(උණවටුන - ඩී.ජී. සුගතපාල)
කාන්තාවන්ට ලොල්වූ හැත්තෑහය හැවිරිදි විශ්‍රාමිකයකු රවටා පුද්ගලයන් පිරිසක් විවිධ දේවල් ලබා ගැනීමේ සිද්ධියක් අනාවරණය කරගැනීමට ගාල්ල බස් නැවැතුම්පොළේ පොලිස් නිලධාරීන්ට හැකි විය.
ගාල්ල බස් නැවැතුම්පොළේ පොලිස් මුරපොළට පියකු සමග පැමිණි පුතකු පොලිස් මුරපොළ බාර සැරයන් විමල් ජයසේකර මහතාට දීර්ඝ විස්තරයක් කළේය.
“සර්, කවුද මනුස්සයෙක් අපේ අම්මාගේ ෆෝන් එකට නිතරම කතා කරනවා, හරිම කරදරයි. බැරිම තැන ඒ කෝල්වලට උත්තර දුන්නේ නැහැ. ඒ පාර වෙන ෆෝන් එකකින් කතා කරන්න පටන් ගත්තා. අද ගාල්ල ස්ටේෂන් එක ළඟට එන්න කියලා. අපි හිතන්නේ දැන් ඒ මනුස්සයා ඇවිල්ල ඇති.”
සියලු විස්තර අසා සිටි සැරයන් විමල් ජයසේකර මහතා සහ කාන්තා සැරයන් කළ්‍යාණි මහත්මිය දුම්රිය ස්ථානය වෙත ගිය අවස්ථාවේ දක්නට ලැබුණේ අවුරුදු 76ක් පමණ වයස පුද්ගලයකු තරුණ කාන්තාවක සමග කතා කරමින් සිටින අයුරුය.
ඒ සමගම කලිසමකින් සහ ටී-ෂර්ට් එකකින් සැරැසුණු කාන්තාවක් ද මෝටර් රථයක් පදවාගෙන පැමිණ දුම්රිය ස්ථානය ඉදිරිපිට නතර කොට ඔවුන් සිටි ස්ථානයට ආවාය. “ඔයාගේ ෆෝන් එකෙන් ද මට දැන් කතා කළේ?” මෝටර් රථයෙන් පැමිණි කාන්තාව මහලු පුද්ගලයා සමග සිටි කාන්තාවගෙන් ඇසුවාය. “ඔව්, මේ අංකල් කෝච්චියේ එනකොට මට හම්බ වුණේ පානදුරේදී. ගාල්ලෙන් බැහැලා මගේ ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන ඉල්ලුවා” ඇය කීවාය.
පොලිසිය සමග පැමිණි පියා “මේ මගේ නෝනා” යනුවෙන් මෝටර් රථයෙන් පැමිණි කාන්තාව එහි සිටි අයට හඳුන්වා දුන්නේය.
මේ අතර මහලු පුද්ගලයා තමා ගැන විස්තරයක් පොලිසියට කීවේය. තමා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයකු බවත් බිරිඳ මියගොස් ඇති බවත් තමා සමග එන කාන්තාවකට සියලු දේපොළ ලියා දෙන බවත් ඔහු කීවේය. තමා මෙයට පෙර දුරකතනයෙන් කතා කළ කාන්තාවට මහන මැෂිමක්, ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ රැසක් ගෙන දුන් බවත් ඔහු කියා සිටියේය.
එවිට මෝටර් රථයෙන් පැමිණි කාන්තාව පෙන්වා එම භාණ්ඩ ගෙන දුන්නේ ඇයට දැයි විමසූ විට ඔහු කියා සිටියේ ඇයට නොවන අතර කාන්තාව වෙනුවෙන් පිරිමි පුද්ගලයකු පැමිණ එම භාණ්ඩ රැගෙන ගිය බවය. මේ අතර මෝටර් රථයෙන් පැමිණි කාන්තාවගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාගෙන් මගහැරුණ ඇමතුම් (මිස්ඩ් කොල්) හත්සිය අටක් පමණ විය.
සිදුව ඇති දෙය පොලිසියටත් මවට, පියාට සහ පුතාට පැහැදිලිය. කිසිවකු විසින් ඔහු රවටාගෙන ඇති බව දැනගත් මව, පියා සහ පුතා තවත් දුරකතන ඇමතුම් නොගන්නා ලෙසට අවවාද කොට මෝටර් රථයට ගොඩවූ අතර ඔහු බෑගය ද එල්ලාගෙන දුම්රිය වේදිකාව දෙසට ඇදී ගියේය.
සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.
අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි
දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය
තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ
දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විශ්‍රාමිකයා ගොනාට අන්දා සේසතම ගන්න හදලා