IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


යතුරු පැදි බලපත ගන්න ඇවිත් අපූරු අටක් ගහලා


යතුරුපැදි රියැදුරු බලපත‍්‍රය ලබාගැනීම පිණිස පවත්වන ප‍්‍රායෝගික පරීක්ෂණයකදී අදාළ මෝටර් රථ පරීක්ෂකවරයා විසින් 8 ගසන ලෙස දැනුම් දුන් අවස්ථාවේ එක් බලපත‍්‍ර අයදුම්කරුවෙකු ගැසූ අපූරු අටක් පිළිබඳව කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වේ.


එදා රියැදුරු බලපත‍්‍ර සඳහා ප‍්‍රායෝගික පරීක්ෂණය පවත්වන දිනයකි. න්‍යායාත්මක පරීක්ෂණයට සමත්වූ බොහෝදෙනෙක් මෙම ප‍්‍රායෝගික පරීක්ෂණයට මුහුණදීමට පැමිණ සිටියහ.


මෝටර් රථ දෙපාර්තමේන්තු පරීක්ෂකවරුන් පැමිණි වහාම බර වාහන, සැහැල්ලූ වාහන, ත‍්‍රිරෝද හා යතුරුපැදි සඳහා වෙන වෙනම ස්ථාන බෙදා පරීක්ෂණය ආරම්භ කෙරුණි.


මෙම පරීක්ෂණයට සහභාගී වූ පිිරිස අතර එක්තරා රියැදුරු පාසලකින් පැමිණ සිටි කණ්ඩායමකි. යතුරුපැදි බලපත‍්‍ර ලබාගැනීම පිණිස ඔවුන් පැමිණ සිටියේ රියැදුරු පාසලෙන් ලබාගත් යතුරුපැදියක්ද සහිතවය.


සියලූදෙනා තම ජංගම දුරකථන ක‍්‍රියාවිරහිත කරගන්න යැයි ලැබුණු අණින් පසු ප‍්‍රායෝගික පරීක්ෂණය ආරම්භවූ අතර මුලින්ම ඉහත කී රියැදුරු පාසලෙන් පැමිණි ජැණ්ඩියට හැඳ පැළඳගත් තරුණයෙකුට අවස්ථාව ලැබුණි.


”හොඳයි අට ගහන්න බලන්න” යැයි පරීක්ෂකවරයා ලබාදුන් අවසරය මත ”හරි සර්..” කියමින් යතුරුපැදියට නැග සෙමින් එය පදවාගෙන එම ස්ථානයෙන් ඉවත් වූයේ සියලූදෙනා මවිතයට පත් කරමිනි.


ටික වේලාවක් ගත වුවත් ඔහු ආපසු නොපැමිණි හෙයින් හා ජංගම දුරකතනය ක‍්‍රියා විරහිතකොට ඇති බැවින් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි හෙයින් පරීක්ෂකවරයා වෙනත් යතුරුපැදියක් යොදාගෙන පරීක්ෂණය නැවත ආරම්භ කළේය.


පැය භාගයකින් පමණ පෙරකී තරුණයා යතුරුපැදිය පැදගෙන පරීක්ෂකවරයා සිටි ස්ථානයට පැමිණි අතර ඔහු ඉතාමත් ජයග‍්‍රාහී ලීලාවෙන් යතුරුපැදියෙන් බසිමින් පැවසූයේ ”ඔන්න සර් හරියටම කිලෝමීටර් අටක් ගියා. මීටරේ බලන්න කියාය.”


මොහු අට ගැසීම යන්න වටහාගෙන ඇත්තේ කිලෝමීටර් අටක් පැදවීම බව තේරුම් ගත් පරීක්ෂකවරයාට උඩ බිම බැලූවේ කීමට කිසිවක් කටට නොආ බැවිනි.



අදහස් (0)

යතුරු පැදි බලපත ගන්න ඇවිත් අපූරු අටක් ගහලා

රෙජි-සිඩ්නි Monday, 15 June 2015 08:53 AM

"කියන්නා කොහොමකීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕනි "කියන්නේ ඕකට වෙන්න ඇති' (ම)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 17 June 2015 03:37 AM

අපේ මල්ලි කෙනෙක් ඉන්නවා ඉබ්බාගමුවේ සම්පත් කියලා. එයාට වුනු දෙයක් වගේ .(ම)

:       0       0

කැළුම් Tuesday, 16 June 2015 02:43 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 June 2015 07:46 AM

අට ගහන්න පුරුදු කරන්නේ පුහුණු පාසලෙන්නේ.ඉතින් ඔහොම දෙයක් වෙන්නේ කොහොමද.විස්වාශ කරන්න අමාරුයි. (ස)

:       0       0

සංජය Monday, 15 June 2015 10:24 AM

අට ගහන්නේ මෙහෙමයි කියලා දෙකක් ඇන්න නම් හරි (ම)

:       0       0

රූපවතී Wednesday, 17 June 2015 05:01 AM

අනේ ..මොකද්ද අට ගහනවා කියන්නේ ..මම දන්නේ නැහැ දන්නා කෙනෙක් කියල දෙන්න. මම මෝටර් සයිකල් පදින්න දන්නේ නැහැ, අපේ අප්පච්චිට පුට් බසිකලයක් පමණයි තිබුනේ අපි තරුණ වයසට එනකම්ම..? අද මට මෝටර් රථ බලපත් තිබුනත් ..ඒ ..පුහුණු වලදී වගේ නොව. මේ කියන මෝටර් බයිසිකල් අට ගැන මොකුත්ම දන්නේ නැහැ..?මොකද්ද ඒක දැනගන්න කැමතියි කියල දෙන්න පාඨක මහතෙක් මහත්මියක් වේනම්..? (ස)

