IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රුපියල් හතරේ ඉතිරිය නොදුන්නාට කොන්දොස්තරට පොල් ගෝනියකින් ප‍්‍රහාරයක්

රුපියල් හතරකට පොල් ගෝනියකින් සංග‍්‍රහයක් ලැබුණ කතාවකි මේ. රතුගම කොළඹ බස් රථයකි. සෙනඟ අඩුක්කු කර මුදල් අය කරමින් සිටි කොන්දොස්තර මහතෙකි. මැදිවියේ කතකි. ළමයෝ මගේ ඉතිරි සල්ලි දෙන්නකෝ තැනකින් ඇසුණි. ඉන්න ඉන්න ආච්චි මං ඔයාගෙ රුපියල් හතර අරගෙන බැහැල යන්නෙ නෑ. මද වේලාවක් ගතවිය. එම දෙබසම ආයෙත් ඇසුණි. කොන්දොස්තර නිහඬය. කළුතරදී බස් රථයෙන් බැසගත් කාන්තාව නැවතත් ඉතිරි මුදල ඉල්ලීය. එවිට කොන්දොස්තර මෙසේ කීවේය. ඉතිරි නෑ.... ගාන හරි රුපියල් හතරකට මැරෙන්න හදනවා.... පරුෂ වචන කීපයක් ද කීවේය. ඒත් සමගම කොන්දොස්තරගේ පිට හරහා අකුණු පහරක් වැදුණි. ඒ විශාල පොල් ගෝනියකි. සිදුවීම දෙස බලා සිටි මගියකු ප‍්‍රහාරය එල්ල කර තිබුණි. ඒත් සමග මෙසේ ඇසුණේය. ඕයි මිනිස්සුන්ගේ ඉතුරු සල්ලිවලට වංචා කරන්න එපා ලබන ආත්මයේදී මේ වගේ බර අදින බූරුවන් වෙලා උපදීවි. මෙහාට දෙනවා මේ අම්මගේ ඉතුරු සල්ලි. රුපියල් හතරට වැඩියෙන් රුපියලක් දී ගණන් බේරා හරි... හරි යාං... කියමින් කොන්දොස්තර බස් රථයේ පාපුවරුවට ගොඩවූයේය. බසය කොළඹ දෙසට ඇදුනි.



අදහස් (0)

රුපියල් හතරේ ඉතිරිය නොදුන්නාට කොන්දොස්තරට පොල් ගෝනියකින් ප‍්‍රහාරයක්

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 03 August 2012 08:06 PM

ගාමිණී - කුවේට් මම හිතුව මතුගම වෙන්න ඇති කියල . නිවැරදි කළාට ස්තුතියි

:       0       0

නික් Sunday, 19 August 2012 04:00 PM

නියම ප්‍රහාරයක්. (නි)

:       0       0

චන්ද්‍ර Friday, 03 August 2012 10:35 AM

පව්..කොන්දොස්තර ළමයට තව කුඩා ගණනක් මදි ඇති ඉස්සරහට ගන්න ඉන්න වාහනේට.අනෙක් කොන්දොස්තරලට කදිම ආදර්ශයක්. (ස)

:       0       0

ධම්මිකා සුරංග රත්මලාන Friday, 03 August 2012 10:24 PM

නියම වැඩේ.. ගහන්න තිබුණෙ ඔහොම නෙවෙයි එලල්ලලා...!!(නු)

:       0       0

පිනා Friday, 03 August 2012 11:21 AM

රතුගම කොහෙද තියෙන්නේ? (ත)

:       0       0

සංජය Wednesday, 01 August 2012 07:00 PM

වයසටවත් සළකන්නේ නැති නරුම මිනිසුන්.............. (නි)

:       0       0

අබ්දුල් Wednesday, 01 August 2012 07:07 PM

පොල්ලකින් ගහන්න තිබුණේ.

:       0       0

රන්දි Wednesday, 01 August 2012 07:58 PM

හොද වැඩේ. අපේ පාරෙත් බස් වල මට කවදාවත් ඉතුරු දෙන්නේ නැහැ. හූ හූ හූ........ හොදම වැඩේ. (නි)

:       0       0

දුමින්ද Thursday, 02 August 2012 12:58 PM

ඉතාම හොද වැඩක්.. අනෙක් කොන්දොස්තර මහත්වරුනුත් මෙය බලනවානම් තමයි හොද!!(නු)

:       0       0

අනුර Wednesday, 01 August 2012 09:24 PM

කොන්දස්තරලා කියන්නේ මහම හොරු ජාතියක්. රුපියලක්වත් වැඩිපුර දෙන්න හොද නැහැ. මගින් විදියට අපි කොහොම හරි ඉතිරි මුදල් ලබා ගත යුතුයි. කොන්දස්තරලා පාරේ මැරෙන්න වැටිලා හිටියත් උදවු නම් කරන්න හොද නැහැ. (නි)

:       0       0

පියල් Wednesday, 01 August 2012 09:59 AM

නියමයි ආ..... (නි)

:       0       0

අමිල Wednesday, 01 August 2012 10:18 PM

කොන්දොස්තරගේ කොන්ද....... (නි)

:       0       0

රොෂාන් Wednesday, 01 August 2012 10:19 PM

හොද වැඩේ.තවත් ගහන්න තිබුණේ. (නි)

