IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මඤ්ඤොක්කා හොරාටත් පොලිස් ලොක්කාටත් කෘෂිකර්ම පාඩමක්

වගා බිමකින් මඤ්ඤොක්කා ගස් දෙකක් හොරෙන් ගැලවීමක් පිළිබඳ පැමිණිල්ලක් පොලිස් පොතේ ලියැවිණි. පැමිණිල්ලත් විත්තියත් පොලීසියට කැඳවූයේ ඉන්  අනතුරුවය. තමා මේ ගොවි මහතාට අයිති වගා බිමෙන් මඤ්ඤොක්කා ගැලෙව්වා කියන්නේ ඇත්තද? පොලිස් පරීක්‍ෂක ඇසූ ප‍්‍රශ්නය හමුවේ මඳ වේලාවක් නිහඬව සිටි සැකකරු මෙසේ උත්තර දුන්නේය. ඔව් ”සර්”. දරුවන්ට දවල්ටවත් හරියට යමක් කන්න දෙන්න බැරි වුණා. ඒ හින්දා මඤ්ඤොක්කා ගස් දෙකක් ගලවා ගත්තා. එම කතාවත් සමඟ පොලිස් පරීක්‍ෂකවරයාගේ සහ පැමිණිලිකරුගේ මුහුණු අඳුරුවිය. පොලිස් පරීක්‍ෂකවරයා වැඩිදුර විභාගය  තම ස්ථානාධිපතිවරයාට යොමු කළේය. ඇයි මෙහෙම දෙයක් කළේ? තමන්ගේ දරුවන්ට හොරකම් කරපුවා කන්න දෙන්න පව් කියල හිතුනේ නැද්ද?  ඒ ස්ථානාධිපතිගේ කටහඬය. සැකකරුගෙන් උත්තරයක් නොලැබුණු  නිසා ස්ථානාධිපති පැමිණිලිකරුගෙන් මෙසේ ඇසුවේය. මොකද තමා කියන්නේ? නෑ... සර් මට මෙයා ගලවගෙන ගිය මඤ්ඤොක්කා ගස් දෙකේ පාඩුව ඉවසන්න පුළුවන්. නමුත් ඒ ගලවපු ගස් දෙකේ අල ගලවගෙන ගස්වල කොටස් මඤ්ඤොක්කා කොටුවෙම  දාලා ගිය එකෙන් මට වෙච්ච පාඩුව තමයි ඉවසන්න බැරි. ඒ කිව්වේ....? ඒ කිව්වේ සර්, මම මේ ගොවිපොළ හදලා තිබුණේ කිසිම වසක් විසක් පාවිච්චි කරන්නේ නැතිව අපේ  පාරම්පරික කෘෂිකාර්මික  දැනුම ප‍්‍රයෝජනයට අරගෙන. ඒවායේ තිබෙන ගුණදොස් සියල්ල බලලයි. කිසිම සතකුට සිව්පාවකුට ගොවිපොළ ඇතුළුවෙන්න බැරි කෘෂිකර්ම ක‍්‍රමවේදයක් මම අනුගමනය කළා. මේ මනුස්සයා එදා මඤ්ඤොක්කා හොරෙන් ගලවගෙන ඒ ගලවපු ගස් දෙකේ දඬු සහ කොළ එතැනම දාලා ගිය නිසා ඒ දඬුවලයි කොළවලයි ඉවට  වල් ඌරෝ රංචුවක් ඇවිත් වගාවේ පැත්තක්ම විනාශ කරලා. අපි අල වර්ග වගා කරද්දි ඒ අලයක තුවාල වෙච්ච කොටසක්වත් වගාබිමේ තියන්නේ නෑ. එහෙම තිබුනාම තමයි වල් සත්තුන්ගේ හානිය වැඩිවෙන්නේ. කමක් නෑ සර්, මම පැමිණිල්ල අස්කර ගන්නම්. දීර්ඝ කතාවකින් පසුව සැකකරුත් පැමිණිලිකරුත් දෙදෙනාම පොලීසියෙන් පිටව ගියහ.



අදහස් (0)

මඤ්ඤොක්කා හොරාටත් පොලිස් ලොක්කාටත් කෘෂිකර්ම පාඩමක්

හිමාලි මහේෂිකා අමරසිංහ Thursday, 09 August 2012 03:29 PM

දොරමඩලාවට එන තිලක් මහත්තයා කට කැඩෙනකම් කියන්නේ ඔය පාරම්පරික දැනුම ගැනනේ ඉතින් දෙයියනේ ඇයි මේ මිනිස්සු මේවා පයිසෙකටවත් ගණන් නොගන්න එකනේ වැඩේ (ආ මට අමතක උනා පයිසේ කියන්නේ ඉන්දියන් සතයට) නැත්නම් මේ කතාව අන්ධයාට ඇතාගේ හැටි කියා දුන්නා වෙනවා කෙහොම උනත් අපුරු කතාවක් මේ (වි)

