IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


රට ගිහින් එද්දී ඉගෙනගෙන ආ ‘අමුතු සෙල්ලමෙන්’ මිනිහට ගෑනි එපාවෙලා

රට ගොස් පැමිණි බිරිඳ කරන අමුතු යෝජනාවකට අවනත නොවීම නිසා නිවසේ අඬදබර බෝ වී සාමය බිඳ වැටී ඇති බවත් ඇයත් සමඟ තවදුරටත් දීග කෑ නොහැකි නිසා ඇගෙන් වෙන්වීමට අවශ්‍ය බව පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි සැමියකු පිළිබඳව තොරතුරක් ගල්ගමුව පොලීසියෙන් දැනගැනීමට ලැබෙයි.


මැදිවිය ඉක්ම වූ මේ පුද්ගලයා විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් මහතා (48368) වෙතට යොමු කෙරිණි.


“ලොකු උන්නැහේ මොකක්ද මේ ආරවුල?”අජිත් රාලහාමි විමසීය. “මට ගෑණිත් එක්ක ඉන්න බෑ” ඔහු පිළිතුරු දුන්නේය. 


“ඒකට හේතුව” රාලහාමි යළි ඇසීය. “ගෑනි මගෙත් එක්ක රණ්ඩු කරනවා” ඔහු කීය.


‘ඒකට හේතුවක් ඇති නේ’ රාලහාමි ඇසීය.


“හේතුව මේකයි ගෑනි  රට ගිහිල්ලා ආවා. මං ගෑනි ළඟට යනකොට ඒකි නරක කතාවක් කියනවා. මං ඒකට බෑ කීවාම නැගිටලා යනවා. මගෙත් එක්ක රණ්ඩු අල්ලනවා. ගෑනි මීට කලිනුත් රට ගිහින් ආවා. ඒත් මේ සැරේ ගිහින් තමයි ඔය අමුතු පුරුද්දක් පුරුදුවෙලා ඇවිත් තියෙන්නේ. හප්පේ මං දන් නෑ. කටක් ඇරලා මේවා කියන්නේ කොහොමද? විලි ලැජ්ජාවේ බෑ” යි කියමින් ඔහු ඇඹරෙන්නට විය.


 “මේ ලොකු උන්නැහේ තෙපරබාන්නේ නැතිව කාරණාව කියනවා කෝ. මොකක්ද ඒ අමුතු පුරුද්ද?” රාලහාමි පොලිස් ප්‍රයෝගයක් අනුගමනය කෙළේය.


“ඒක මහ අමුතු සෙල්ලමක්” කී  මැදවියේ පුද්ගලයා රහසක් කියන්නාක් මෙන් යමක් කීවේය. 


“ම් ... ඒකත් එහෙමද?. ගෑනිට වයස අවුරුදු හතළිස් දෙකක් විතර වෙනවා කීවා නේද? මං නිකමට වාගේ යෝජනාවක් කරන්නම්. තමන් අරක්කු භාගයක් බීලා ගිහින්  ගෑනිගෙ ආශාව ඉෂ්ට කරනවා” රාලහාමි විහිළුවට මෙන් කීය.


 “භාගයක් නෙමෙයි කල්දේරමක් බීලත් මට ඕක කරන්ඩ බෑ. එව්ව ඕන නෑ. මට ඒකිගෙන් වෙන් වෙන්ඩ අවස්ථාව හදලා දෙනවා නම් ඒ ඇති.” මැදිවියේ පුද්ගලයා ඉල්ලා සිටියේය.


“හා...හා... කලබල වෙන්ඩ එපා. අපි ඇවිත් තමන්ගේ බිරිඳට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නම්.  එතකොට ඔය  නරක පුරුදු අයින් කර ගනීවි” යි කියා රාලහාමි කියන විට මැදිවියේ පුද්ගලයාගේ මුවෙහි පුංචි හිනාවක් මතුවුණේය. 
(ගල්ගමුව නිහාල් ජයවීර)

 



අදහස් (0)

රට ගිහින් එද්දී ඉගෙනගෙන ආ ‘අමුතු සෙල්ලමෙන්’ මිනිහට ගෑනි එපාවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

හොරේ අහුවෙලා අම්බානට ගුටි කාලා
2024 දෙසැම්බර් මස 26 403 0

කාන්තාවකගේ අමනුෂ්‍ය දෝෂය ඉවත්කිරීමට ආ ප්‍රධාන කටිටඩියා ඇතුළු ඔහුගේ ආවතේවයට ආ ගෝලයන් දෙදෙනකුට ගම්වැසියන් පන්න පන්නා ‘ගුටිපූජාවකින්’ සංග්‍රහ කිරීමේ


ලාබෙ බලන්න ගිහින් වැඩේ දෙල්වෙලා
2024 දෙසැම්බර් මස 24 896 0

බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක ගොවියකුගේ ගෙවත්තෙහි ඇති රට දෙල් ගසෙහි මෙවර විශාල වශයෙන් දෙල් හට ගෙන තිබිණි. මේ සැරේ නම් ගාණක් ගත හැකි ගොවියා සිතුවේය.


හොරේ අල්ලන්න ගිහින් හොරා වෙලා
2024 දෙසැම්බර් මස 23 737 0

වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.


සැමියාට කොකා පෙන්වා බිරීද මිස් කෝල් පෙම්වතා එක්ක ඉගිලිලා
2024 දෙසැම්බර් මස 20 1141 2

මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක


තොල් සායමට මිරිස් කුඩු දමා තරු පෙනිලා
2024 දෙසැම්බර් මස 19 852 0

තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු‍ දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.


මනාලියක් ඉල්ලා සීයා දැන්වීමක් දාලා
2024 දෙසැම්බර් මස 18 1083 0

තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 130 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 113 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 83 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site