IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රියැදුරු බලපත ගන්න දියණියගේ උප්පැන්න සහතිකය අරගෙන ඇවිත්

රියදුරු පුහුණුව අවසන් කළ අයඳුම්කරුවන් පිරිසකට රියැදුරු බලපත‍්‍ර ලබාදීම සඳහා පැවැති පරීක්‍ෂණයකි. ගැහැනු හා පිරිමි අයඳුම්කරුවෝ රැසක් මෙම පරීක්‍ෂණයට ඉදිරිපත් වී සිටියහ. මෙම පරීක්‍ෂණයට ඉදිරිපත් වීමට පැමිණි පිරිස හලාවත-කුරුණෑගල මාර්ගයේ හලාවත නගරයට ආසන්න ස්ථානයකට එක්වූහ. සැහැල්ලූ වාහන ත‍්‍රිරෝද රථ හා යතුරුපැදි පැදවීම පිළිබඳව පරීක්‍ෂා කිරීමට මෙම මර්ගය තෝරාගෙන තිබිණි. මෙහිදී අයඳුම්කරුවන්ට මුලින්ම අවස්ථාව උදාවූයේ යතුරුපැදි පැදවීම පිළිබඳව පරීක්‍ෂණයට ඉදිරිපත් වීමටය. මේ අනුව වයඹ පළාතේ එක් එක් ප‍්‍රදේශවල රියැදුරු පාසල් මාර්ගයෙන් ඉදිරිපත් වූ අයඳුම්කරුවන්ට පිළිවෙළකට අනුව පෙළ ගැසී සිටින ලෙස රියැදුරු උපදේශකවරයකුගෙන් උපදෙස් ලැබිණි. මෙසේ පෙළ ගැසී සිටි අය අතර එක් පුද්ගලයෙකු දෙස අවධානය යොමු කළ රියැදුරු උපදේශකවරයා ඔහුට ඉවත්ව යන ලෙස දැනුම් දුන්නේය. තමාගේ උප්පැන්න සහතිකය වෙනුවට දියණියකගේ උප්පැන්න සහතිකය ඔහු රැගෙනවිත් තිබූ බැවින් ඔහුට රියැදුරු පරීක්‍ෂණයට ඉදිරිපත් වීමට එදින වරම් නොලැබිණි.



අදහස් (0)

රියැදුරු බලපත ගන්න දියණියගේ උප්පැන්න සහතිකය අරගෙන ඇවිත්

දොහා ළමයා Thursday, 07 June 2012 02:25 PM

කවුරු කවුරුත් කරන්නේ පිස්සු වැඩ තමයි...

:       0       0

නදුන් Thursday, 07 June 2012 01:53 PM

මොලෝ රහක් නෑ. එහෙම තමයි මිනිස්සුන්ට අතපසුවීම් වෙනවා...

:       0       0

සංජීව Thursday, 07 June 2012 02:52 PM

අනේ ඇත්තටම මේවත් දෙයියෝ සාක්කිද? මීට වඩා හොද කතා නැද්ද ලියන්න...

:       0       0

ෆයිරෝ Thursday, 07 June 2012 03:03 PM

අයියෝ මගේ ......පඩිය

:       0       0

සුදා Thursday, 07 June 2012 03:29 PM

අත්වැරදීමක් වෙන්න ඇති..

:       0       0

සලා Thursday, 07 June 2012 02:59 PM

රියදුරු පරීක්ෂණයෙදී උප්පැන්නේ බලන්නෑ නේද ????

:       0       0

රජිත මංජුල Thursday, 07 June 2012 03:42 PM

ඕව ඉතිං පත්‍තරේ දාන්න තරම් දේවල්ද? ඔවට වඩා අලකලංචි ඕන තරම් වෙනවා..

