IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


හිඟමන් ලැබුණු බත්පත රුපියල් 300 කට විකුණලා

පුද්ගලික ආයතනයක් අසලට ඉඳහිට පැමිණෙන යාචකයෙකි. පිරිසිදු ඇඳුමෙන් සිටින ඔහුට සමහරු මුදල්වලින් හා ආහාර පානවලින්ද සංග‍්‍රහ කළහ. ආයතනයේ සේවකයෙක් සමග කුළුපග වූ හෙතෙම පැවසුවේ දිනපතා සිඟමනේ නොයෙදෙන බවකි. ආයතනයේ ප‍්‍රධානියෙක් මෙම සේවකයා ලවා ආහාර පැකට්ටුවක් ගෙන්වා ගැනීම සිරිත විය. සේවකයාට මෙම කෑම ඇදීම එපා වී තිබුණේ ගෙනෙන කෑම පාර්සලය රස නැතැයි නිලධාරියා පවසන නිසාය.

දිනක් වෙනත් ආයතනයක නිලධාරිනියක් තම පියා සිහිකර හෝටලයෙන් මිලදී ගත් කෑම පාර්සලයක් පෙරකී යාචකයාට ලබාදුන්නාය. යාචකයා මස්වර්ග නොකන නිසා කෑම පාර්සලය කාටත් හොරෙන් සේවකයාට දී, ‘‘මහත්තයා මේක චිකන් කෑම එකක්. මහත්තයා කන්න.’’ යනුවෙන් පැවසීය. මේ අතර එදිනද සේවකයාට මුදල් දුන් නිලධාරියා, ‘‘හොඳ තැනකින් චිකන් කෑම එකක් ගේන්න’’ යැයි කීය. සේවකයා තමාට ලැබුණු කෑම පාර්සලය බෑගයක දමාගෙන එළියට ගොස්, කෑම අසුරණයේ සඳහන් දුරකතන අංකයට කතාකොට, ‘‘චිකන් ෆ‍්‍රයිඞ් රයිස් එකක් කීයදැයි’’ විමසූ විට ‘‘රුපියල් තුන්සීයයි’’ පිළිතුරු ලැබිණි. ස්වල්ප වේලාවක් නගරයේ රස්තිියාදු වූ ඔහු ප‍්‍රධානියා වෙත ගොස් යාචකයාගෙන් ලද කෑම පාර්සලය ලබාදුන්නේය. එය අනුභව කළ ප‍්‍රධානියා සේවකයා අමතා ‘‘ෂා කෑම රසයි... මීට පස්සේ එතනින් ගේන්න’’ යැයි පැවසීය. සේවකයාට තරු විසිවුණේ කෑම පාර්සලය සපයනු ලැබූ හෝටලය ඇත්තේ කොතැනකදැයි ඔහු නොදන්නා බැවිනි.
 



අදහස් (0)

හිඟමන් ලැබුණු බත්පත රුපියල් 300 කට විකුණලා

අසෝකා Tuesday, 22 July 2014 09:31 AM

ඉස්සර ඇස් වාට්ටුව හන්දියේ ඉන්නවා කකුල හෝ අතක් බැදගත් හිඟන්නන්. ඔවුන්ට කවුරු හරි ඒ තැනකින් කෑම එකක් අරන් දුන්නොත් එහෙම ඒ කඩේම තියල මුදලෙන් බාගයක් ගන්නවා. නැත්නම් කියනවා එහෙනම් මට මෙතනට කෑම එකකට මුදල් දීල යන්න කියල. අතේ කෑම එකක් නැති නිසා කවුරු කවුරුත් කෑම පැකට් එකකට සල්ලි දෙනවා. දවස අන්තිමට ඒ කඩෙන බාගෙට බාගේ සල්ලි අරගන්නවා.(අ)

:       0       0

හෙවදේව Wednesday, 23 July 2014 02:26 AM

අනේ මන්ද මෙහෙමත් වැඩ. කොහොමත් හිඟමනේ යෙදෙන සෑහෙන කට්ටිය කරන්නේ බොරු (අ)

