IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සහන ගන්න බලාගෙන පරණ ගේ යකඩ ඉන්නෙන් හිල් කරලා

(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර)

ආපදා සහන ලබා ගැනීමේ අරමුණ ඇතිව තම නිවසේ බාගෙට පුපුරා තිබු බිත්තියකට යකඩයකින් ඇන එම බිත්තියේ පිපුරුම විශාල කළ අයකුගේ නිවෙස පරීක්ෂා කිරීමට ගිය ග්‍රාම නිලධාරීවරයාට අතටම අසුවීමේ සිදුවීමක් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ආපදාවට ලක්වූ ගම්මානයකින් වාර්තා විය. සිද්ධිය සැකවින් මෙසේය. වැස්සත් සමග ප්‍රදේශ රැසක නාය ගියේය. තවත් ගම්මාන රැසක් ආපදා අවදානමකට ලක් විය. ඇතැම් ප්‍රදේශවල පොළව ගිලා බැස නිවාස පුපුරා ඉරිතලා තිබෙනු දක්නට ලැබුණි. සිද්ධිය වු නිවසේ හිමිකරු ගුරුවරයෙකි. තමන්ගේ නිවෙස ද මේ වන විට පුපුරා යාමට පටන් ගෙන ඇති බව හෙතෙම තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දැනුම් දුන්නේය. පසුව වසමට අයත් ග්‍රාම නිලධාරීවරයා නිවසට පැමිණ ගුරුවරයාගේ නිවෙස පරීක්ෂා කර බැලීය.

මෙය පරණ සාමාන්‍ය පිපිරීමක්. ඒ නිසා භය නැතිව ඉන්න යැයි පවසා ග්‍රාම නිලධාරීවරයා එම නිවෙසින් පිටව ගියේය. නමුත් ගමේ අනිත් පිරිසට ආධාර ලැබෙනවා දුටු මෙම ගුරුවරයාට ද ආසාවක් ඇති විය. මට විතරයි ආධාර නැත්තේ. දෙන්නම් වැඩක් යැයි කියමින් නිවසේ තිබූ යකඩ ඉන්න රැගෙන බාගෙට පුපුරා තිබූ බිත්තියෙ පුපුරුම විශාල කළේය. පසුව ග්‍රාම නිලධාරීවරයාට නැවතත් පැමිණිලි කළේ තමන්ගේ නිවෙස එන්න එන්නම පිපිරීමේ අවදානම වැඩි වී ඇති බව කියමිනි. ග්‍රාම නිලධාරීවරයා නැවතත් නිවෙසට පැමිණ එම බිත්තිය හොඳින් පරීක්ෂා කර බැලීය.

ආයුධයකින් මෙම බිත්තිය ඈත් කර ඇති බවට ග්‍රාම නිලධාරීවරයාට දැක ගන්නට ලැබිණි. පසුව ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා නිවෙස් හිමියාගෙන් විමසූ විට හෙතෙම කරබාගෙන හිටියේ තමන් ඒ වැඬේ කළ බවට අනුමත කරමිනි. සහනාධාර ගන්නට ගිහින් තමන්ගේ හොඳට තිබුණු නිවසේ බිත්තියකුත් කඩාගෙන යැයි ගමේ මිනිස්සු කියනවාලු.



අදහස් (0)

සහන ගන්න බලාගෙන පරණ ගේ යකඩ ඉන්නෙන් හිල් කරලා

රවී Friday, 10 June 2016 05:52 AM

අනේ ඇත්තටම ගුරුවරයෙක්ද ඔය? (බ)

:       0       0

රුවන් Thursday, 09 June 2016 09:09 PM

අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 336 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 888 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 776 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 618 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 329 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 287 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site