(හිඟුරානේ - නවරත්න සමරතුංග)
අවස්ථා තුනකදී අමාරුකම් කියා රියැදුරන් තිදෙනෙකු පැමිණි විට ඔවුන් විසින් දුන් හයිඩ්‍රොලික් ජැක් තුනක් ඇපයට තබාගෙන මුදල් දුන් ව්‍යාපාරිකයෙකු ලෝක අමාරුවක වැටුණ සිද්ධියක් අම්පාර දිස්ත්‍රික්කයේ එක්තරා නගරයකින් වාර්තා විය.
දිනක් ඔහුගේ සේවා ස්ථානයට ලොරි රථයකින් පැමිණි රියැදුරෙක් “අනේ සර් මගේ වාහනය කැඩුණා. ස්පෙයාර් පාට්ස් ණයට අරන් රෙපයාර් එක කරගත්තා දැන් බාස්ගේ කුලිය ගෙවාගන්නවත් විදියක් නැහැ. මට අනුකම්පා කරලා තෙල් ගහගන්නත් එක්ක රුපියල් දෙදාහක් දෙන්නැයි” ඉල්ලා සිටියේ තම රථයේ ඇති අලුත්ම හයිඩ්‍රොලික් ජැක් එක ඇපයට තබන බව කියමිනි.
ඔහු ගැන අනුකම්පා කළ ව්‍යාපාරිකයා “එහෙම නම් ඔය ජැක් එක අර කාමරයෙන් තියන්නැයි” කියා රුපියල් 2000ක් දී ඔහු පිටත්කර හැරියේය.
එහෙත් එම රියැදුරා නැවත නොපැමිණි අතරතුර තවත් රියැදුරෙකු ඔහු හමුවීමට පැමිණ මුදල් හදිසියක් කියා තම රථයේ ජැක් එක ඇපයට තබා මුදල් රුපියල් 1500ක් ඉල්ලාගෙන ගියේ නැවත ආවිට මෙම මුදල ආපසුදී ඇපයට තැබූ ජැක්එක ගෙන යන බව පවසමිනි.
ඒ අනුව උපකාරය කළ ව්‍යාපාරිකයා එම ජැක් එක ද පළමු ජැක් එක ළඟින්ම තබනු ලැබීය.
ටික දිනක් ගතව ගියෙන් තවත් එවැනිම ආකාරයෙන් අමාරුවේ වැටුණ බව කියා වෙනත් රියැදුරෙකු පැමිණ තම මෝටර් රථයේ ජැක් එක ඇපයට තබා රුපියල් දහසක් අතමාරු කරගෙන ගොස් ඇති බව කියති.
භාණ්ඩ ඇපයට තබා ගිය එකදු රියැදුරෙකුවත් නැවත නොපැමිණි අතර ව්‍යාපාරිකයාට මේ ගැන සැකයක් පහළ වුණේ නිතැතිණි.
තීන්ත ආලේපය පවා නොගැලවී ලිහිසිතෙල් ගෑවී අලුත්ම ආරයෙන් තිබුණ මෙම ජැක් තුන ව්‍යාපාරිකයා විසින් පරීක්ෂා කර ඇත.
එවිට ඔහුට තරු පෙනුණේය.
අලුත්ම තත්ත්වයෙන් පැවති මෙම ජැක් තුනම පරණ යකඩ ගොඩකින් හොරෙන් පන්නාගෙන විත් තමන්ගේ අනුකම්පාව දිනාගෙන තමන් අන්දවා තිබිණි.
එහෙත් සිදු වූ පාඩුව තරමකින් හෝ මකා ගන්නට අදහස් කළ හෙතෙම අබිලි යකඩ එකතු කරන්නෙකුට කිලෝව රුපියල් 30 කටත් අඩුවෙන් ජැක් තුනම දී රුපියල් නවසීයක් පමණ ලබාගත් බව තතුදත්තෝ පවසති.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රියැදුරන්ගේ ජැක් ගැහිල්ලෙන් ව්‍යාපාරිකයා අමාරුවේ