IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රස්සාවට පරහට හිිටි පච්චය ස්ත‍්‍රික්කයෙන් පුච්චලා

(වියලූව වාර්තාකරු)
ආරක්ෂක අංශයේ රැුකියාවක් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට යාම සඳහා බාධාවක් වූ තම අතේ කොටා තිබූ පච්චයක් මකා ගන්නට ඒ මත රත්වූ විදුලි ස්ති‍්‍රක්කයක් තබා අත පුලූස්සා ගත් තරුණයකු පිළිබඳ පුවතක් වියලූවේ ගමකින් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.
ඔහු ගම්බද තරුණයෙකි. සම වයසේ ඇතැම් තරුණයන් සේ ඔහුද එක් අතක උඩබාහුවේ පච්චයක් කොටා ගත්තේ එය අපූරු විලාසිතාවක් යැයි සිතමිනි.
පච්චය තරුණකමට කිසියම් ජීවයක් ගෙන දුන්නද එය ආරක්ෂක සේවයේ රැුකියාවට ඇතුළුවීමට බාධාවක් බව ඔහුට වැටහුණේ ඒ සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට ගිය අවස්ථාවේදීය.
ආරක්ෂක අංශයේ රැුකියාවක සම්මුඛ පරීක්ෂණය සඳහා දෙවතාවක්ම ඉදිරිපත්වුවද ඒ හැමවිටම පච්චය හරහට හිටියේය.
‘‘ඔය පච්චය තියෙද්දී මේ රැුකියාවට ගන්නේ නැහැ. ඔයා ඔය පච්චය මකාගෙන එන්න. එතකොට අපි රස්සාවට ගන්නම්.’’
සම්මුඛ පරීක්ෂණය සඳහා සිටි නිලධාරීන්ගෙන් ඔහුට ලැබුණේ එවැනි පිළිතුරකි.


තමා සැබෑවටම ආදරය කළ මේ රැුකියාවට යන්නට අතේ වූ පච්චය බාධාවක් වීම නිසාම මේ තරුණයා සිටියේ දැඩි කනස්සල්ලෙනි.
නිවෙසට පැමිණි ඔහු පච්චය මකන්නට මගක් සිතුවේය. ඔහුගේ සිතට ආවේ අපූරු සිතුවිල්ලකි. සිතුවිල්ල කි‍්‍රයාවට නැංවිණි. හොඳින් රත්කළ විදුලි ස්ත‍්‍රික්කය ඔහු පච්චය මතින් තැබුවේ එහි සලකුණු සියල්ල මැකී යන පරිද්දෙනි.


දැන් අතේ පච්චය වෙනුවට ඇත්තේ රත් පැහැයෙන් බබලන ලොකු තුවාලයකි. දැන් දිනක් හැර දිනක් ඔහු ගමේ රෝහලට යන්නේ පච්චය මත ඇති තුවාලයට බේත් දමන්නලූ. ‘‘තුවාලය සනීපවුණු ගමන් මම ආයෙත් ඉල්ලූම්පත‍්‍රයක් දානවා.’’ ඔහුගෙන් සිය මිතුරන්ට ලැබුණේ අපූරු උත්තරයකි.



අදහස් (0)

රස්සාවට පරහට හිිටි පච්චය ස්ත‍්‍රික්කයෙන් පුච්චලා

ගයාන් Wednesday, 01 October 2014 05:00 AM

තරුණ විසේට ඕන දේයි එපා දේයි හැම එකම කරනවට හොඳ වැඩේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 October 2014 02:30 PM

හමුදාවටම ගැළපෙන හිත හයිය කොල්ලෙක්. සුබ පතනවා රැකියාව ඉක්මනට ලැබෙන්න කියලා (නි)

:       0       0

අයේෂා Wednesday, 01 October 2014 02:39 PM

දකුණේ කෙනෙක් වගෙයි!! (නි)

:       0       0

නන්ද Wednesday, 01 October 2014 02:46 PM

උත්සාහවන්තයා ජයගන්නවා මල්ලි. (නි)

:       0       0

සුභාෂිණි Wednesday, 01 October 2014 03:54 PM

අනේ මල්ලි, ඔයාට ඉතාම සුළු දවසකින් ඔයාගේ තුවාලය හොඳවෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. හොරකම් කර කර ,රස්තියාදු ගහනවට වැඩිය රස්සාව උතුම් කියලා ඔයාට තේරුණා නේද? (නි)

:       0       0

මාලි Friday, 03 October 2014 01:12 AM

පුදුම වැඩනේ කරන්නේ! (නි)

:       0       0

මධුශංක Friday, 03 October 2014 11:30 AM

මේ අපි දන්න කෙනෙක් නේ. (ස)

:       0       0

රුවන් Tuesday, 30 September 2014 07:53 PM

මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ. පච්ච මකන්න දැන් ලේසර් කිරණ වලින් පුළුවන්. (නදී)

:       0       0

චමින්ද Wednesday, 01 October 2014 09:38 AM

පච්ච කොටන්න කලින් දහස් වාරයක් හිතන්න ඕනේ කොටනවද,නැද්ද කියලා.පිටරටවල වුනත් වැදගත් රැකියාවකට ගන්නේ නැහැ පේන තැනක පච්ච කොටලා තිබුනොත්.(දිල්)

:       0       0

සරත් Wednesday, 01 October 2014 10:08 AM

ඔහු ආරක්ෂක අංශයේ රැකියාවට හොඳටම ගැළපෙනවා. උත්සාහය අත්හරින්න එපා මල්ලියේ... (නි)

:       0       0

කිත්සිරි Wednesday, 01 October 2014 01:39 AM

කවුරුත් දුරදිග හිතන්න ඕනා සිරුරේ පච්ච කොටනකොට. තරුණ වයසට ගැලපෙන පච්ච කොටාගත්ත අයට මතක නැති වෙච්ච දෙයක් තමයි, තරුණකම තාවකාලිකයි, වැඩිහිටියෙකු, වයෝවෘධ කෙනෙකු ලෙස මේ පච්ච එක්ක සමාජයට මුහුන දෙන්නේ කොහොමද කියලා. (නදී)

:       0       0

සිරි අයියා Friday, 03 October 2014 06:49 AM

කරන්නන් වාලේ පච්ච කොටාගන්න වර්තමාන තරුණයන්ට තරුණියන්ට මේක හොඳ පාඩමක්. මන් ඉන්න රටේනම් පච්ච කාරයෝ කිසිම රජයේ රැකියාවකට ගන්නේ නැහැ. නොපෙනෙන තැන වල පච්ච කොටා ගත්තත් මෙඩිකල් එකේදී අහුවෙනවා. (දිල්)

:       0       0

බෙනරගම Wednesday, 15 October 2014 08:22 PM

ඇයි දැන් කවුරුවත් ස්ත්‍රික්කය ගැන කතා නොකරන්නේ? දැන් ඒ පච්චය ස්ත්‍රික්කයේ ඇලිලා ඇති නේද? (නි)

:       0       0

පිටිගල Friday, 03 October 2014 07:55 AM

ලංකාවේ පච්ච දේශපාලකයින් කී දෙනෙක් ඉන්නවද? පච්ච නැත්නම් , අයියෝ! කිසි වැඩක් නැහැ. (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Wednesday, 01 October 2014 04:42 AM

අනුගමනය කලේ හරිම විදිය නොවුනත් අධිෂ්ටානයක් ඇති තරුණයෙක් (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 01 October 2014 11:34 AM

මොළයක් තියෙන කෙනෙක් මේ වාගේ වැඩක් කරයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site