IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලයිට් නැතිව විදුලි ගේට්ටුව හිරවී ඉණිමෙඟන් එළියට ඇවිත

බස්නාහිරයි. පුංචි ඉතාලිය යනුවෙන් තවත් නමක් ඇති පැත්තකි. මහා මන්දිර බොහෝය. ගෙයක් හැදීමට වැයවන මුදල් වැයකර ඉදිකළ ස්වංක‍්‍රීය ගේට්ටුවකි. දුර සංඥාවෙන් බොත්තමක් තදකිරීමෙන් ගේට්ටුව විවෘත වෙයි.

සොබාදහමේ නොයෙකුත් හේතුමත එදා විදුලිය විසන්ධි විය. ගෙහිමියා එදා උදේ රිමෝට් කන්ට්‍රෝලය අතට ගත්තේ පාසල් යෑමට සිටි දරුවන් කාරයට නැග සිටියදීය. එම උපකරණය කිහිපවරක්ම තද කළත් ගේට්ටුව ඇරුණේ නැත. විදුලිය විසන්ධි වී ඇති බව ඔහුට වැටහෙන විට ඉහින් කනින් දාඩිය දමා තිබිණි.

දරුවන්ගේ පාසල් ගමන නතරවිය. එළියට යෑම සඳහා ක‍්‍රමයක් සොයාගත යුතුමය. ඒ සඳහා ඉනිමං දෙකක් යොදා ගැනීමේ අදහස ගෙදර සේවකයකුගෙනි ආවේ. ගරාජය මුල්ලක තිබූ ඇලූමිනියම් ඉනිමං දෙක ගේට්ටුව දෙපැත්තේ තැබීමෙන් නිවාස අඩස්සියෙන් මිදීමට ඒ ගෙදර සවිබල ඇති අයට හැකිවිය.



අදහස් (0)

ලයිට් නැතිව විදුලි ගේට්ටුව හිරවී ඉණිමෙඟන් එළියට ඇවිත

පාලින්ද Monday, 09 June 2014 07:02 PM

සල්ලි තිබ්බාට වැඩක් නැහැ කරන්ට් එක නැතුව (දී)

:       0       0

රූපවතී Monday, 09 June 2014 01:19 PM

පහන්දී නංගි, ඉස්සර වගේ සන්ඩු කරන්නේ නැතිව ලස්සනට ඉන්න බලන්න (දී)

:       0       0

කුමාරි Monday, 09 June 2014 07:25 PM

මිනිස්සු ඇයි වැඩක් කරනකොට දුරදිග කල්පනා නොකරන්නේ? (නි)

:       0       0

කවිඳු Monday, 09 June 2014 07:28 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සුසිර Thursday, 05 June 2014 02:07 PM

ලංකාවේ විදුලිය ගැන නොදන්නා තොත්ත බබාල ලංකාවේ නැහැ. ගේට්ටු හදන අයත් ගේට්ටු දමන අයත් ඒ ගැන හොඳින් දන්නවා. කාගේ හෝ හුවකට කුලප්පු වෙලා තප්පුලලා මෙතන මෝඩ අදහස් දමන අය වගේ, බස්නාහිර පළාතේ මීගමුවේ ජනතාව මොඩත් නැහැ. සමහරවිට මේක මාරවිල ජීවත්වෙන මහත්තයට සිදු උන දෙයක්ම වෙන්නත් පුළුවන්.(නදී)

:       0       0

අසෝකා Thursday, 05 June 2014 02:12 PM

මේ වගේ දේවල් කරන අය නිසා තමයි කියන්නේ සල්ලි වලට මොනවා ගත්තත් මොලේ සල්ලි වලට ගන්න බැහැ කියලා (නදී)

:       0       0

නදීක Thursday, 05 June 2014 02:22 PM

බලාගෙන ගියාම ගේට්ටු උපදේශකයෝ ඉන්නේ මෙතැනනේ. මගේ පොඩි කුඹුරක් තියනවා. කට්ටියට පුලුවන්ද ඒක හාන්න උදව්වට එන්න. (නදී)

:       0       0

ශාන්ති Friday, 06 June 2014 01:46 AM

ස්තුතියි නිර්මලා මම ඔයගේ කතාවට නම් හිනා උනා. අපි නොදන්නා විදුලි බල මණ්ඩලය නේද ? (නදී)

:       0       0

ගුණවර්ධන Monday, 09 June 2014 12:32 AM

මේ මහත්තයා පිටරට යවා ගේට්ටු සම්බන්ධව පාඨ මාලාවක් හැදෑරීමට බිරිඳ කටයුතු කල යුතුයි (දී)

:       0       0

ටිරෝන් Thursday, 05 June 2014 02:50 PM

මහත්තයා ඉන්නේ මාරවිල අයත්වෙන්නේ පුත්තලම් දිස්ත්‍රිකයට නේද? ඉතින් මේ කතාව හරියටම හරිනේ. ගේට්ටුවෙන් එහා පැත්තට පැනගන්න ගේට්ටුව ළඟ පොල් ගහක් තිබිල නැද්ද? (නදී)

