IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රටගිය අවුරුදු දෙකට ගෙදර තිබූ තැනත් අමතකවෙලා

(දුනගහ බටේපොල විජයසිරි)

මැද පෙරදිග වසර දෙකක් රැුකියාවක නියුතුව සිටි කතක් පසුගියදා ශ්‍රී ලංකාවට ආපසු පැමිණියාය.

ඇය කටුනායක ගුවන් තොටුපළින් බැස අසළ තිබූ කුලී රියකින් යාමට ආවත් නිවෙස පිහිටි තැන අමතකවී ගමේ පාරක් පාරක් ගානේ කුලී රියෙන් ගොස් නිවෙස සොයාගෙන ඇත්තේ ඉතා දුෂ්කර ලෙසටය.

මේ අපූරු සිදුවීම ඇසූ ගමේ කතුන් කියන්නේ අවුරුදු දෙකට ගෙදරට එන පාර අමතක වුණා නම් අප අඳුනන්නේම නැතිව ඇතැයි කියාය. ඒ නිසාම ගමේ කතුන් තවම ඇය හමුවන්නට ඇගේ ගෙදර ගියේ නැතිලූ. ඇයද ගෙදරින් පිට ගියේම නැතිලූ.



අදහස් (0)

රටගිය අවුරුදු දෙකට ගෙදර තිබූ තැනත් අමතකවෙලා

අසිම් Monday, 11 May 2015 10:54 AM

අපේ පැත්තේ කාන්තාවක් රට ගිහින් ඇවිල්ල දවසක් අපේ ගෙදර උයපු පොලොස් යවපුහම එයා අහල මොකද්ද කියල? ඉතින් ඒ අන්කල් පැහැදිලි කරලා දීල කොස් වල පොඩි එක කියල. ඒ ගමන් අර කාන්තාව ආ බේබි කොස් කියල.(නදී)

:       0       0

කුමාරි Monday, 11 May 2015 11:04 AM

ධම්ම ඕයා හරි.(හේ)

:       0       0

චන්දන Wednesday, 13 May 2015 03:19 AM

සමහරවිට මොකක් හරි අසනීප තත්ත්වයක්ක් වෙන්නත්ත් පුළුවන් (ම)

:       0       0

කමල් ගුණරත්න Thursday, 14 May 2015 04:25 AM

පරකඩුවේ එක්කෙනෙක් ගිහින් ඇවිත් කොන්ද අල්ල අල්ල කුස් කුස් ගාන්න ගත්තා. (බ)

:       0       0

බොරැල්ලේ Monday, 11 May 2015 06:33 AM

ඕක මොකක්ද අනේ පහුගිය දවස්වල අපේ ගොඩක් අයට මුල අමතක වුන හැටියට (නදී)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 12 May 2015 11:51 AM

අනේ ඕක සුළු දෙයක් ලංකාවේ , (හේ)

:       0       0

රුවන් Thursday, 14 May 2015 05:45 AM

අපොයි නැහැ සම්පත් අපි මේ සමහරුන්ගේ මුතුන් මිත්තන් ඉඳලාම මතක් කර ගත්තු ගමන් ! (ම)

:       0       0

(ධනූ) Monday, 11 May 2015 06:45 AM

ආ ඕවා ඔහොම තමා රටගිය අයට තමන්ගේ අම්මා තාත්තා අමතක වෙනවා. එහෙම එකේ ඒ නෝනට ලංකාවට එන්න මතක තිබ්බ එකම ලොකු දෙයක්. (නදී)

:       0       0

දයාරත්න Monday, 11 May 2015 07:21 AM

මෙහෙමත් දේවල් වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.(හේ)

:       0       0

ජානක Wednesday, 13 May 2015 02:47 PM

තවත් රස කතාවක් තියෙනවා ගම්පහ පැත්තෙන්, අවුරුදු ගානක් අරාබි රටක සේවය කරපු කාන්තාවක් තමන්ගේ ගම් පළාතට සේන්දු වෙනකොට ගමේ හිටිය ටිකක් මැදිවියේ පුද්ගලයෙක්ගේ අතේ තිබුන යම් දෙයක් දැකල, "අනේ අය්යේ මොකක්ද ඔය කටු කටු තියෙන ගෙඩිය හරිම ස්වීට් අනේ" ඒ මනුස්සය මොකුත්ම නොකිය යන ගමන් ගම පුරා පට්ට පතුරු ඇරියලු " යකෝ මුන් ගමේ ඉන්නකම් කොස් තම්බ තම්බ කාපු උන් දැන් කොස් ගෙඩිය අදුරන්නෙත් නෑ" කියල . (අ)

