IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රුපියල් දහය සොරාගත් ගැට කපන්නාගෙන් මගියාට රුපියල් දහසක තෑග්ගක්

බසයේදී මුදල් පසුම්බිය සොරාගත් ගැට කපන්නෙක් රුපියල් දහසක්ද සමග එය ආපසු අයිතිකරුට දුන්නේය. පසුගිය දිනක පෙරවරුවේ මෙම මගියා පිටකොටුවෙන් මොරටුව බලායන බසයකට ගොඩවූයේ තම සේවා ස්ථානයට යාම සඳහාය. බසය මගීන්ගෙන් පිරී තිබිණ. වහා ක‍්‍රියාත්මකවූ ගැට කපන්නා මෙම මගියාගේ මුදල් පසුම්බිය සොරාගත්තේ මේ අතරතුරදීය. බසයෙන් බැසීමෙන් පසුව තම පසුම්බිය නැති බව මගියා දැනගත්තත් එය ගණනකට නොගත්තේය. පැරණි පසුම්බියේ තිබුණේ රුපියල් දහයක් පමණක් බව ඔහු දැන සිටි නිසාය. සේවා ස්ථානයට පියමං කරමින් සිටි මේ මගියාගේ පස්සෙන් ආ පුද්ගලයකු ඔහු අත යමක් තැබීය. ඒ තමාගේ මුදල් පසුම්බිය බවට ඔහු හඳුනා ගත්තේය. ඒ සමගම ”මහත්තයා මෙයත් තියාගන්නැ”යි කියූ ගැට කපන්නා මගියා අත රුපියල් දහසේ කොළයක් අතමිට මොළවා වහාම එතැනින් පිටව ගියේය. මගියා පසුම්බිය ඇර බලද්දී එහි තිබූ දහයේ කොළයද එලෙසම තිබිණි.



අදහස් (0)

රුපියල් දහය සොරාගත් ගැට කපන්නාගෙන් මගියාට රුපියල් දහසක තෑග්ගක්

හරින් Tuesday, 04 September 2012 08:13 AM

1000 කොලේ හොර නෝට්ටුවක් ඒකේ කතා දෙකක් නෑ,.(ස)

:       0       0

Man Tuesday, 29 November 2011 01:43 PM

මෙයා සරදියෙල් පරපුරෙවත්ද??

:       0       0

ayomi Tuesday, 29 November 2011 02:15 PM

hitha unuwena geta kapannek

:       0       0

තරංග Monday, 28 November 2011 04:05 PM

හොද ක්‍රියාවක්

:       0       0

SUDESH PERERA Thursday, 01 December 2011 11:12 AM

දුප්පතාගේ හිතවතෙක්

:       0       0

සමන් Thursday, 01 December 2011 01:28 PM

මේවා ආණ්ඩු විරෝධී වැඩ

:       0       0

රොබින් Thursday, 01 December 2011 05:02 PM

සරදියල්ද නැත්නම් රොබින් හුඩ්ද?

:       0       0

ප්‍රසන්න Monday, 28 November 2011 09:37 PM

බොරුවන් නේද?

:       0       0

k.n.cooray Tuesday, 29 November 2011 12:13 AM

කොපමණ වැරදි කළත් මෙවැනි මිනිසුන්ගේ හදවත් තුළ ඉතා කලාතුරකින්වත් හොද අදහස් තිබීම ගැන අපි සතුටු වෙන්න ඕන.

:       0       0

රන්ජිත් ගමගේ Tuesday, 29 November 2011 12:55 AM

හොරෙක් වුණත් දුප්පත්කම අදුරන කෙනෙක්

:       0       0

gamaeti Tuesday, 29 November 2011 01:42 AM

හොඳ කතාවක්

:       0       0

ශ්‍රීමාල් Thursday, 01 December 2011 11:47 PM

ඔහු හොදයි

:       0       0

ප්‍රදීප්-ඩුබායි Tuesday, 29 November 2011 11:01 AM

දුප්පතුන්ගේ දුක දන්න ගැට කපන්නෙක්

:       0       0

උපුලි Friday, 02 December 2011 08:54 AM

මේ 1000/- ඇත්ත එකක් නෙවෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 546 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1022 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 979 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 866 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 982 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site