:       0       0

තිලක් Friday, 10 August 2012 04:06 AM

අපි හුඟ දෙනෙකුට තියෙන්නේ කම්මැලිකම. මම ගෙයක් හදන්න පර්චස් 40 ක් ගත්තා, ගමේ පාරම්පරික ඉඩම් හිමියෙක් ගෙන්. අවුරුද්දකට විතර පස්සේ 1994 ඡන්දෙන් පසු ඇඳිරිනීතිය දැම්ම වෙලාවේ මේ ඉඩම් හිමියාට උයන්න එළවලු අමු මිරිස් නැතිව මට ඇවිත් කිව්වම මම ගෙවත්තේ වවල තිබුණු බටු, මෑ, කරවිල, පලාවර්ග, මිරිස් ආදිය දවස් තුනක්ම දුන්නා. අද මම ඉඩම් හිමියෙක්. ඒ මනුස්සයට දැන් තියෙන්නේ ගේ යි මිදුලයි විතරයි. හේතුව කම්මැලිකම. (නි)

:       0       0

සපුමල් Friday, 10 August 2012 06:43 AM

මෙය සැමටම හොද පාඩමක්. මටත් කියන්න යමක් තියෙනවා. අපේ පවුල 10 දෙනකුගෙන් යුක්තයි. මට මතකයි අපේ තාත්තා අපි පොඩිකාලේ අසනීප වුණා. මට එතකොට වයස අවු:9 යි. අම්මා රස්සාවක් කළෙත් නැහැ. ලොකු අයියත් පාසැල් යන වයසේ හිටියේ. එම නිසා අපි හොදටම අසරණ වුණා. නැදැයන් අපට උදවු කළේ නැහැ. වෙන කිසිම ආදායමක් තිබුණෙත් නැහැ. එහෙත් අපි කවදාවත් අනුන්ගෙ දේවල් හොරකම් කළේ නැහැ. අම්මා නංගිලා මල්ලිලාත් තාත්තත් බලගෙන ගෙදර හිටිය. පුංචි අපි පාසැල් නිමවු පසු ගෙදර පැමිණ අනුන්ට අයිති කුඹුරුවල කුලී වැඩකළා. එහෙමයි අපි ජීවත් වුණේ. අපි හොදට ඉගෙන ගත්තා. කියන්න ආඩම්බර නැහැ, දැන් අපේ ගමේ හොදින්ම ඉන්නේ අපි. (නි)

:       0       0

කුමාර Thursday, 09 August 2012 04:11 PM

හොරකම වැරදි වැඩක් එත් මේ මනුස්සයා දරුවෝ බඩගින්නේ ඉන්නවා බලන්න බැරි හින්දනේ හොරකම් කලේ.එත් මේක පොලිසියට ආව එකෙන් අපිටත් පුරාණ කෙම් දැනගන්න හැකි උනා.මොනවා උනත් මහන්සි වෙලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ.ඔය බඩගින්න අපිටත් ගොඩක් අත්දැකීම් තියනවා එත් අපේ තාත්ත හොරකම් කෙළේ නැ.මහන්සි වෙලා වැඩ කලා.(ස)

:       0       0

ඩෙන්සිල් Tuesday, 14 August 2012 03:49 AM

මට මනුතාපය පොතේ ජනවර්ජන සහ බිෂොප්තුමා මතක් වුණා. (නි)

:       0       0

සරත් Thursday, 09 August 2012 09:54 AM

හොඳ ගොවිමහතෙක් හා හොඳ මනුස්සයෙක්...(ස)

:       0       0

වරුණ Thursday, 09 August 2012 09:56 AM

මමනම් මේක දකින්නේ ආශ්චර්‍යමත් සිදුවීමක් විදියටයි..(ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 August 2012 04:31 PM

මේ කියන වටිනා ගොවියාගෙන් අර පැපොල් ගස් විනාශකළ මාර ගොවියන්ට හොද පාඩමක් උගන්වන්න පුළුවං..!(නු)

:       0       0

සජී Thursday, 09 August 2012 10:19 AM

ඇත්තටම මේ කතාව ගොඩාක් වටිනවා.... අපිටත් යමක් ඉගෙන ගතහැකි මේකෙන්...(ස)

:       0       0

නිලන්ත Friday, 10 August 2012 09:27 AM

සපුමල්, ඔයාගේ අතීතයට මම තැමතියි. ඔන්න මිනිස්සු. (නි)

:       0       0

එස්.එල්.ටී.තේ. Thursday, 09 August 2012 10:57 AM

ගොවිමහතා හොඳ උනාට, සොරකම් කල කෙනාට හොඳ කියන්න බැහැ නේ ද? දරුවන්ට කන්න උනත් හොරකම් කරන එක වැරදිනේ. හේතුව කියල ඉල්ලගන්න තිබුන. එහෙමත් බැරි උනාන්නම් තම හොරකමට යන්න තිබුනේ. දැන් කරන්න තියෙන හොඳම දෙයතම අනාගතය ගැනත් හිතල තමන්ගේම ඉඩමේ මඤ්ඤොක්කා ගස් ටිකක් වවා ගන්න එක. ඔය ගොවිමහතාගෙන් ම උපදෙස් හා උපකාර ගන්න බැරි වෙන එකක් නැහැ. (නු)

