(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ආයතන ප්‍රධානියාගේ හදිසි රාජකාරියක් නිසා දවල් ආහාරයද ඒවා ගෙනා භාජනද නැතිව ගෙදර යන්නට සිදුවූ නිලදරුවකු බිරියට දෙන උත්තර සොයමින් පසවූ පුවතක් පසුගියදා කොලොම් තොටේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.
නිවසේ සිට දිනපතා රාජකාරියට එන කොළඹ අග නගරයේ කාර්යාලයක සේවය කරන නිලදරුවෙකි. අලුයම අවදිවන බිරිය ඔහුට දිවා ආහාරය සකසා දීම සිරිතය. බත් හා ව්‍යංජන වෙන වෙනම අසුරා දීම ඇය පුරුද්දක් කරගෙන සිටියාය. ඒ සැමියාගේ දිවා ආහාරය ලබා ගැනීමේදී ඔහු තෘප්තිමත් කරන අදහසිනි.
ප්ලාස්ටික් ඇසුරුමක බත් අසුරන අතර ව්‍යංජන කිහිපයක් පුංචි බෝතල්වල අසුරා හුරුබුහටි පාර්සලයක් සේ සකසා දෙන්නේ සැමියාටත් කරදරයක් නොවන පරිදිය. දිවා ආහාරය ගැනීමෙන් පසු ඒ සියල්ල සෝදා පිරිසුදුකර ආපසු අසුරාගෙන යාම සැමියාගේ සිරිත වූයේය.
පසුගිය දිනක දිවා ආහාරය ලබා ගනිමින් සිටියදී ඔහුට ප්‍රධානියාගෙන් හදිසි කැඳවීමක් ලැබිණි. උඩින් පල්ලෙන් ආහාරය ලබා ගත් හෙතෙම භාජන සියල්ල පසෙක තබා ප්‍රධානියා හමුවට ගියේ ඒවා පසුව සෝදා අස්කර ගන්නා අදහස ඇතිවය.
ප්‍රධානියා හමුවීමෙන් පසු පැවැරුණු හදිසි රාජකාරිය ඉටු කර පැය කිහිපයකින් ඔහු කෑම කාමරයට ගියේ භාජන සෝදන අදහසිනි.
එහෙත් ඔහුගේ සියලු බලාපොරොත්තු බීඳී ගියේය. තමන්ගේ භාජන එකක්වත් තිබූ තැන පෙනෙන්නට නැත. වට පිට බලද්දී සවස තේ සකසන කාන්තාව එහි ආයේය. ඇයි මහත්තයා ඇය විමසුවාය. ඔහු කාරණය කීවේය.
අනේ මහත්තයා මං ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මම මෙතන තිබිච්ච ඒවා සේරම කසළ භාජනයට දාලා අස්කළා ඇය කීවේ බයාදු ගතියෙනි. ඔහු කසළ බදුන බැලුවේය. එකි නෙකාගේ ඉදුල් අතරින් තම බදුන් තිබෙනු ඔහු දුටුවේය.
මහත්තයා මම ඒවා අරගෙන දෙන්නද තේ සකසන කාන්තාව විමසුවාය. එපායි කී ඔහු ආපසු ගියේ ඒ ආකාරයේම බඳුන් කෙසේ සොයා ගන්නද මෙන්ම බිරියගේ ප්‍රශ්න පත්‍රයට දෙන උත්තර ගැන සිතමිනි.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
සමාගමක භාණ්ඩ කිහිපයක් හඳුන්වාදීමට පැමිණි තරුණ නෝනා නිවස තුළට වද්දාගත් මහත්මයකුට ජීවිතයේ අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ අපූරු කතාවක් ගාලු දිසා
අවට අයට හොරෙන් ගෙදරින් පිටවූ අයකු හිමිදිරියේ ඉඳුල් වතුර නා ගැනීම හේතුවෙන් සියල්ල ගමටම එළි වූ පුවතක් කලාවැව අවටින් අසන්නට ලැබුණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලොක්කාගේ හදිසි කැඳවීමෙන් නිලධාරියාට ගෙදර යන්න බැරි ප්‍රශ්නයක් මතු වෙලා
Kuma Thursday, 19 March 2020 12:56 AM
ඉතින් ඕක ඔච්චර දඟලන්න දෙයක්ද ..අතේ තියන ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්නකෝ. ගිහින් පෙන්නන්න නෝනට .........අනේ මන්ද කොහොම රාජකාරි කරනවද කියලා.
imesh Friday, 20 March 2020 05:42 AM
මේක විශේෂයක් නැහැ නේ ??