IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිංහ වෙස්ගත් ප‍්‍රභූ ආරක්‍ෂක අන්තිමේ බලූ කුක්කකු වෙලා

කොළඹ ප‍්‍රධාන රෝහලකි. අවේලාවේ පැමිණි මෝටර් රියක් වෛද්‍යවරුන්ගේ රථ ගාලේ නතර කළේ කිසිදු අවසරයක් නැතිවයි. රෝහලේ ආරක්ෂක සේවකයකු වේගයෙන් එදෙසට දිව ගියේය. ‘‘මහත්තයා මෙතැන වාහන නවත්වන්න පුළුවන් දොස්තර මහත්වරුන්ට විතරයි. ලෙඩුන් බලන්න එන අයට වාහන නවත්වන්න තැනක් වෙන් කරලා තියනවා.” ආරක්ෂක භටයා කරුණු පැහැදිලි කළේය. ‘‘දන්නවද මං කවුද කියලා. මං ප‍්‍රභූ ආරක්ෂක නිලධාරියෙක්. මට මෙතැන වාහන නවත්වන්න කාගෙවත් අවසර  ඕන නෑ,” යැයි පැවැසූ ඔහු ලෙඩෙක් බලන්නට රෝහල ඇතුළට යන්නට උත්සාහ කළේ ආරක්ෂක භටයාගේ වචන තඹේකටවත් මායිම් නොකරමිනි. ”මහත්තයා මේ ලෙඩුන් බලන වෙලාවක් නෙමෙයි. ඔබට යන්න දුන්නොත් අපේ රස්සාවත් ඉවරයි.” රෝහල් සේවකයා මග හරස් කරමින් පැවසීය. යක්ෂාවේශ වූ ප‍්‍රභූ ආරක්ෂකයා, ”මං නවත්වන්න තමුන් කවුදැ” යි විමසා රෝහල් සේවකයාගේ කනට පහරක් ගැසීය. ප‍්‍රභූ ආරක්ෂකයාගේ ඔරලෝසුව වැදී රෝහල් සේවකයාගේ කන තුවාල වී ලේ ගලන්නට විය. මේ කලබලය දුටු සෙසු රෝහල් සේවකයෝ ද, වෛද්‍යවරු ද එතැනට පැමිණියහ. සිංහ වෙස්ගෙන සිටි ප‍්‍රභූ ආරක්ෂකයා වෛද්‍යවරුන්ගේ සහ රෝහල් සේවකයන්ගේ විරෝධය හමුවේ අසරණ විය. අවසානයේ මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කෙරිණි. පොලිසියට ගිය ප‍්‍රභූ ආරක්ෂකයා, ”මේක සමාදාන කරගනිමු. දුර දිග ගියොත් මගේ රස්සාවත් ඉවරයි,” කියමින් පින්සෙන්ඩු වන්නට විය. පොලිසියේ දී සමාව ගත් ප‍්‍රභූ ආරක්ෂකයාට තුවාල ලැබූ රෝහල් සේවකයා වෙනුවෙන් රුපියල් 5000ක වන්දියක් ද ගෙවීමට සිදු විය.



අදහස් (0)

සිංහ වෙස්ගත් ප‍්‍රභූ ආරක්‍ෂක අන්තිමේ බලූ කුක්කකු වෙලා

චන්ද්‍රසිරි Monday, 10 September 2012 01:34 PM

මේ වගේ අය සමාජයේ ඕනතරම් ඉන්නවා...(ස)

:       0       0

හරීන් Saturday, 15 September 2012 01:17 PM

දැන් කාලේ තියෙන ෆිල්ම් බැලුවම සමහර මිනිස්සුන්ට ඔය වගේ දේවල් කරන්න හිතෙනවා....(ස)

:       0       0

අසේල Thursday, 13 September 2012 01:39 AM

කොහොමත් කටු කන බල්ලා තමයි පොළොවට අඩියක් උඩින් යන්නේ. (නි)

:       0       0

ජයී Monday, 10 September 2012 07:15 PM

මෙවැනි සුළු දෙයකට කුපිතවී, නීති ගරුක සේවකයකුගේ බැගෑපත් ඉලිලීමට අවනත නොවී, නීති කඩකරමින් අමානුෂික ලෙස ඔහුට පහරදුන් මේ ප‍්‍රභූ ආරක්‍ෂකයාට සිංහයින්ගෙන් පමනක් නොව බලුකුක්කන්ගෙන්ද ඉගෙනගතයුතු විශේෂ දෙයක් ඇත. ඒ සතුන් පොරකෑමේදී තමා යටතට වැටුනු බැගෑපත්වූවනට කිසිටිටක සපා කෑමක් නොකරති. සත්ව ලෝකයේ ඇති මෙවැනි උසස් ගුණධර්ම බො‍හෝ මිනිසුන් ලඟ දකින්නට නැතිවීම ඉතාමත් කණගාටුදායක‍ය. (දී)