:       0       0

අලිබබා Thursday, 07 June 2012 04:01 PM

මෙන්න එක්තරා පුදේශයක්. එහි විශාල ගගක් තිබුණා. මේ ගමේ ජීවත්වු අයට ගගෙන් එගොඩ පිහිටි නගරයට යාමට පාලමක් පිහිටා තිබුණේ නැහැ. පහසුකමි අඩු දුෂ්කර ගමක්. එම ගග තරණය කිරීම සදහා ඔරුවක් දමා තිබුණා. එම ඔරුවෙ තොටීයා ලෙස කටයුතුකලේ කොලු ගැටයෙක්. ඔහුගේ දිනචාර්යාව වුයේ මේ පැමිණෙන මිනිසුන්ව එගොඩ මෙගොඩ කිරීමයි.ඒ උපයාගන්න මුදලින් ඔහු අහිංසක ලෙස ජීවත්වුවා. දිනක් මෙම ගමේ පාසැලේ රැකියාව සදහා පැමිණි ගුරුවරුන් තිදෙනෙක් නගරයට යාම සදහා පැමිණියා. මෙම ගුරුවරුන් මෑතකදී ගුරුවෘත්තියට ඇතුලත්වු තරුණයන් තිදෙනෙක්. ඔවුන් නිතරම විහිළුතහලුවෙන් තමයි තම ජීවිතය ගතකලේ. පාසැලේදීත් ළමුන්ට ඉගුන්වුයේ කුමක්හෝ විහිළුවක් කරලයි.එක් අයෙක් ඉංග්‍රීසි ගුරුවරයෙක්. අනෙක් අය ගණිතගුරුවරයා. තුන්වැන්නා විද්‍යාගුරුතුමා. මෙ තිදෙනාද සුපුරුදු පරිදි ගගෙන් එගොඩවීම සදහා ඔරුවට නැග්ගා. තරුණ කොලුගැටයාද සිනහවක් පා තමඔරුව පැදගෙන ගියා. එදිනට පෙර දින වැසිදිනයක් වු හෙයින් මෙදින ගගේ වතුර පාර සැඩපාර ඉතා දැඩිවපැවතුනා. මෙසේ යන අතර එක් ගුරුවරයෙක් මෙම කොලුගැටයාට විහිළුවක් කිරීමට සිතා මෙසේ විමසුවා. ළමයෝ ඔය ළමයා ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවාද? එවිට එම කොලුවා අනේ මහත්යෝ මම දන්න ඉංගීසියක් නෑ. මම දන්නේ මෙ ඔරුව පදින්න විතරයි යනුවෙන් පිලිතුරු දුන්නා. එවිට ගුරුතුමා අයි‍යෝ ළමයෝ ඔය ළමයාගේ ජීවිතෙන් කාලක්ම ඉවරයැයි පිළිතුරු දෙමින් සිනහවෙන්න පටන් ගත්තා. එවිට අනෙක් තරුණ ගුරු ළමයෝ ඔය ළමයා විද්‍යාව සමිබන්ධව මොනවාද දන්නේ යනුවෙන් විමසුවා. එවිට පෙර ලෙසම කොලුවා අනේමහත්තයෝ මම දන්නේ මෙ ඔරුවෙන් මිනිසුන්ව එගොඩ මොගොඩ කරන්න විතරයි යනුවෙන් පිළිතුරු දුන්නා. එවිට ගුරුවරයා අයියෝ ළමයෝ ඔය ළමයාගේ ජීවිතෙන් භාගයක්ම ඉවරයිකියා පැවසුවා. එවිට අනෙක්ගුරුවරයා ළමයෝ ඔය ළමයා ගණිතය සමිබන්ධව මොනවාද දන්නේ යනුවෙන් විමසුවා. පෙර ලෙසම මෙම කොලු ගැටයා පිළිතුරු දුන්නා. එවිට ගුරුතුමා මෙසේ පැවසුවා අයියෝ ළමයෝ ඔයළමයාගේ ජීවිතෙන් තුන්කාලක්ම ඉවරයි. මෙ අයුරින් විශ්වවිද්‍යාලයේ මෙන් මෙ ළමයාට රැග්එකක් දෙමින් මෙම ගුරුවරුන් තිදෙනා සිනා සිසී සතුටින් විනෝදයෙන් ඔරුවෙ යන අතර දැන් ඔරුව ගග මැදට පැමිණ තිබුනා. වතුරපාරද සැරයි. ඔරුව හසුරුවා ගැනීමට කොලුවා සෑහෙන උත්සහයක් දරයි. නමුත් සැඩපහර නිසා ඔරුව එකතැන කැරකෙමින් තිබුණා. කෙසේ වෙතත් සුලියකට හසුවී ඔරුව ගිලෙන්නට යන බව කොලුවාට හැගුණා. එවිට කොලුවා මෙ පංඩිත ගුරුවරුන් තිදෙනාගෙන් මෙසේ පුශ්න කළා. මහත්තයෝ මහත්තයලට පීනන්න පුළුවන්ද කියා. එවිට ඒ තුන්දෙනාම බයේ ගැහෙමින් අනේ ළමයෝ අපි පීනන්නනමි දන්නේ නැහැ. අපිට ස්විමින් දන්නේ නැහැ යනුවෙන් පවසනවාත් සමගම ඔරුව ‍ගිලෙන්න පටන් ගත්තා. එවිට කොලුවා මෙසේ පවසමින් මගේ ජීවිතේ තුන්කාලක්ම ඉවරයි. මහත්තයලගේ ජීවිතේ සමිපුර්නයෙන්ම ඉවරයි යනුවෙන් පවසා එගොඩට පීහිනුවා.

