IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මිතුරියගෙ දරුවා පෙන්නා පෝලිමෙන් පැනගත්තාට චොකලට් පෙත්තක්

 (උණවටුන ඩී.ජී. සුගතපාල)
ත්‍රිරෝද රථයකින් පැමිණ බැංකුව ඉදිරිපිටින් බැස ගත් කාන්තාවකි. ඇය මැදි වයස ආසන්නයට ළං වෙමින් සිටියාය. වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගන්නට ඇය බොහෝ වෙහෙස මහන්සි වී තිබෙන පාටක් දක්නට ලැබිණි. එමෙන්ම ඇය මැද පෙරදිග රටක සිට  මෑතක පැමිණි බවක්ද පෙනෙන්නට තිබිණි.


ත්‍රිරෝද රථයෙන් බැස ගත් ඇය දොර ළඟට ගොස් බැංකුව තුළට එබී බැලු‍වාය. මේ දිනවල රටේ පවතින අයහපත් වාතාවරණය නිසා වරකට බැංකුව ඇතුළට ගන්නේ සීමිත පිරිසක් නිසා එහි වූයේ  දිගු පෝලිමකි. එපමණ දිගු පෝලිමක රැඳී සිටින්නට ඇය අකමැති වූවාය. එනිසා පෝලිම අඩුවූ විට එන අදහසින් ඇය පාරට බැස්සාය. ඒ සමගම ඇයගේ පරණ මිතුරියක් හමුවිය. මිතුරියට අවුරුදු දෙකක තරම් වයසේ පසුවන කුඩා දියණියක්ද වූවාය.


“හා කොහොමද  ඉතින්, කොච්චර කාලෙකින්ද දැක්කේ? මේ බබාත් වඩාගෙන කොහේද යන්නේ“ ඇය මිතුරියගේ දුක සැප විමසමින් දිර්ඝ පිළිසඳරක යෙදෙන්නට වුවාය.


“ඉතින් ආරංචි වුණා ඔයා රටගියා කියලා. ළඟදිද ආවේ?’’ මිතුරියද ඇගේ විස්තර විමසුවාය.


“ඔව් ගිය සතියෙ ආවේ, බැංකුවට ආව සල්ලි ටිකක් ගන්න, අපෝ එතැන පෝලිම දැක්කම එපා වෙනවා. වරුවක් විතර ඉන්නවෙයි. මේ බබා පොඩ්ඩක් මට වඩා ගන්න දෙන්න’’


ඇය මිතුරියගේ බබා වඩාගෙන බැංකුවේ දොර ළඟට ගියාය. බබා “අම්මා අම්මා’’ කියමින් කෑ ගසන්නට විය. දොර ළඟ සිටි ආරක්ෂකයාද කුඩා දරුවා වඩාගෙන සිටි නිසා ඇය බැංකුව ඇතුළට ගත්තේය. බබා වඩාගෙන බැංකුවට ඇතුළුවූ  ඇය දිගු පෝලිමේ මුලටම ගොස් කවුන්ටරයේ සිටි නිලධාරිනියට පොත ඉදිරිපත් කලාය. පෝලිමේ සිටි අයගෙන්ද බාධාවක් නොවූයේ දරුවාද මහ හඬින් අම්මා අම්මා කියමින් අඬන්නට වූ නිසාය. මේ අතර කවුන්ටරයේ සිටි  නිලධාරිනියද  කඩිනමින් ඇයගේ මුදල් ලබා දුන්නාය. බැංකුවේ දොරකඩටවී දරුවාගේ අම්මාද බලා සිටියාය. එලියට පැමිණි ඇය දරුවා මිතුරියට දුන්නාය.


“ඉන්න මම බබාට චොක්ලට් ගේන්නම්’’ කී ඇය අසල කඩයකට ගොස් රුපියල් දහයක චොක්ලට් පෙත්තක් ගෙනැවිත් දරුවා අත තැබුවාය. එහෙත් දරුවා එය ප්‍රතික්ෂේප කරමින් අම්මාගේ පපුවට තුරුල් විය.


“හරි හරි අපි යන්නම්’’ කියමින් ඇය ඉක්මන් ගමනින් ගියේ මිතුරියට හිතින් දොස් පවරමිනි.



අදහස් (0)

මිතුරියගෙ දරුවා පෙන්නා පෝලිමෙන් පැනගත්තාට චොකලට් පෙත්තක්

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 43 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 796 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 707 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 577 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 284 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 255 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site