IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මොඩ් සංගීතය ඉවසනු බැරිව අල්ලපු ගෙදර කත පොලිසි ගිහින්

තම  අසල්වැසි නිවසේ තරුණ කණ්ඩායමක් හැමදාම හැන්දෑවට ඉතාම  අසභ්‍ය හඬක්  නංවන සංගීත වාදනයක් කරන බව නිවසේ හුදකලාව සිටින කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක්  කර ඇත. මේ මොහොතේ පොලිස් නිලධාරියා ඒ හඬ  කුමක්දැයි ඇසුවත් ඇය ලැජ්ජාවෙන් ඒ ගැන කීවේ නැත. පැමිණිල්ල ලියාගත් නිලධාරියා චූදිතයින්ට පොලිසියට එන ලෙස කීවේ වාද්‍ය භාණ්ඩ සියල්ලත් රැගෙනය. පොලිසියේදී පැමිලිකාරිය ඉදිරිපිට දී මෙම අසභ්‍ය වාදනය කරන්නට කී විට ඔවුුහු නවීන ගීතයක තාලයට වාදනය කළහ. ඒ මොහොතේ ඇය ”ඔය ඔය  චිකේයිය. අපෝ  ඕක නවත්වන්න” කී වේ එය ඉවසාගත නොහැකි පරිද්දෙනි. මේ අරුම පුදුම වාදනය ඇසීමට මේ වනවිට පොලිසියේ විශාල පිරිසක් ද එක්ව සිටියහ. එම වාදනයේ කිසිදු අසභ්‍ය බවක් නැති  බව කී ඔවුන් ”ඔයා එක එක දේවල් හිතාගෙන අහන කොට එහෙම ඇහෙනවා ඇති”  කීවේ සිනාසෙමිනි. අනුන්ට කරදර වන පරිදි නොහැසිරෙන ලෙස තරුණයන්ට අවවාද කළ පොලිස් නිලධාරියා මේ කාන්තාව  මානසික වෛද්‍යවරයකුට යොමු කළ යුතුව ඇතැයි අන් අයට කීවාලූ. සිද්ධිය අසන්නට  ලැබුණේ අගනුවර ආසන්න ප‍්‍රදේශයකිනි.



අදහස් (0)

මොඩ් සංගීතය ඉවසනු බැරිව අල්ලපු ගෙදර කත පොලිසි ගිහින්

සුදු නංගා Saturday, 16 June 2012 01:20 AM

මොනවද අප්පා මේ.......

:       0       0

පොතේ ගුරා Friday, 15 June 2012 03:50 PM

සරිගමපධනි කණපිට හරෝලා ගැහුවද දන්නේ නෑ

:       0       0

සීයා Sunday, 17 June 2012 09:59 PM

එදා වගේ යටලීයෙන් නාරිලතා ඇහුවනම් මෙයායට මොනවා හිතෙයිද ?

:       0       0

ජයා Friday, 15 June 2012 04:48 PM

ක්‍රිකට් මැච් එකකදි පපර බෑන්ඩ් එකක සිංදු ඇහුවනම් එයා එල්ලිලා මැරෙයි

:       0       0

බෙන්‍ ටෙන් Friday, 15 June 2012 10:18 AM

ලෝකයේ විහිළුම රට බවට ලංකාව පත්නොවු‍නහොත් හොදයි... නැත්නම් වගකීමක් ඇති ‍ආයතනයක් මේ වගේ වැඩක් කරයි ද...? අපරාදේ තරුණයින්ගේ පොලීසියේ ගත කළ වටිනා කාලය....

:       0       0

සීයා Friday, 15 June 2012 09:48 AM

ඕක මහ දෙයක්ද ? ‍නෝනට පරණ තැටියක් දාල දුන්නනම් හරි...

:       0       0

සිසිර Friday, 15 June 2012 10:41 AM

හුදකලා විරාමයේදි....

:       0       0

Thursday, 21 June 2012 01:29 PM

තමන් කැමති සින්දුවක් ගෙදර ඇතුලත සිමාව තුල පමනක් ඇහෙන විදිහට දාගෙන අහන්න කාටත් නිදහස තියෙන්වා. එත් අල්ලපු ගෙවල් වල අයට කරදර වෙන විදිහට සද්දෙ වැඩි කරලා අහනවානම් එක හිරිහැරයක්. මොකද ඔවුන් අකැමති සින්දු නො අසා සිටිම ඔවුන්ගෙ අයිතිය නිසා. දැන් සම හරක් ඉන්නවා එවාගෙ සිලාචාර ගති පැවතුම් නැති අය. එවැනි අයට නිසි දඩුවම් දිය යුතුයි. ඒක නිතියෙනුත් වරදක්.

