ජයට උත්සව සමරා කැඳවාගෙන ආ මනාලියක එහි උණුසුම මැකී යාමටත් මත්තෙන් මනාලයා ප්‍රතික්ෂේප කොට තම මව්පියන් වෙත යෑමේ පුවතක් වයඹ පුරවරයට අයත් රාජධානි සීමාවක පිහිටි පිටිසර ගම්මානයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඇය කොළොම්පුරවරයේ පදිංචි ධනවත් පවුලක උපාධිධාරි දියණියකි. ඔහු වයඹ පුරවරයට අයත් රාජධානි බල ප්‍රදේශයක ප්‍රසිද්ධියක් උසුලන ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකි.
දෙදෙනාම ධනවත් පවුල්වල සාමාජිකයෝය.
මඟුල් කපුවකු සම්බන්ධ වී මංගල කටයුත්ත සිදුකර තිබේ. ජයටම මංගල උත්සවයේ කටයුතු සිදු කෙරුණි.
මනාලයාගේ නිවසේ නැවතුණු මනාලිය අමතන්නට මනාලයා හා එම පාර්ශවයේ පිරිස් කටයුතු කළහ.
මොන උපාධිය තිබුණත් කිසිම රැකියාවක් කරන්නට බැහැ. තම මව්පියන්ට සලකාගෙන අනාගත දරුවන් ද රැකගෙන ගෘහණියක ලෙසට තම වගකීම් ඉටුකළ යුතුයි. එසේ කීවත් ටික දිනකට පසුව නිවසේ වැඩපල කර ගැනීමට මනාලියට වැඩකාරියක අවශ්‍ය විය.
ඊට හාත්පසින් මනාලයාත් ඒ පාර්ශ්වයේ අයත් විරුද්ධ වූහ.
තම ස්වාමියාටත් ඔහුගේ මවට හා පියාටත් තමා අතින්ම කෑම බීම සැකසිය යුතුය. ඒ සඳහා වැඩකාරියන් අවැසි නැත. ඔවුන්ගෙන් ඇයගේ ඉල්ලීමට දැඩි විරෝධය එල්ල විය.
උපතේ සිට සැපට හැදුණු මගේ සහායට ආයලා නැති නම් ඒ බර වැඩ මට කරන්න බෑ කී මනාලිය තමාගේ මව්පියන් වෙත යාමට අදිටන් කළාය.
දුවේ නුඹ යනවා නම් පලයන් අප ආයේ නැවත කැඳවාගෙන යන්න නම් එන්නේ නැත. අපිට නුඹේ අතින් කෑම බීම සපයා නුඹේ අතින්ම උපස්ථාන කරන්න බැරි නම් නුඹත් අපිට එපා. ඔවුහු ඇයට පිළිතුරු දුන්හ.
ඒ අනුව ඇය ගෙනා දැවැදි ද සමගින් තම මව්පියන් වෙතට නික්ම ගියාය. මනාල පාර්ශ්වය ද ඊට කිසිදු විරෝධතාවයක් නැතිව ඒ දෙස බලා සිටියහ.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මඟුලේ උණුසුම යන්න කලින් මනාලිය ගෙදර ගිහින්