:       0       0

උපුල් Saturday, 04 August 2012 10:33 AM

ගහපු කෙනාට තෑග්ගක් දෙන්න වටිනවා. (ත)

:       0       0

රිස්වාන් Wednesday, 01 August 2012 11:39 PM

මේ රතුගම කොහේද තියෙන්නේ? මම අළුත්ගම. අල්ලපු ගම මතුගම. රතුගම අහලා නෑනේ. (නි)

:       0       0

නලින් Wednesday, 01 August 2012 11:19 AM

නියමයි කරපු වැඩේ. (නි)

:       0       0

ඉදුනිල් Wednesday, 01 August 2012 11:19 AM

ලංකාවේ කොන්දොස්තරලා බහුතරයක් මේ වගෙයි. අපිත් ඉතින් බැණුම් අහන්නේ මොකටද කියලා ඉතුරු සල්ලි ඉල්ලන්නේ නැතුව බැහැලා යනවා. මේක වෙනස් විය යුතුයි... (නි)

:       0       0

අමරසේකර Wednesday, 01 August 2012 11:40 AM

හොද වැඩේ. (නි)

:       0       0

තරංග Wednesday, 01 August 2012 11:51 AM

කොන්දොස්තරට එලොව පොල් පෙනෙන්න ඇති.... (නි)

:       0       0

දයානන්ද Friday, 03 August 2012 03:35 PM

අයියෝ ඔයාලට කතාවක්වත් තේරෙන්නේ නෑනේ ?(ස)

:       0       0

අන්තෝනි Sunday, 05 August 2012 06:30 PM

මෙහෙම මිනිසුන් බූරුවන් වෙලා නෙවෙයි බල්ලන් වෙලා නැවත ඉපදුණත් මේ ලෝකෙට බරක්. (නි)

:       0       0

අලාල් Thursday, 02 August 2012 11:53 PM

කොන්දොස්තරගේ කොන්ද නෙවෙයි කඩන්න තිබුණේ. මට කියන්න නම් පුලුවන්. ඒත් ඉතිං මොකටද? (නි)

:       0       0

නයනා Wednesday, 01 August 2012 12:43 PM

හොද වැඩේ. (නි)

:       0       0

කුරේ Wednesday, 01 August 2012 12:48 PM

හුග දෙනෙක් ලැජ්ජාවට ඉල්ලන්නේ නැති වුණත්, කාටවත්ම ඉතුරු දෙන්නේ නැහැ. (නි)

:       0       0

ගාමිණී -කුවේට් Friday, 03 August 2012 04:29 PM

රිස්වාන්,රුවන්, පිනා, රතුගම නෙමෙයි මතුගම විය යුතුයි. මතුගම බස්රිය කොළඹ යන්නේ කළුතර හරහාය. (නි)

:       0       0

දිලිනි Wednesday, 01 August 2012 01:10 PM

හොදම වැඩේ... බුරුවෙක්ම තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 05 August 2012 09:10 PM

කොන්දගේ කොන්දට ගහපු කෙනා හොඳ කොන්දක් තියන කෙනෙක්. (ත)

:       0       0

ප්‍රසාද් Wednesday, 01 August 2012 01:47 PM

ගහන්න තිබුණේ පොල්ලකින් ඔළුවටම. (නි)

:       0       0

සංජු Friday, 03 August 2012 04:55 PM

හොද වැඩේ. මම හිටියා නම් ඕක වෙන්නේ ම‍ගේ අතින්. (නි)

:       0       0

රොහාන් Sunday, 05 August 2012 09:34 PM

වැඩේනම් හොදයි. ඒත් පොල් ටික අපරාදෙනේ. (නි)

:       0       0

සෑම් Friday, 03 August 2012 07:27 AM

ඉතාමත්ම හොදයි. මේ අයට මේ ගසා කෑම පුරුදු වෙලා තියෙන්නේ දේශපාලුවන්ගෙන්. (නි)

:       0       0

ජේසනී Friday, 03 August 2012 07:56 AM

ලියල තියෙන විදියයි , වෙලා තියෙන වැඩෙයි දෙකටම හොඳටම හිනා යනවා. හුඟ කාලෙකින් ඇත්තටම හිනා ගියා. කොන්දොස්තරට හොඳ වැඩේ. මගියා නියම පොරක්. (නි)

:       0       0

රජීන් Thursday, 02 August 2012 04:30 PM

මුල්කාලයේ දුරකතන කාඩ්පත් වගේ මුදල් ගෙවා ලබාගත් කාඩ්පතකින් ගෙවීමේ විදියක් තිබුණා නම් මගියාටත්, බස් අයිතිකාරයාටත් පහසුයි. (නු)

:       0       0

අතුල Friday, 03 August 2012 08:02 AM

කොන්දොස්තර කියන්නේ කොන්දක් නැතුව වැඩ කරන අයටද? (නි)

:       0       0

චන්දන Wednesday, 01 August 2012 03:11 PM

කොන්දගේ කොන්ද කඩන්නනේ තිබුණේ. (නි)

:       0       0

රුවන් Thursday, 02 August 2012 10:32 AM

ඇත්තටම රතුගම කොහේද තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 542 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 975 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site