IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මුහුණු පොතේ පෙමට දැක්කදාම තිත

ෆේස් බුක් හෙවත් මුහුණු පොත නමැති අන්තර්ජාල සමාජ වෙබ් අඩවිය ඔස්සේ හඳුනාගත් පුද්ගලයකුට රැවටී තමන් සතු වටිනාම දේ ඔහුට පූජා කළ බව කියන 19 හැවිරිදි තරුණියක් පිළිබඳව පුවතක් පසුගියදා පුත්තලම කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශයකින් වාර්තා විය. 


ඇය මෙම සිදුවීමට සතියකට පමණ ඉහතදී සිය ෆේස් බුක්  ගිණුම ඔස්සේ තරුණයකු හඳුනාගෙන ඇත. කොළඹ ප්‍රදේශයේ වැඩපලක කාර්මිකයකු  වශයෙන්  සේවය කරන අයකු බවත් කියති. 


මොවුන් දෙදෙනා ෆේස් බුක් ඔස්සේ හඳුනාගෙන සතියක් ගතවනවිට අදහස් හුවමාරු කර ගැනීම අතින් බොහෝ දුර ගොස් තිබී ඇත. ඒ අනුව තරුණියගේ නාඩි වැටෙන අයුරු හොඳින් වටහාගත් තරුණයා තමා හමුවීම සඳහා නගරයට එන ලෙසට තරුණියට ආරාධනාවක් කර ඇත. 


මිතුරාගේ ඇරයුම මහත් ඉහළින් පිළිගත් තරුණියද තමන්ට එවැනි අවස්ථාවක්  ලැබීම කෙරෙහි මහත්සේ සතුටට පත්ව ඇත. මෙම තරුණිය තමන් යෙහෙළියක  හමුවීමට යන බවට සිය මවට පවසා පසුදින  උදෑසනම  ජැන්ඩියට හැඳ පැලඳගෙන මිතුරා හමුවීම සඳහා සැතපුම් 40ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන නගරයකට ගොස් ඇත. 


මග සලකුණු ඔස්සේ කතිකාකරගත් නියමිත ස්ථානයකදී  දෙදෙනාට දෙදෙනා මුණ ගැසී ඇත. 


තරුණිය මෙන්ම ජැන්ඩියට හැඳ පැළඳගත් තරුණයාද සිය ගොදුර ඩැහැ ගැනීම සඳහා අමතර හිස්වැසුමක්ද සහිතව යතුරුපැදියකින් නගරයට පැමිණ සිටියේය. 


මේ අතර එදින සවස අදාළ නගරයට සැතපුම් 40කට පමණ දුරින් පිහිටි පොලිස්බල ප්‍රදේශයක අතුරු මාර්ගයක් ඔස්සේ හඬා වැළපෙමින් ප්‍රධාන මාර්ගය දෙසට දිව එන නාඳුනන තරුණියක ඒ අවට වැසියන් පිරිසක් දැක ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ඔවුන් තරුණියගේ ගමන වළක්වා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට බාරදීමට කටයුතු කර තිබිණි. 


එහිදී වැඩිදුරටත් අනාවරණය වූ තොරතුරුවලට අනුව තමන්ට පළමු වතාවට එදින උදෑසන නගරයේදී හමුවූ ෆේස් බුක් මිතුරා සමග මෙම තරුණිය රිසිසේ විනෝද වී ඇත. ඒ අනුව පෙම්වතුන් බවට පත් වූ ඔවුන් අනතුරුව සිනමා ශාලාවක විශේෂ නැරඹුම් කුටියකද  තනිවී සිට ඇත. 