:       0       0

නිල්මිණි Tuesday, 16 June 2015 12:19 AM

ඒ අටත් නරකම නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 June 2015 12:20 PM

ඒ කියන්නේ රියදුරු පාසලෙන් අට පිළිබඳව මේ තරුණයාව දැනුවත් කරලා නැහැ මට පෙනෙන විදියට? ඔක්කොම සල්ලි වලට යටවුණ සමාජයක මේවා ඉතින් ඒතරම් ගණන් ගන්නත් බැහැ (නි)

:       0       0

ශෘන්ත Monday, 15 June 2015 05:21 AM

අට ගහන්න කලින් කිලෝ මීටර් 8 ගිය ඔහුට ලයිසන් එක දෙන්නම ඕනේ (ම)

:       0       0

චතුරි Monday, 15 June 2015 01:01 PM

මේ වගේ දේවල් තව කොපමණ ඇද්ද? (නි)

:       0       0

රූපවතී Thursday, 18 June 2015 07:36 AM

මම දැනගත්ත ..මම මහත්තයට කීවා මේ අට ගැන එයා මට තේරුම් කරලා දුන්න "ෆිගර්ඔෆ් එයිට්" හිනා ගොඩයි..අර කොන් අතරින් රිංගල යන එකනේ ..! අද යමක් අලුතින් ඉඅගන ගත්ත ..තැන්ක්ස් දෙවියෝ සාක්කි ..!! (බ)

:       0       0

චතුරි Monday, 15 June 2015 01:13 PM

ඉබ්බාගමුවේ එකෙක් වෙන්න ඇති. ඔලුව අස්සේ ගහගෙන තමයි ඉන්නේ ,ඒ වුනත් මේ වගේ මෝඩ දෙයකදී. එළියට එනවා මේ වගේ කට්ටියගේ කතා පිටරට. අයට හිනා (බ)

:       0       0

යාපා Monday, 15 June 2015 01:21 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

ප්‍රියංකර Wednesday, 17 June 2015 07:32 AM

මම මෙතන සිද්දිය දැක්කා. මෙයා ගම්පහ බණ්ඩාරනායක විදුහල ගාව ආනන්ද මාවතේ ඉන්නේ . ඇත්තටම මෙයට විහිලුවට කියන්නේ ඉබ්බා කියල (ම)

:       0       0

සුමිත් Monday, 15 June 2015 06:22 AM

මෙයා ෂුවර් එකටම පොළොන්නරුවේ කෙනෙක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්ද්‍රසිරි Wednesday, 17 June 2015 07:48 AM

දැන් අට ගහන්නේ ලයිසන් ගත්තාට පස්සේ ඇයි දැකලා නැද්ද පාරේ යනකොට අස්සෙන් දාලා යන අය (ම)

:       0       0

සුබා Wednesday, 17 June 2015 07:55 AM

දැන් ඉතින් ඉන්න තැනත් එක්ක බොහොම පැහැදිලිවම මෙයා කව්ද කියලා හදුන්වලා දීලා නේ තියන්නේ. හැම කෙනාම එක වාගේ නෙමයි නේ,(ම)

:       0       0

පිටිගල Monday, 15 June 2015 02:44 PM

රියදුරු බලපත්‍රය ගන්න යනකොට රියදුරු පාසලෙන්ම අට ගහන්න කියාදෙනවා. මෙයා වෙන විදිහකින් ලයිසන් එක ගන්න ආවාද දන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් Monday, 15 June 2015 06:46 AM

මැදමුලනේ බය්යෙක් වත් ද ඔ_ඔ (ම)

:       0       0

ජයශ්‍රී Monday, 15 June 2015 06:48 AM

ව්හි ලු කතාවකට හොඳයි බොරු කතන්දර ට්‍රයල් එන ඕන කෙනෙක් 8 ගහන්න දන්නවා ලර්නර්ස් තියෙන්නේ එකටනේ (ම)

:       0       0

කැනඩා දිසා Wednesday, 17 June 2015 01:37 AM

ෂුවර් එකටම මෙයා දේශපාලන ඇත්තෙක් (නි)

:       0       0

සරත් Monday, 15 June 2015 03:31 PM

අට ගැහුවට වැඩක් නැහැ .මෙයාලට කියල දෙන්න පාරේ බයිසිකල් පදවන අයට ඇති අවදානම. කෙසේ වෙතත් ,කිලෝමීටර් අට ගැහිල්ලනම් කොක් හඬලා සිනාසිය යුතු කරුණක් !! (බ)

:       0       0

අජිත් Tuesday, 16 June 2015 01:50 PM

මෙයා මට පෙනෙන විදියට ෂොට් එකක් ගහලා වගෙයි ඇවිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

දිමුත් Monday, 15 June 2015 08:36 AM

මේක නම් විශ්වාස කරන්න අමාරු කතාවක්. (ම)

:       0       0

පහන් Monday, 15 June 2015 08:42 AM

මිටියක් ගෙන්න කියල සල්ලි දිපුවහම අර තනමල් විල මිටියක් ගෙනාවේ .සර් හරි අමාරුවෙන් හොයාගත්තේ කිව්වලු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site