:       0       0

සෑම් Monday, 11 May 2015 07:30 AM

මටත් ඔහොම දෙයක් වුනා. 2000 දී විතර ලංකාවට යනකොට මිතුරෙක් ඔහුගේ ඥාතියෙකුට මගේ අතේ මුදල් ටිකක් එව්වා. එය දිය යුතු ලිපිනය මට කිව්ව ගමන්ම මම කිව්වා, අපෝ මං ඔය පාර හොඳට දන්නවා, අපේ ගෙවල් කිට්ටුවමයි, කියලා. පරණ පුරුද්දට ඒ පාරට ගිහින් බලපුවාමයි වැඩේ තේරුනේ. මං ඒ පාරට අවරුදු 8/9 කින් ගිහින් තිබුනේ නැහැ. ඒකේ තිබුනේ රබර් වත්තක්, වෙල් යායක් පන්සලක් සහ ගෙවල් හත අටක් . දැන් බලපුවාම රබර් ගහක්වත්,වෙලක් වත් නැහැ. සෑම මීටර් සීයකටම විතර හරස් පාරවල් තියනවා. ගෙවල් දහස් ගානක් තියනවා. කිසිම කෙනෙක් කිසිවෙකු අඳුනන්නේ නැහැ. අන්තිමට රස්තියාදු වෙලා හොයාගන්න බැරි තැන මගේ මිතුරාට ඔස්ට්‍රේලියාවට කතා කරලා කිව්වා, මං දන්නා පන්නිපිටිය නොවෙයි දැන් තියෙන්නේ, ඥාතියාට අපේ ගෙදර ඇවිත් මුදල් ගෙනියන්න කියලා.(හේ)

:       0       0

සම්පත් Tuesday, 12 May 2015 12:56 PM

ගෙදරට එන පාර අමතක වුණාට සමාවක් දෙන්න පුළුවන්. රට ආ සමහර කාන්තාවන්ට තමන්ගේ රටේ ළමයි ඔක්කොම අමතක වෙනවා ටික කාලයක් යනකොට. (නි)

:       0       0

සමන් Tuesday, 12 May 2015 05:16 AM

අපේ ගමේ වයසක මෑන් කෙනෙක් සතියක ඉන්දියා වන්දනාවේ ගිහින් ඇවිල්ලා සිංහලෙන් අපි කතාකළාම හින්දියෙන් උත්තර දෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 13 May 2015 06:59 AM

මටනම් එහෙම වෙනෙකක් නැහැ , මම නිතරම ගෙදර අයත් එක්ක ඉන්න නිසා දුර හිටියත් (ම)

:       0       0

දයා අළහකෝන් Monday, 11 May 2015 08:02 AM

එක ගැහැණියක් අරාබි ගිහින් ඇවිල්ලා ගෙදර කතාකරන්න ගත්තලු අරාබි භාෂාව. සැමියා බිරිඳගේ කණට එකක් දුන්නහම හොඳට සිංහල කතාකළාලු (නි)

:       0       0

අජිත් Monday, 11 May 2015 02:18 PM

අවුරුදු 10 විතර ගියානම් අපේ රටත් අමතක වෙයි.(හේ)

:       0       0

තුෂාර Monday, 11 May 2015 02:31 PM

මටත් මෙහෙම වුනා.(හේ)

:       0       0

චාමර Wednesday, 13 May 2015 05:45 PM

එක සාමාන්‍ය දෙයක්, ඒ ගමේ ගෙවල් පාරවල් ඒ අවරුදු 2 වෙනස් වෙලා අලුට් ගෙවල් හදල ඇති. (කේ)

:       0       0

පද්මා Wednesday, 13 May 2015 06:37 PM

අපි වගේ අවුරුදු 25ක් හිටියොත් කොහොමවෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

මොහොමඩ් Monday, 11 May 2015 03:27 PM

ඔය සිද්ධිය ගැන වැඩිය හිතන්න එපා.ඔය වගේ දේවල් නිතරම දකින්න ලැබෙනවා.(හේ)

:       0       0

හේවාවිතාරණ Wednesday, 13 May 2015 07:29 PM

මාකාවිට මහත්මයෝ, එවැනි රෝග ලෙහෙසියෙන් සුවකරන්න අමරුයි (නි)

:       0       0

මාපලගම පත්මා Tuesday, 12 May 2015 05:44 PM

ඕක මොකක්ද? අපේ ගොඩාක් දේශපාලකයන් හට උසාවියකදී යම් ප්‍රශනයක් ඇසුවාම, කියන්නේ මට ඒ ගැන මතක නැහැ කියලනේ (නි)

:       0       0

මුදිත Monday, 11 May 2015 04:17 PM

මමත් කතාවක් කියන්නම්. මුදියන්සේ මාමත් ගියා රට රැකියාවකට. ඉතින් වැසිකිළි බර නිදහස් කරන්න වුණේ ඉංග්‍රීසි ක්‍රමයට හදපු පෝච්චියේ.ලංකාවට ආ ගමන් ගියේ අපේ පරණ එකට (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 13 May 2015 11:16 AM