:       0       0

ගුනවර්දන Monday, 09 June 2014 12:43 AM

නිර්මලාගේ කතාව හරි ෂෝක් පොසොන් කාලයට අනුරාධපුරයට විදුලිය දෙන විදුලි බල මණ්ඩලය ගැන මොනවා කියන්නද ?(දී)

:       0       0

ප්‍රසාන් Thursday, 05 June 2014 04:23 AM

මේ ගේට්ටුව විදුලිය විසන්ධි වූ විට අතින් අරින්න වහන්න පුළුවන් පරිදි හැදූ එකක් නෙමෙයි වෙන්න ඇති (නි)

:       0       0

දනු Friday, 06 June 2014 03:42 PM

විදුලිය විසන්ධි වීමේදී පාවිච්චි කිරීම සදහා ජෙනරේටරයක් තියා ගත්තනම් හරි නේ. (ස)

:       0       0

සුමනා Thursday, 05 June 2014 03:19 PM

මේක මෝඩ ක්‍රියාවක් සෑම මෝටර් එකක්ම අතින් ක්‍රියාකරවීමේ හැකියාව තියෙනවා (නදී)

:       0       0

නිර්මලා Thursday, 05 June 2014 03:28 PM

"සොබාදහමේ නොයෙකුත් හේතුමත එදා විදුලිය විසන්ධි විය." අනේ යන්න මහත්තයෝ අපි නොදන්නා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය. ලංකාවේ විදුලිය ගැන විශ්වාස කරලා ගේට්ටු හැදුවොත් ඉතින් හැමදාම උඩින් පැනල තමයි යන්න වෙන්නේ. ගේට්ටුව අයිති කෙනා සුද්දෙක්ද? (නදී)

:       0       0

ඉවාන් Sunday, 08 June 2014 02:00 PM

මේ වගේ ගේට්ටු මෙහේ හැම තැනම තියෙනවා. විදුලිය නැති වෙලාවට අතින් ක්‍රියා කරවන්න පුළුවන්. මෙි මහතා ඒ ගැන දැනුම්වත් නැතුව ඇති. (ස)

:       0       0

ජෝසප් පෙරේරා Monday, 09 June 2014 09:18 PM

දම්මික ජේ.පී වෙතටයි. මගේ නමත් ජේ.පී. යතුරු ප්‍රශ්ණය මතුවුනේ ටොයොටා විට්ස් කේකේ කාණ්ඩයේ රථයකයි. පැච් කට්ටලය මම දැක්කේ හොණ්ඩා ෆිට් කේ.ඩබිලිව් කාණ්ඩයේ රථයකයි. එහෙත් අද ගූගල් වල හැම පැනයකටම වගේ පිලිතුරු තියනවා. (නදී)

:       0       0

මංජුල Thursday, 05 June 2014 06:21 AM

මදැයි කරගත්ත දේ? (නි)

:       0       0

සමන්ති Thursday, 05 June 2014 06:47 AM

සමහරුන්ට මුදල් තිබුනාට එය ක්‍රමවත්ව පාලනය කරගැනීමට බුද්ධිය නොමැත (නි)

:       0       0

තිලකා Saturday, 07 June 2014 08:17 PM

ලිපිය පුරා සහ අදහස් බොහොමයක් පුරා සැගව ඇත්තේ යමක් කමක් ඇති කෙනා ගැන ඇති සියුම් ඊර්ෂ්‍යාවයි. (ස)

:       0       0

සෙන්සා Thursday, 05 June 2014 08:26 AM

සත්ව පරිනාමය අනුව ස්වභාව ධර්මයට සියලුම සතුන් අනුවර්ථනය වෙලා තියෙන්නේ. නුදුරු අනාගතයේදී මිනිසුන්ගේ අතපය නැතිවෙලා ගිහින් රිමෝටි එක ඔබන්න විතරක් පොඩි අන්ඩක් ඉතිරිවෙයි බාගදා.(නදී)

:       0       0

දිලිනි Thursday, 05 June 2014 05:57 PM

මේ ගෙදරට පිටුපස ගේට්ටුවක් හෝ පැති දොරක්වත් තිබී නැති හැඩයි (නි)

:       0       0

සඳුන් Friday, 06 June 2014 09:11 AM

නිර්මලාගේ කතාව නියමෙට ගැලපෙනවා. විදුලිය විසන්ධි වීම ඕනෑම රටක වෙන්න පුළුවන්. ලංකාවේ හැකියාව ඉතාම වැඩියි. නියමාකාරයෙන් හදපු මෙවැනි පද්ධතිවල අතින් ක්‍රියා කළහැකි ක්‍රමයක් තියෙනවා. ඒක දියුණු රටවල නීතියක් (නදී)

:       0       0

ජෝසප් පෙරේරා Saturday, 07 June 2014 10:09 PM

ගේට්ටු ගැන මම දන්නේ නැති උනත් දැන් එන සමහර මෝටර් රථවල දොර අරින්න යතුරක් නෑ. දුරස්ථ පාලකයේ බැටරිය බැස්සොත් දොර ඇරගන්න බෑ. ඒ වගේම අමතර ටයරය වෙනුවට තියෙන්නේ පැච් දමන කට්ටලයක්. ටයරය ගලක වැදී කැඩුණොත් ඉවරයි. (ස)

