(හඟුරන්කෙත - ඒ.ජේ. කරඳගොල්ල)
සිය මවගෙන් බිව් කිරිවල පව් ගෙවීමට අවශ්‍ය බව පවසා මව නවීන වාහනයකින් නිවෙසට රැගෙන ගිය පුතකු මව සතුව තිබූ රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙන ඇය බස් රථයකින් නිවසට එවීමේ පුවතක් මතුරට පොලිස් වසමේ දුෂ්කර ගම්මානයකින් වාර්තා විය.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.
මතුරට පොලිස් වසමේ දුෂ්කර ගම්මානයක පදිංචිව සිටින මෙම වයෝවෘද්ධ මවගේ වැඩිමහල් පුත්‍රයා පොලොන්නරුව ප්‍රදේශයේ රෙදි පිළි අලෙවිසලක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි. මවගේ පුත්‍රයකු යුද හමුදාවේ රාජකාරී කිරීමේදී අතුරුදන්වීම හේතුවෙන් විශ්‍රාම වැටුපක් හිමිවන අතර එයින් සිය සැමියාද සමග සතුටින් වාසයකර ඇත.
පසුගිය දිනක වායු සමනය කළ නවීන රථයකින් පැමිණි වැඩිමහල් පුත්‍රයා මවගෙන් බිව් කිරිවල පව් ගෙවීමට අවශ්‍ය බැවින් සිය නිවසට පැමිණෙන ලෙස පවසා ඇත. සිය වැඩිමහල් පුත්‍රයාගෙන් ඇප උපස්ථාන ලබාගැනීමට ප්‍රථම වරට අවස්ථාවක් ලැබීමෙන් අපමණ ප්‍රීතියට පත්වු මවද සිය පුත්‍රයාගේ නවීන රථයෙන් පුතාගේ නිවස බලා පිටත්ව ඇත.
මාස දෙකක පමණ කාලයක් සිය වැඩිමහල් පුත්‍රයාගේ නිවසේ සිටියදී පුත්‍රයා මව සතුව තිබූ රුපියල් පනස් දහසක මුදලක් මුලින්ම රැගෙන ඇති අතර පසුව මවගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂයක මුදලක්ද ඇය රවටා ලබාගෙන ඇත. රෙදිපිළි මාලිගයක හිමිකරුවෙකු වෙන මෙම පුත්‍රයා මුදල් ලබාගැනීමෙන් පසුව මව ඇඳගෙන ගිය ඇඳුම් පිටින්ම බස් රථයක නංවා හිස් අතින්ම නිවසට එවා ඇත. පිනට දීමට තිබූ මුදල් අහිමිවීමෙන් මව දැඩි සංවේගයට පත්ව මේ බව වසම් භාර ග්‍රාම නිලධාරී මහතාද හමුවී සිය දුක්ගැනවිල්ල පවසා ඇත.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මව සැප රියකින් නිවෙසට ගෙනගිය පුතා ගැටේ ලිහා බස්රියකින් ආපසු එවලා
naradha Monday, 22 October 2018 02:39 PM
අද වැඩියෙන්ම පරිස්සම් විය යුත්තේ තමන්ගේම පව්ලේ අයගෙනුයි.
benat Wednesday, 24 October 2018 02:30 PM
අතේ සල්ලි කොච්චර තිබුණත් වැඩක් නැහැ හිතෙන හිඟන්නෙක් නම්...