමියාගේ සමීප මිතුරකු ද අවමඟුලට සහභාගි වූවා පමණක් නොවේ තම මෝටර් රථය පාවිච්චි කරමින් යම් යම් කටයුතුවලදී උදවු කළේ පවුලේ ඥාතියකු පරිද්දෙනි. වැඩි වශයෙන් කාලය ගත කළේ මිතුරාගේ පුංචි පුතා සුරතල් කරමින් ඔහු සැනසීමටයි. එය මියගිය මිතුරාගේ බිරියට ද ලොකු සහනයක් විය. අවසන් කටයුතු නිමවීමෙන් පසු දුර බැහැරින් පැමිණි පිරිස් ආපසු යාමට සමුගත්හ. හත්දවසේ දාන පින්කම සඳහා මුදල් පරිත්‍යාග පවා සමහරු සිදුකළහ. සමීප මිතුරාද මිතුරාගේ බිරියගෙන් සමු ගත්තේ දානය දවසට පෙර දවසේ තමන් පැමිණෙන බවට පොරොන්දුවක් ද දෙමිනි. ඒ සමග මෙතන සුළු මුදලක් ඇති මට පිං සිද්ධ වෙන්නත් එක්ක දානෙට වියදම් කරන්න කියා ලියුම් කවරයක් ඇය අත තැබුවේය. බිරියට ඒවා පරීක්‍ෂාවට වෙලාවක් හා මානසිකත්වයක් නොවූයෙන් එම කටයුතු කළේ ඇගේ සොයුරියකි. ලියුම් කවරය තුළ රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් සමග කුඩා ලිපියක් ද විය. එහි ලියා තිබුණේ ”ඔයත් දරුවත් තනි වෙන්න මම ඉඩ නොතබමි. ඔයාගේත් දරුවාගේත් ජීවිත වල අනාගත වගකීම මට බාර දෙන්න. හත් දවසේ තුන් මාසේ දාන කටයුතුවලින් පසු තීරණයකට පිවිසෙමු’’ යනුවෙනි. ‘‘දෙය්යෝ සාක්කි මේ මිනිසා මළගෙදර ඉඳලා තියෙන්නේ හිතෙන් මඟුල් ගෙයක් මවාගණනේ” බිරිය නැගණියට පවසා දෑසේ කඳුලූ පිස දැම්මාලූ.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසා
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ‍්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මඟුල්ගෙයක් හිතේ තියාගෙන මළගෙදරක ඇවිත්
ඩී.එම්. ගුණසෝම Monday, 23 January 2012 11:21 AM
මෙවැනි අනුන්ට දුකේදී පිහිටවන මිතුරන් ගැන ආඩම්බරයි
සුගත් Monday, 23 January 2012 01:50 PM
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අය එමටයි
ජයී Monday, 23 January 2012 03:30 PM
ඉක්මන් කෙටියි! කොකා දිය හිඳෙනා මෙන් බලා සිටිය යුතුයි. සෑම දෙයකටම සුදුසු කාලයක් තිබේ.
ෆාරු Monday, 23 January 2012 05:45 PM
අනේ මෙහෙමත් මිනිස්සු
කැලුම් Tuesday, 24 January 2012 09:58 AM
ගින්නක් නැතිව දුමක් දාන්නෙ නෑ නේද?
dnh Tuesday, 24 January 2012 10:06 AM
අනේ ආයෙත් ඔහොම කියන්න එපා. සමහර විට යාලුවගෙ නෝන මහත්තයගෙ ලස්සනට දුක හිතිලද කොහෙද?