:       0       0

ෂෙරීෆ් Friday, 15 June 2012 10:50 AM

මට පොඩ්ඩක් හිනා ගියා

:       0       0

දුරාචාර්ය Wednesday, 20 June 2012 03:04 AM

මම දන්නවා ඔට සද්දෙ

:       0       0

ෆාරු Friday, 15 June 2012 12:19 PM

අනේ අපේ කොල්ලනේ.මේවා ගණන් ගන්න එපා.යන්න යන්න ඉදිරියටම

:       0       0

සකලබුජන් Monday, 18 June 2012 09:04 AM

චීයා....දාමුද තව සිංදුවක් ?මමත් එනවා බෝයි එක්ක ...නටන්න පුඵවන් නේද ???.

:       0       0

නල්ල තම්බි Monday, 18 June 2012 10:36 AM

ශා මාර සීන් එකක් නේ අප්පා .. දාමුද මගේ "සා ප්‍රසංගය" නෝනා කැරකිලා වැටෙන්ඩ

:       0       0

අමිල කටුනායක Friday, 15 June 2012 08:26 PM

කූක්... කූක්........කියලා ඇහෙන්න ඇති.

:       0       0

ආචාර්ය MR Tuesday, 19 June 2012 12:07 AM

චීයා....දාමුද නෝනා කැරකිලා තව එකක්....!!! මාර සීන් එකක් නේ.... ඔය ඔය චිකේයිය. අපෝ ඕක නවත්වන්න. කළන්තෙ දාල වැටේවි..

:       0       0

ඇටකිච්චා Saturday, 16 June 2012 10:10 PM

මෙහෙත් ඉන්නවා මානසික වෛද්‍යවරයකු හමුවිය යුතු ආචාරියෙක්.. ගෑණු නම්වලින් තමන්ම කමෙන්ට් දාගෙන තමන්ම පුම්බ ගන්න හදන කෙනෙක්...අන්න ඒක්ක යන්න නෝනො

:       0       0

ඇටකිච්චා Saturday, 16 June 2012 10:19 PM

එහෙනම් අමරදේව මහත්තයගෙ කුමරියක පා සළඹ සිංදුව ‍ව‍ගේ එකක් ඇහුවනම් ඒ නොන කළන්තෙ දාල වැටේවි..

:       0       0

දේශානි Friday, 15 June 2012 10:32 PM

දැන් සිංදු කියන්න අවසරත් ගන්න ඔනිද?

:       0       0

නදීකා Sunday, 17 June 2012 05:54 PM

ඇටිකිච්චා තෝ අපේ ආචාර්ය තුමාට බැන්නොත් බලා‍ගෙන. එතුමා වගේ උගත් කෙනෙක් comments දාන එක කොච්චර නම්බුවක්ද මේකට.

:       0       0

ඇටකිච්චා Saturday, 16 June 2012 10:51 PM

නන්දා මාලනී අල්ලපු ගෙදර සිංදු කිව්වනම් කෙලින්ම පොලිසියෙ....

:       0       0

ඇටකිච්චා Saturday, 16 June 2012 10:53 PM

සමාවෙන්න සමාවෙන්න. මට පස්සෙයි තේරණේ.. ඒ නෝන කිව්වෙ උන් මොන කුණුහරපයක් කියනවාද මන්ද කියල වෙන්න ඇති.. මොකද මේ අලුත් සිංදුවල ඇත්තටම කියන්නෙ මොන කුණුහරපයක්ද කියල මෙලෝ සතෙකු‍ට තේරෙන්නෙ නැහැනෙ...

:       0       0

ප්‍රියලාත් Friday, 15 June 2012 02:18 PM

අනුන්ට හිරිහැර වෙන විදියට සංගීතය අහන අයට හොද වැඩේ

:       0       0

පොල් එන්. හතුහූරන Sunday, 17 June 2012 12:58 AM

සංගීතය විශ්ව භාෂාවක් නේ. එකෙක්කෙනාට එක එක විදියට ඇහෙන්ඩ පුළුවන්. එය තමයි සංගීතයේ තියන පුළුල් බව. මේක තේරුම් ගන්ඩ.

:       0       0

තසංක වීරකෝන් Sunday, 17 June 2012 12:31 AM

මේ කාන්තාව හරි..විවිධ අයගේ රස වින්දනය විවිධයි.. සින්දු අහනවා නම් තමන්ගේ රස වින්දනයට තමන්ගේ නිවස ඇතුලත පමණක් ඇසෙන සේ දාගන්න ඕනේ... මේක විදේශ රටවල නම් නීතියක්. ශබ්ධ දූෂණයෙන් තොර පරිසරයක ජීවත් වීමට හැමෝටම අයිතියක් තියෙනව.. මම මේක අත්දෙකීමෙන් දන්නවා. මගේ ගෙදර ඉහත මාලයේ සිටි කළු ජාතිකයන් පිරිසක් හැමදාම මේ වගේ ගෝෂා කාරී සින්දු දානවා. මම වැඩ ඇරිලා අවම හරි වදයක්. මට පරිසර අධිකාරියට පැමිණිලි කරන්න උනා.. දැන් ලංකාවේ අහන්න පුළුවන් නවීන සින්දු නෙවේ මල විකාර තියෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site