(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)
බුජ්ජම්පොළ විජයගම ප්‍රදේශයේදී මුර සංචාරයක යෙදී සිටි පොලිස් ජීප් රථයක නිලධාරීන් මාර්ගයේ පැමිණි ලොතරැයි අලෙවි කරන යතුරුපැදිකරුවකු ළඟ ලොතරැයි පතක් මිලදී ගැනීමට නැවැත්වූ අවස්ථාවේදී යතුරුපැදිකරු යතුරු පැදිය දමා පළා යාම සම්බන්ධයෙන් සැක සිතූ පොලිස් නිලධාරීන් යතුරු පැදිය පරීක්ෂා කිරීමේදී ලොතරැයි ලෑල්ලට යටින් සඟවා තිබූ නීති විරෝධී කසිප්පු බෝතල් 25 ක් සොයා ගැනීම නිසා පළා ගිය පුද්ගලයා සොයාගෙන පෙරේදා (28) සවස සැක පිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විජයගම පදිංචි 38 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
සැකකරු ලොතරැයි මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ටම මෙලෙස කසිප්පු සිල්ලරට අලෙවි කිරීමේ අතුරු ව්‍යාපාරයක් ද කරගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය කීය. පොලිස් නිලධාරීන්ව දැක තම යතුරු පැදියත් දමා පළා ගිය පුද්ගලයා ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.
දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් කොස්තාපල් (36283) ශ්‍යාමාල්, (76091) තෙන්නකෝන් යන නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක
තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වාසනාව බෙදන ගමන් සූර් බඩුත් විකුණලා