:       0       0

සුදු නංගා Friday, 08 June 2012 03:37 AM

හිකිස්........ අන්න නුවණක්කාර කොළුවා..... අනේ අලි බබෝ. “දෙයියෝ සාක්කි“ ඇදගෙන යං. මං හෙටත් එනවා........... අලි බබාගෙ කතාව කියවන්න. :D:D

:       0       0

අමිල කටුනායක Thursday, 07 June 2012 11:05 AM

මේකත් අපේ සමහර අයගෙ ප්‍රතිචාර(කමෙන්ට්ස්) වගේ. කිසිම හරයක් නැහැ...

:       0       0

SK Friday, 08 June 2012 08:32 AM

අලිබබාට කරුනාකර දෙයියෝ සාක්කි ලිවීමට භාර දෙන්න.ඒ සදහා හරිනම් පත්තරෙන් ඔහුට ගෙවීමක් කළ යුතුයි

:       0       0

නීල් Friday, 08 June 2012 08:53 AM

ජය ශ්‍රී අලි බබා, ඔයා දිගටම ලියන්න. මාත් දැන් අලිබබා පාඨකයෙක්. ජය වේවා අලි බබා. ජය වේවා. දිගටම ලියන්න.

:       0       0

වසන්ත රත්නායක Thursday, 07 June 2012 10:53 AM

ඕක දෙයියෝ සාක්කියක්ද? ..... ඔයවගේ අතපසුවීම් කාටත් වෙනවානේ.

:       0       0

එස්.කේ. Thursday, 07 June 2012 11:04 AM

මෙලෝ රහක් නෑ..

:       0       0

සමන්ත Friday, 08 June 2012 10:02 AM

අලි බබාගේ කමෙන්ට් වලට මාත් කැමතියි...

:       0       0

ධනංජා Friday, 08 June 2012 09:23 AM

මම නම් අලි බබාගේ පාඨකයෙක් වෙලා දැන් ටික දවසක් වෙනවා. ‍ලංකාදීප පත්තරේ අලි බබාට තැනක් වෙන් කරලා දෙන්න. එයා මේ ආර්ටිකල් එක ලස්සනට කර ගෙන යයි... අලි බබාගේ ආර්ටිකල් කියවන්නත් ආසයි...

:       0       0

ජනක Friday, 08 June 2012 09:31 AM

අලි බබා වෙබ් එකක් හදන්නේ නැද්ද...

:       0       0

සමන්ත Friday, 08 June 2012 09:33 AM

අලි බබා ඔයා නමි මරු ඇත්තටම අද කාලේට ඉතාමත් වටිනා ආදර්ශමත් කතාවක්.

:       0       0

jagath Thursday, 07 June 2012 07:24 PM

මම

:       0       0

කෝබියා Saturday, 09 June 2012 12:05 PM

අලි බබාගේ මොලේ ළදරුවකුගේ වගෙයි. අදාල නැති කමෙන්ට්ස් ලියන්න එපා...

:       0       0

kk Saturday, 09 June 2012 11:29 AM

මාත් දැන් අලිබබා පාඨකයෙක්

:       0       0

මංඡල බිරුට් Thursday, 07 June 2012 12:30 PM

කුඡිතයි

:       0       0

චාමින් Friday, 08 June 2012 11:26 AM

දැන් දෙයියෝ සාක්කි නතර කළොත් හොද නැද්ද?

:       0       0

සෑම් Sunday, 10 June 2012 08:17 AM

අලිබබාගේ කතාව ඇත්ත... එක් දෙයකට පමණක් සීමා නොවී All Roundersලා විය යුතුයි අපේ ජීවිතවලදී... එහෙම නැත්නම් සමාජයේ ජීවත් වෙන්න අමාරුයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site