සිනමා ශාලාවේ සිහින ලෝකයෙන් අවදිව ඉන් පිටතට පැමිණි පසු තරුණිය සිය පෙම්වතාගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ තමන්ට යළිත් නිවසට යා නොහැකි බවත් තමා රැගෙන ගොස් විවාහ කර ගන්නා ලෙසත්ය. තරුණියගේ ඉල්ලීම බරපතළ එකක් බව මෙහිදී තරුණයාට අවබෝධ වන්නට වැඩි වෙලාවක් නොගියේය. ඒ ඔහු එවැන්නක් බලාපොරොත්තුවෙන් ඇය ඇසුරු නොකළ නිසාය. එහෙත් ඔහු ඒ බවක් තරුණියට නොහඟවා ඇය සිය යතුරුපැදියට නංවාගෙන ඇති අතර එසේ නංවාගත් තරුණිය නාඳුනන පෙදෙසකට රැගෙන ගොස් මෙසේ අතරමග දමා තරුණයා පලා ගොස් ඇති බවට අනාවරණය විය. 

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි) 



අදහස් (0)

මුහුණු පොතේ පෙමට දැක්කදාම තිත

ජනහිත Friday, 14 October 2016 06:25 PM

අනේ අපොයි! දැන්වත් ඔය මුහුණු පොත් ආදරය නවත්වන්න. අත්‍යවශ්‍යම නම් මවුපියනට කියලා හොඳ දෙයක් කරගන්න. ඉස්සර නම් තිබුනේ පාසල් පෙමනේ. අපරාදේ කරදරේ වැටෙන්න එපා. (නි)

:       0       0

රූපවති Saturday, 15 October 2016 08:57 PM

මේ කොල්ලට හොයාගෙන ගිහිල්ල ..සම්මානයක් දෙන්න වටිනවා ඔලුව පාවිච්ච්චි කරලා මේ වගේ දෙයක් කරන්න ගණ දෙවි නුවන පහල වෙලා තිබුනට ...? මෝඩ කෙල්ලන්ට තියෙන කුලප්පුවට හොද උත්තරයක් , හොදම හොද පාඩමක් මේ ..?

:       0       0

පිටබැද්දර ජයා Sunday, 16 October 2016 12:22 AM

මමත් හැමදාම කියන්නේ ඔය රුපොවති කියල තියෙන ටිකම තමයි , (අ)

:       0       0

රූපවතී Sunday, 16 October 2016 04:42 AM

පිට බැද්දර ජයා අයියේ ..කොලු පැටිය යන්නේ කොහෙද කියලත් ටිකක් හොයල බලන්නත් අමතක කරන්න එපෝ ...? (බ)

:       0       0

අමරසිරි ප්‍රියංකර ජයසිංහ ආරච්චිගේ Sunday, 16 October 2016 06:33 AM

මුහුණත් පිටුවක් නිකුත් කිරීමට කොන්දේසි අනුව ඇතුල් වීමට ෆේස්බුක් නිර්මාතෘ සහ කණ්ඩායම ලඟදීම හඳුන්වා දේ.අපි හඳුන්වමු මුහුණත් පිටුව නමින් මුත් මෙම පිටුව වෙස්මුහුණු දාගත් අය බොහෝ ඇත.ඔවුන්ගෙ අරමුණ සමාජය දැනුවත් කිරීමවත්,මාධ්‍ය හා සමාන සත්‍යය තොරතුරු රැස් කිරීමවත් නොව,ස්ත්‍රි පක්ෂය රැවටීම සහ ඔවුන්ගෙ පටු මානසික වින්දනය මගහරවා ගැන්මට පමණි.දෙපක්ෂයෙම අවශ්‍යයතාවය එය බව නම් මැනවින් තහවුරු වේ.ශ්‍රී ලාංකික මුහුණත් පිටුවල 90%ක් ගේම අවශ්‍යයතාව මෙය බවට කිසිදු බියකින් තොරව දන්වමි.සමාජ ජාලය හරහා පනගැන්වෙන නීති රටක පාලන පක්ෂය හැඩගැස්වීම සඳහාද උපකාරීවේ. (අ)

:       0       0

ජයරත්න Sunday, 16 October 2016 07:11 AM

කොල්ලොනම් ඉතින් කොහේ ගියාම මොකෝ ? ගෙදර එනකොට කහ වතුර ටිකක් ඉහලා ගෙට ගන්න එකනේ , ගැහැණු දරුවෙක් එහෙම බැහැනේ , මේ අපේ අම්මා දොඩපු කතාවක් හරිය (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site