:       0       0

රාළහාමි Monday, 10 September 2012 07:26 PM

ඕකෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. හෙට තවත් තැනකට ගිහින් තව කවුරු හරි අහිංසකයෙක්ට ඔය වගේම ගණන් පෙන්නාවි. (දී)

:       0       0

ලංකා Monday, 10 September 2012 02:01 PM

එතකොට අර රෝහල් ආරක්ෂකයාගේ ගරුත්වයට වෙන්නේ මොකක්ද? (නි)

:       0       0

සශීමාල් Monday, 10 September 2012 02:03 PM

හොඳ වැඩේ...(ස)

:       0       0

ඩක් Monday, 10 September 2012 07:42 PM

ගොඩින් බේරා ගත්ත එක වැරදියි. ඒ සේවකයත් හිතල තියෙන්නේ තමන් ගේ වාසිය විතරයි. මේවැනි සිදුවීම් නීතිය ඉදිරියට ගෙන යා යුතුයි. නීති මගින් දඩුවම් දියයුතුයි.... (දී)

:       0       0

හර්ෂණ Monday, 10 September 2012 02:38 PM

ප්‍රධාන හේතුව නූගත්කම (නි)

:       0       0

සරත් Monday, 10 September 2012 09:48 AM

එක්කෙනා ගානේ හරි කමක් නෑ හැදෙනවානම්...(ස)

:       0       0

සම්පත් Tuesday, 11 September 2012 12:12 PM

ඔය වගේ වැඩ කරන අය නීතිය ඉදිරියට ගෙනගොස් දඩුවම් කරන්න ඕන. නැත්නම් කොච්චර කිව්වත් සමාව ගත්තත් හැදෙන්නේ නැහැ..!!(නු)

:       0       0

වරුණ Monday, 10 September 2012 10:32 AM

ඔයිට කලිනුත් මේ වගේ කෙනෙක් ටොරින්ටන් පැත්තෙන් හොඳට කෑවා...(ස)

:       0       0

සජී Tuesday, 11 September 2012 04:57 PM

අයියෝ! බලු වෙනවා කියලා ඔහොමත් බලු වෙනවද අප්පා? (නි)

:       0       0

සුමන Monday, 10 September 2012 10:42 AM

අපරදේ මේ වගේ කෙනෙක්ට සමාව දුන්නේ....(ස)

:       0       0

නසාර් Tuesday, 11 September 2012 05:05 PM

ගුටිකෑවත් මො‍කෝ මුදල් ලැබෙනවා නම් (නි)

:       0       0

දිල්ෂාන් Monday, 10 September 2012 04:08 PM

ගොඩක් හොඳ වැඩක්...(ස)

:       0       0

අසාර් Monday, 10 September 2012 11:01 AM

අපිට නම් හෙළිකරන්න (නි)

:       0       0

අනුර Tuesday, 11 September 2012 05:31 PM

පොලිසි වලත් ඉන්නවා හරියට කතාකරන්න නොදන්න කට්ටිය (නි)

:       0       0

අසාර් Monday, 10 September 2012 11:09 AM

අපිට තව විස්තර දෙන්න (නි)

:       0       0

යොහාන් Monday, 10 September 2012 11:04 AM

මේවට තමයි කියන්නේ ඇදගෙන නානවා කියලා...(ස)

:       0       0

කුරේ Thursday, 13 September 2012 11:10 AM

මෙයාට නමක් නැද්ද? මෙහෙම වැඩඩ කරන අයගේ නම් මින්පස්සේ පත්තරේ දාන්න. නැත්නම් ප්‍රවෘත්තිය වැඩක් නැහැ. (නි)

:       0       0

ප්‍රභා Friday, 14 September 2012 02:57 PM

සිංහයෝ කවදහරි බලු වෙනවා තමයි...(ස)

:       0       0

බන්දුල Friday, 14 September 2012 09:05 PM

ඔයව‍ගේ ඔලුව ඉදිමුණු නිලමැස්සන් රැසක්ම අද රටේ බෝවෙලා ඉන්නවා. (නි)

:       0       0

සෙනරත් Monday, 10 September 2012 11:46 AM

මෙයාලගේ තියෙන නැහැදිච්චකම තමයි පෙනෙන්නේ. (නි)