මන් දන්නා එක්කෙනෙක් එංගලන්තේ අවුරුදු දෙකක් ඉඳලා ලංකාවට ආපු වෙලේ කොස් ගහක් දිහා බලලා ඇහැව්වලු මේ ගහ මොකක්ද කියලා මේ වගේ ගස් තවත් තියෙනවද කියලත් ඇහැව්වලු.(හේ)

:       0       0

කලීල් Wednesday, 13 May 2015 11:17 AM

ඒ මෝඩ කමයි.(හේ)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 12 May 2015 10:04 PM

ඕක මොකක්ද මුල අමතකවෙන සිවුපාවුන් සිටින රටක. (නි)

:       0       0

මාකාවිට පැරිස් Wednesday, 13 May 2015 11:51 AM

මටත් ඕක හැදිලා තිබ්බා , ප්‍රන්සයට ආපු පළමු කාලයේ , දැන් එ්ක සුවවෙලා යහළුවන්ගේ විහිලු නිසා.(හේ)

:       0       0

නන්දලාල් Tuesday, 12 May 2015 11:34 PM

මා කලකට ඉහත කොළඹ රජයේ ආයතනයක සේවය කරද්දී එහි සිටි සහෝදර සේවකයෙක් මාසයක ශිෂ්‍යත්වයක් ලබා ස්විස්ටර්ලන්තයට ගියා. මෙයා ආපසු වැඩට ආවිට එයාට සිංහලත් බැහැ, ඉංග්‍රීසිත් අමතකවෙලා. සිංහල වචන 3,4 කතාකරනකොට ප්‍රංශ, ජර්මන්, ඉතාලි වචන 10ක් විතර වැකියට එකතු වෙනවා. අපි ඉතින් එයා කතාකරලා ඉවරවෙනකම් පාර දිහා බලා ඉන්න පුරුදුවුණා.කාගේත් වාසනාවට එයාගේ ඒ ලෙඩේ කෙටි කාලයකින්ම සුවවුණා (නි)

:       0       0

දසුන් Wednesday, 13 May 2015 11:56 AM

මේක ලෙඩක් මේකට බෙහෙතක් ගන්න.(හේ)

:       0       0

කුමාරි Monday, 11 May 2015 05:07 AM

අපෝ ඕක මොකක්ද? අපේ ගමේ කෙනෙක් මාස 3ක් කුවේට් ඉඳල ඇවිත් ඉදගන්නේ බිම විතරයි. වචන 5න් 5 ට අල්ලා කියනවා මල විකාර කෝටියයි. අන්තිමට මිනිහයි, ගෑනියි ළමයි දෙන්නයි දාල වෙන ගෑනියක් අරන් යන්න ගියා. (නදී)

:       0       0

ලාල් Monday, 11 May 2015 09:06 PM

රට යන අපේ කාන්තාවෝ එවන මුදලින් තමයි අපි ජීවත්වෙන්නේ. නැත්නම් ගන්න ණයවලින්. එනිසා අදහස් දමද්දි ඒ ගැනත් හිතන්න. සමහර කාන්තාවන්ට එහෙදි වෙන දේවල් වල හැටියට මේ වගේ දේවල් පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

මුබාරක් Tuesday, 12 May 2015 12:34 AM

රට රැකියාවට ගිය අය දන්නවා ඒ දුක. කරුණාකර ඒ අයට හිනාවෙන්න එපා.අනුකම්පා කරන්න.ගෘහ සේවයට ආ අය විඳින දුක දන්නවා නම් එහෙම කියන්නෙ නැහැ. මෙහෙ ඉන්න අයට තමන්ගේ දුක කියන්න කවුරුත් නැහැ (නි)

:       0       0

සම්පත් Thursday, 14 May 2015 02:36 AM

ඕක මොකක්ද? දින සීයෙන් රට බේරාගත් මිනිස්සු අමතකවුණේ සමහරුන්ට? (නි)

:       0       0

ධම්ම Monday, 11 May 2015 10:24 AM

මේ දෙස හාස්‍යයෙන් බැලිය යුතු නැහැ. ඒ තරමටම ගෘහ සේවයට යන අපේ සමහර සොයුරියන් නූගත් සහ නොදැනුවත්. අසරණකම නිසාමයි රට යන්නේ.(හේ)

:       0       0

බිමල් Tuesday, 12 May 2015 03:50 AM

ඔය අමතකවීම් කියන දේ සමහරුන්ට තමන්ගේ මුල් පවුල් පසුබිම් අතීතය ආදී හීනමානය ඇති වෙන කරුණු අනෙකුත් අයගෙන් වසන් කරන්න ඕනෑ වෙනකොටත් සිදුවෙනවා. (නි)

:       0       0

දුමින්ද Tuesday, 12 May 2015 09:41 AM

මංමුලාවී පාර අසාගෙන යන ගමනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site