:       0       0

විජේ පෙරේරා Thursday, 09 August 2012 11:23 AM

හොද පාඩමක් අපිටත්.....(ස)

:       0       0

අනුර Saturday, 11 August 2012 01:31 PM

ගෙදර මොනවාහරි හිටව ගත්තනම් මේ වගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්නවනේ.. (ස)

:       0       0

නිරෝෂන් Saturday, 01 September 2012 06:12 PM

නව දඩුවම් ක්‍රමයක් (දී)

:       0       0

මලිත් Thursday, 09 August 2012 05:58 PM

වැඩක් කරද්දී පිළිවෙළකට කළානම් ඉවරනේ. (නි)

:       0       0

දමිත් Wednesday, 15 August 2012 12:13 AM

හොද ගොවි මහතෙක්. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 06:45 PM

මේ පාඩම පොලිසියට විතරක් නෙමෙයි, අපටත් පොදුයි. (නි)

:       0       0

කැතී Thursday, 09 August 2012 01:02 PM

ඇත්තටම මේක හරිම හොද හරිම ආදර්ශමත් වැඩක්. (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 09 August 2012 01:20 PM

හොඳ ගොවි මහතෙක් හොරෙන් ගලවන්නේ නැතුව ඉල්ලන්න තිබුණනේ .මොකද සිංහල අපි ඉල්ලුවම කන්න දෙන්නේ නැති අයද ...?(ස)

:       0       0

බමුණුසිංහ Thursday, 09 August 2012 01:33 PM

හොරකම වරදක් බව ඇත්ත. නමුත් තමන්ගේ බඩගින්න නිවා ගන්න මිනිසුන් මීටත් වැඩිය හුගක් දරුණු දේවල් කරනවා. (නි)

:       0       0

පියල් Thursday, 09 August 2012 08:33 PM

මට හිතුනා සැක කරු මේ කතාව කියයි කියලා.මොකද මේක දැන් ලංකාවේ ජනප්‍රියයිනේ.. (ස)

:       0       0

පුබුදු Friday, 10 August 2012 01:45 PM

මේකෙන් පැහැදිලි වෙන්නේ මිනිස්සු දරිදුතාවයේ පතුලටම යන බව නොවේද ?? (ස)

:       0       0

බන්දුල Saturday, 11 August 2012 01:09 AM

පුංචියි කියලා හිතාගෙන කරන හොරකමේ බරපතළකම ගොවි මහත්තයා අපට කියා දෙනවා. (නි)

:       0       0

අමරා අයිරාංගනී Thursday, 09 August 2012 09:24 PM

බඩගිනී කියල ඉල්ලුවානම් මොකද වෙන්නේ දරුවෝ (අ)

:       0       0

විභූති Thursday, 09 August 2012 02:13 PM

මෙවැනි දේ පළ කිරීමෙන් සමාජයට යහපතක් ලබාදේ....!!(නු)

:       0       0

ජගත් බාලසූරිය ලන්ඩන් Thursday, 09 August 2012 02:11 PM

හොරකම අනුමත නොකරමි.. නමුත් නියම තාත්තා කෙනෙකුට දරුවන්ගේ බඩගින්න වෙනුවෙන් කළ නොහැක්කක් නොමැත.. (නු)

:       0       0

අමිල කටුනායක Thursday, 09 August 2012 02:22 PM

සියළු ගිනිවලට වඩා බඩ ගින්න ලොකුයි.. තම දරුවන්ට හොරකම් කළ දේවල් නොකවා කුලී වැඩක් කර හෝ කීයක් වත් සොයා කෑමට යමක් දුන්නානම් හොදයි නේද මහත්තයෝ...!!(නු)

:       0       0

පෙරේරා Saturday, 11 August 2012 07:14 AM

බඩ ගින්නෙ මැරුනත් මම නම් අනුන්ගෙ දෙවල් හොරකම් කරන්නෙ නැහැ.ඒක මගේ ප්‍රතිපත්තිය..(ස)

:       0       0

සම්පත් Thursday, 09 August 2012 02:59 PM

හැම අගලකම වවන්න පුළුවං රටේ බඩගින්නෙ මිනිස්සු දුක් විදින එක කණගාටුවට කරුණක්..විශේෂයෙන්ම පොඩි දරුවො...!!

:       0       0

මහී Friday, 10 August 2012 12:09 AM

මඤ්ඤොක්කා හොරකමට යන්න හොඳ වගා බිම. පිළිවෙළකට හොරකමට යන්න පුළුවන්. හොඳ ගොවියෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site