IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මඟුල් සාදයේදී සූර්වී පිරිත් නූලක් අතේ බැඳගන්න හදලා

ගහේ බඩු කෝප්ප කීපයක් එක හුස්මට බොන පුරුද්දට මංගල සාදයකදී සැර බීම වීදුරු කීපයක් බඩකට පුරා බී පදම උග‍්‍රවී පිරිත් නූලක් බැඳගැනීමට සෙවූ පුද්ගලයකු පිළිබඳව ඉකුත්දා සබරගමු පළාතේ උත්සව ශාලාවකින් අසන්නට ලැබිණි.

හේ මැදිවිය ද ඉක්මවා සිටි අයෙකි. ලැබුණු ඇරයුමකට අනුව නගරයේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයකට සහභාගි විය.
දිවා භෝජනයට පෙර මධුවිත පානයට ආරාධනා ලැබිණි. සිය ගමෙන් පැමිණි තරුණ පිරිස සමඟ ඔහු ද ඒ සඳහා එක්විය. තරුණ පිරිස ටිකෙන් ටික මධුවිත තොලගාද්දී මොහුද ගමේදී ගහේ බඩු කෝප්ප දෙක තුනක් බොන පුරුද්දට සැර බීම වීදුරු දෙක තුනක්ම එක හුස්මට ඇද දැම්මේය. තරුණ පිරිස ද ඊට අනුබල දුන්හ.

අනතුරුව දිවා භෝජනය සූදානම් කර තිබූ ස්ථානයට පැමිණ හොඳටම සූර්වී උඩින් උඩින් පාවෙන්නාක් මෙන් ගොස් පෝරුව චාරිත‍්‍රයේ අෂ්ටක කී පුද්ගලයා වෙතට හැරී ඔහු වෙත දකුණත දිගහැර ”මචං, බැඳපන් මගෙත් පිරිත් නූලක්” යැයි කීවේය.

ඔහු අන්ද මන්දවී මොන පිරිත් නූලක්දැයි ඇසීය. ”ඇයි...., ඇයි....., තමුසෙ අර මනමාල ජෝඩුවගෙ ඇඟිලි දෙක තියල ගැට ගැහුවෙ, ආන්න ඒවයින්” ”ඒවයින් තමුසෙගෙ ගැටගහන්න තිබුණ මීට අවුරුදු 40කට විතර ඉස්සර හමුවුණානම්”යැයි කිවූ ජ්‍යෙතිෂවේදියා ඔහු මඟහැර ගියේය. බඹර පදං පුද්ගලයා ද කීපදෙනෙකුගේ කර මතින් උත්සව ශාලාවෙන් පිටමං කෙරුණිලූ.



අදහස් (0)

මඟුල් සාදයේදී සූර්වී පිරිත් නූලක් අතේ බැඳගන්න හදලා

ගයනි Tuesday, 17 June 2014 02:22 PM

මේ මත්පැන් සංග්‍රහ නිසා මංගල උත්සව වල නැති ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඉතින් උත්සව වලදී මත්පැන් සංග්‍රහය තම තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයක් ! මම නම් මගේ විවාහ උත්සවයේදී මත්පැන් සංග්‍රහ පැවැත් වුයේ නැහැ. ඒ මුදලත් යොදවා පැමිණි පිරිසට ඉස්තරමින් වෙනත් කෑම බීම සංග්‍රහ කළා. (දී)

:       0       0

සරත් Wednesday, 18 June 2014 06:43 PM

මොනවා වුණත් ගමේ ඒවා හොඳයිනේ (නි)

:       0       0

පිටිගල Tuesday, 17 June 2014 09:27 PM

මටත් දවසක් මඟුල් ගෙදරකදී පදම වැඩිවෙලා නෝනගෙනුත් බැනුම් අහලා, යාලුවෙකුත් තරහ වුණා. ඊටපස්සේ මඟුල් ගෙවල් වලදී බොන්න තහනම්. ගෙදර ඇවිත් ඕනෑතරම් බොන්න අවසරත් ලැබුනා.හැබැයි ඒකෙත් ගතියක් තිබුනා. දැන් නම් ඉතින් මොන බීමද? බීපු කාලයක් මතක නැහැ. (නි)

:       0       0

බමුණු Tuesday, 17 June 2014 03:56 PM

සූර් වෙලා මිනි මරා ගන්නවට වඩා මෙය හොඳයි. බොන කෙනා කොහෙත් බොනවනේ එය නවත්වන්න සක්කරයාගේ මල්ලි විල්මටත් බැහැ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 17 June 2014 10:09 AM

පව්, මනුස්සයෝ සමහරක් ඉන්නවා නිකන් ලැබෙන නිසා ගානක් මිම්මක් නැතිව ගහල දමනවා. පසුව විඳවනවා.(නදී)

:       0       0

ලලිත් - එස්.එල් Tuesday, 17 June 2014 10:16 AM

පව් කවදාවත් බැදල තියා මගුලක් දැකලවත් නැතිව ඇති. (නදී)

:       0       0

උනම්බුව Tuesday, 17 June 2014 04:52 PM

අහිංසක මිනිහෙක් අප්පා (නදී)

:       0       0

රුවන් Tuesday, 17 June 2014 12:03 PM

හුඟක් අයට මෙවැනිදේ වෙනවා.1.නොමිලේ ලැබෙනනිසා,2.හොඳට සූර්වී තෑග්ග හෝ මුදල් කවරය අමතකවීමකින් වගේ නොදී මාරු විය හැකි නිසා. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 12:23 PM

අපි අපේ තරම දැනගෙන ජිවත්විය යුතුයි. (නි)

:       0       0

මාලිංග Tuesday, 17 June 2014 12:28 PM

මගුල් උත්සව නැති කරන්නේ ඔය වැඩකට නැති බීම නිසා තමයි (දී)

:       0       0

කුමුදු Tuesday, 17 June 2014 12:39 PM

බිවුවහම මිනිහා නොමිනිහා වෙනවා කියන්නේ බොරුද (දී)

:       0       0

ශාන්ති Wednesday, 18 June 2014 01:39 AM

මමත් නම් පොඩ්ඩක්වත් කැමති නැහැ මොනම වැදගත් අවස්ථා වලටවත් මත්පැන් තිබෙනවට (නි)

:       0       0

සමන් Tuesday, 17 June 2014 01:23 PM

අපේ ඈයෝ බිල කරන වැඩවල හැටියට මේවා මොනවද ? (දී)

:       0       0

ලලින්ද්‍ර Wednesday, 18 June 2014 01:54 PM

අපේ නෝනත් කැමති නැහැ බොනවට. අැයි හම්බකරන දේ දෙන්නම සමානව භුක්තිවිදිය යුතු එකේ අරක්කුවලට යන වියදම සමානව භුක්ති විදින්න බැහැනේ. උඩින් අරක්කුවල නුගුණ කියල තියන නෝනලත් එහෙම වෙන්න ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 305 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 876 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 768 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 612 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 321 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 284 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site