ලොකු මහත්වූ දියණියන් දෙදෙනකුගේ මවකි. දරු සුරතල් බලන්නට ඉන්නා ලොකු දියණිය කිරි කොස් කන්නට ආසා බව දැනගත් මව මහ දවාලේ වත්තට ගියේ කොස් ගෙඩියක් කඩා ගන්නටය.
තමන් අත වූ ජංගම දුරකතනය අසල ගලක් මත තැබූ මව කොස් කඩන්නට වුවාය. සිය කටයුතු අහවර කළ මව දුරකතනය ගන්නට බැලුවත් එය තිබූ තැනක නොවීය. කවුරුන් මෙය සොරා ගත්තාදැයි කල්පනා කරද්දි ඇය කොස් ගසේ පහළ අත්තක සිටින රිළවකු දුටුවාය.
දුරකතනය රිලවා අතේය. රිළවා එය එහා මෙහා කරමින් හැඩ වැඩ බලමින් සිටී. කුඩා දරුවකු මෙන් ඇඟිලි තුඩු එහා මෙහා කරන අන්දම ඇය දුටුවාය. කෝටු කැබැල්ලක් ගෙන දමා ගසද්දී රිළවා ඉහළ අත්තට ගියේ දුරකථනයත් රැගෙනය.
කාන්තාව සිය සොහොයුරාට කෑගැසුවාය. “අනේ මගේ පෝන් එකට කෝල් එකක් ගන්නකෝ” ඇය ඉල්ලා සිටියාය. ගත වූයේ ටික වේලාවකි. රිළවා අතේ වූ දුරකථනය නාද වෙද්දි බිය වූ රිළවා එක්වරම පලා ගියේ එන පොට හොඳ නැති බව තේරුම් ගෙනය.
දුරකතනය අතට ගත් කාන්තාව සුසුමක් හෙලද්දී දියණියගෙන් ඇමතුමක් ලැබිණි. ඇයි අම්මේ කතා කළේ මම දැනුයි කෝල් එකක් අරගෙන තියෙන බව දැක්කේයි. දියණිය කීවාය.
තමන් දියණියට ඇමතුමක් නොගත් බවත් රිළවා දුරකතනය අතේ තබාගෙන අනුකරණය කරද්දී දුවගේ අංකයට ඇමතුමක් ගොස් ඇති බවත් වැටහුණු මව ඒ බව දියණියට කීවේ දුව ගැන දැන් මම විතරක් නොවෙයි ගමේ ඉන්න රිළවුනුත් සොයා බලනවා යි යනුවෙනි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කාන්තාවකගේ අමනුෂ්‍ය දෝෂය ඉවත්කිරීමට ආ ප‍්‍රධාන කටිටඩියා ඇතුළු ඔහුගේ ආවතේවයට ආ ගෝලයන් දෙදෙනකුට ගම්වැසියන් පන්න පන්නා ‘ගුටිපූජාවකින්’ සංග්‍රහ කිරීමේ
බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක ගොවියකුගේ ගෙවත්තෙහි ඇති රට දෙල් ගසෙහි මෙවර විශාල වශයෙන් දෙල් හට ගෙන තිබිණි. මේ සැරේ නම් ගාණක් ගත හැකි ගොවියා සිතුවේය.
වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.
මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක
තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
රිළවාගෙන් බඩදරු අම්මාට කෝල් එකක්