:       0       0

ලක්ෂිත Thursday, 05 June 2014 09:04 AM

සල්ලි තිබ්බට මොලේ නෑ කියන්නේ ඔව්වට තමයි (නදී)

:       0       0

මීපුර වැසියා Sunday, 08 June 2014 05:54 PM

මොහුට සල්ලි තිබුනට හිතීමේ හැකියාව අඩුයි (දී)

:       0       0

නුවන් - මහනුවර Thursday, 05 June 2014 10:44 AM

විදුලිය විසන්ධි වුණහම ඔය ‍වගේ ගේට්ටු හදිසියේ අරින්න පුළුවන් වෙන්න යකඩ දම්වැලක් අයිනෙන් සවි කරනවා. දම්වැල අතින් අදිනකොට ගේට්ටුව ඉහළට යනවා.මෙතන වරද නිවෙස් හිමියාගේ විතරක් නෙමෙයි. මේ ගේට්ටු සවිකළ මිනිසුන්ගේ. ඒ අය දැනගන්න ඕනෑ හදිසි අවස්ථාවක පාවිච්චි කරන්න මොකක් හරි දෙයක් ගේට්ටුවට සවිකරලා තියන්න. (නි)

:       0       0

සීතා Monday, 09 June 2014 10:48 AM

මටත් මේ වගේ ගේට්ටුවක් තියෙන්නේ. විදුලිය විසන්ඳි වුන විට අතින් අරින්න පුළුවන්. එළියේ හිටුයොත් ඇතුලට එන එක තමා ප්‍රශ්නේ. එකට ඉතින් පොඩි ගේට්ටුවක් තියෙන්න ඕනේ. මට ගේට්ටුව හදපු කට්ටිය කියල දුන්න. මේ ගේට්ටුව සවි කරපු කට්ටිය මීට පස්සෙවත් පරිබෝගිකයව දැනුවත් කරන එක යුතුකමක්. (ස)

:       0       0

චතූ Thursday, 05 June 2014 10:51 AM

දෙයියෝ සාක්කි කිවුවලු! (නි)

:       0       0

කුමුදිනි වත්සලා Monday, 09 June 2014 05:33 PM

රූපවතී හරි. ලස්සනට ඉන්න බලන්න පහන්දී. ඔයා කවුද කියලා හැමෝම දන්නවා (නි)

:       0       0

රූපවතී Tuesday, 10 June 2014 08:56 AM

අනේ ජෝසෆ් ගූගල් චෙක් කරන හැටි කියලා දෙන්න. (ස)

:       0       0

කුසුම් Thursday, 05 June 2014 07:56 PM

අහන්න දෙයක් නැහැ. ගේට්ටුව හදලා ඇත්තේ චීනෙ කෙනෙක්. හැබැයි අදහස් ටික නම්, නියම ශ්‍රී ලාංකිකයි (නි)

:       0       0

පහන්දී Thursday, 05 June 2014 11:54 AM

අනුන් කරන දේ කරන්න ගියාම ඔහොම තමයි (දිල්)

:       0       0

දම්මික ජේ.පී Sunday, 08 June 2014 08:45 AM

තිලකගේ කතාවට මමත් එකගයි .. ඉර්ශියා සහගත මඩ තමයි වැඩිපුරම තියෙන්නේ ... නිව්ස් එකට අදාළ දෙයක් නම් නෙමෙයි ...ජෝසප් මහත්තයෝ දුරස්තපාලකය ඇතුලේ යතුර තියනවා මන් දන්නතරමට ...ගාන්චුව පැත්තෙන් ඇදල බලන්න .පැච් කට්ටලය එන්නේ මොන වාහනේටද ... නොදන්නා නිසා ඇහුවේ (දී)

:       0       0

බිහාර Thursday, 05 June 2014 12:09 PM

ඔන්න ඔහේ කමක් නැහැ. වෙනසකටත් එක්ක හොඳයි (නි)

:       0       0

වජිර Thursday, 05 June 2014 12:09 PM

කමක් නැහැ. පුරුදු වෙන්නත් එක්ක හොඳයිනේ... (නි)

:       0       0

රුවන් Thursday, 05 June 2014 12:09 PM

සෑම නිවසකම වගේ වෙනම කුඩා ගේට්ටුවක් තිබෙනවානේ. මේ පුද්ගලයාට සල්ලි තිබුනට නුවණ නම් නැහැ වගෙයි (නි)

:       0       0

නන්දසිරි Thursday, 05 June 2014 12:22 PM

ඉණිම‍ඟෙන් එන්න එයා දැනගෙන හිටියද දන්නෙ නැහැ. මොකද ඉතින්, එයාලා සුඛෝපභෝගී ජීවිත ගතකරන අයනේ (නි)

:       0       0

සරත් Thursday, 05 June 2014 12:28 PM

ගේට්ටුවට පොඩි දොරක් දාගන්නනේ තිබුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 548 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1022 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 980 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 866 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 982 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site