:       0       0

චිකී Tuesday, 11 September 2012 02:26 AM

අමතක වෙලා වගේ මේ ලංකාවයි කියලා. (නි)

:       0       0

රත්න Tuesday, 11 September 2012 01:40 PM

ඔය කියන ප්‍රභූ ආරක්ෂකයාගේ නම කියන්න බැරිද? (නි)

:       0       0

සිරී Monday, 10 September 2012 11:55 AM

සිංහ නාදේ බලු කෙදිරිය.....(ස)

:       0       0

අරෝෂා Monday, 10 September 2012 12:01 PM

හොඳ වැ‍ඩේ ලොකු කම් පෙන්වන්න යනවට...(ස)

:       0       0

රංජිත් Monday, 10 September 2012 05:34 PM

රෝහල් සේවකයාට අවුරුදු වගේ ඇති. (දී)

:       0       0

දිලිප් Wednesday, 12 September 2012 08:18 PM

අනේ මට තියෙන දුක තමයි, රෝහල් ආරක්ෂකයා මේ වෙද්දී ජීවතුන් අතර ඉන්නවද කියන එකයි. (නි)

:       0       0

සමන් Tuesday, 11 September 2012 03:19 AM

මේ වගේ අහිංසකයන්ට තමයි ඉතිං ගහන්නේ. (නි)

:       0       0

ජනක Monday, 10 September 2012 12:25 PM

අතක් පයක් කඩලා දාන්නයි තිබුණේ. (නි)

:       0       0

නුවන් Monday, 10 September 2012 05:44 PM

ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ ... (දී)

:       0       0

දර්ශන Monday, 10 September 2012 12:55 PM

10000 ලැබුණනම් හොඳයි...(ස)

:       0       0

සේපාලි Tuesday, 11 September 2012 07:10 PM

මේ අය හිතන්නෙ නැහැ එයාලත් සිවිල් සමාජයේ අයමයි කියලා (නි)

:       0       0

අමිල කටුනායක Monday, 10 September 2012 06:48 PM

සිංහයා බලු වේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන
2024 සැප්තැම්බර් මස 06 541 0

ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ


බිරිඳට බේත් ගන්න ගිහින් පැරැණි පෙම්වතියගෙන් අම්බානට කාලා
2024 සැප්තැම්බර් මස 05 1016 1

බිරියගේ හන්දි අමාරුවකට බෙහෙත් ගැනීමට ගොස් සැමියාගේ හතර හන්දි කැඩුණු පුවතක් රජරට එපිට ගමකින් අසන්නට ලැබුණි. කතාව මෙසේය.


සමාවෙන්න කියා ලියා බයිසිකලය උස්සන් ගිහින්
2024 සැප්තැම්බර් මස 04 974 1

“මගේ යාළුවා මම අසල්වැසි යාළුවෙක් මට ලොකු කරදරයක් වුණා. ඒ නිසා මන් ඔහේගේ බයිසිකලය අරගෙන ගියේ. කරදරයක් වුණානම් සමාවෙන්න”‍ යනුවෙන් දුරකථන අංකයක් සහිත ඉංග


නූපන් බලු පැටවුන්ට සල්ලි අරන් අමාරුවේ වැටිලා
2024 සැප්තැම්බර් මස 03 865 0

ඇල්ශේෂන් වර්ගයේ බැල්ලියකගේ නූපන් පැටව් විකිණීම සඳහා අත්තිකාරම් ගත් බලු‍ හිමියාට ඒවා ආපසු දීමට සිදු වී ඇති පුවතක් යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ ගමකින්


තුන්සීයේ ඔරලෝසුව සූදු පොළේ තුන්දාහට සින්න වෙලා
2024 සැප්තැම්බර් මස 02 981 0

කොළඹ පදික වේදිකාවෙන් මිලදීගත් රුපියල් තුන් සියයේ අත් ඔරලෝසුව රුපියල් තුන්දහසකට සින්න කරගත් අපූරු පුද්ගලයකු පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට


වෙදාගේ බේතට සුව නොවූ අමාරුව පා පැදියෙන් වැටි හොද වෙලා
2024 අගෝස්තු මස 30 1180 0

කාන්තාවකගේ කකුලක දණහිස කොටස නැවීමට නොහැකිව දැඩි රෝගී තත්වයකට පත්ව මාසයකට ආසන්න කාලයක් ප‍්‍රතිකාර ගත්තත් සුව නොවුණු රෝගය සඳහා සැමියා සමඟ ප‍්‍රතිකාර ග


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site