:       0       0

සමීර Thursday, 24 July 2014 12:27 PM

අමිල, නියම කියමන (නි)

:       0       0

ලලිත් Wednesday, 23 July 2014 03:59 AM

කොහොම හරි කෑම එක රහයි නේ.එච්චරයි (දිල්)

:       0       0

ලක්ෂිත Wednesday, 23 July 2014 04:01 AM

දෙන දෙය හිත සතුටෙන් දෙන්න. පස්සේ එක ගැන හොයන්න එපා.(දිල්)

:       0       0

ශලනි Tuesday, 22 July 2014 10:39 AM

කඩේට කෝල් කළා නම් තියෙන තැන අහගන්න තිබුණානේ. කඩේ නම් තියෙන්න ඕනෑ ළඟ.නැත්නම් හිඟන්නා සංචාරය කරන්න ඕනෑ. (නි)

:       0       0

හසිත් Tuesday, 22 July 2014 11:50 AM

හොඳ වැඩේ හොර වැඩ කරනවට (නි)

:       0       0

ප්‍රිම්ෂිකා Tuesday, 22 July 2014 04:40 AM

කෑම එකේ මිල අහගන්න පුළුවන් නං තියෙන තැන අහගන්න බැරි මොකද? (අ)

:       0       0

අජිත් Friday, 25 July 2014 08:26 AM

සෑම්, ඇම්බියුලන්ස් තියෙන්නේ බත් ගෙනෙන්න නෙමෙයි. ඔබ කර තියෙන්නේ බරපතල වරදක්. (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ Wednesday, 23 July 2014 06:24 AM

රුවන්, වික්‍රම , මමත් ඔබගේ අදහස් වලට එකඟයි (නි)

:       0       0

නිහාල් විතානගේ Wednesday, 23 July 2014 07:14 PM

සුද්දන්ගේ රටවල නම් කොච්චර අංඝ විකල උනත් උදව්වක් කරන්නේ නැහැ. රජයෙන් දෙන මුදල මදි. අනික පිටින් අාපු අයට දීමනාවක් නැහැ. (නදී)

:       0       0

සමන්ති Tuesday, 22 July 2014 01:59 PM

ගොඩක් යාචකයෝ කෑම පාර්සල් විකුනනවා .(අ)

:       0       0

සඳුන් පෙරේරා Wednesday, 23 July 2014 07:05 AM

රොෂාන්, එතකොට කරන්න ඕනෑ අරගෙන විකුණන එක නොවෙයි. පළවැනි එකෙන් පසු ලැබෙන ඒවා ගන්නේ නැතුව ඉන්න එක. (නි)

:       0       0

ෂාන් Tuesday, 22 July 2014 06:11 AM

ඔබ හරි . (අ)

:       0       0

ඇන්ටන් Tuesday, 22 July 2014 06:13 AM

ටෙලිපෝන් කරන්න පුලුවන්නම් මොකද තැන දැනගන්න බැරි (අ)

:       0       0

ටීනු Tuesday, 22 July 2014 07:00 AM

මිල අහල තියෙන්නේ වෙන කඩේකින් ............. එක තේරෙන්නේ නැද්ද (අ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 22 July 2014 04:10 PM

අද ගොඩක් දෙනෙක් හිඟමන බිස්නස් එකක් කරගෙන. ඇත්තටම දියයුතු කෙනෙකුටවත් දෙන්න නොසිතෙන්නේ ඒ නිසානේ.(අ)

:       0       0

සෑම් Tuesday, 22 July 2014 07:24 AM

80 දශකයේ මා සේවය කල ආයතනයේ රියදුරෙක් ලවා අපි දවල්ට බත් ගෙන්නා ගන්නවා.. අපි ඔහුට වාහනයක් ලබා දීමට කටයුතු කරනවා. එක දිනක් වාහනයක් සොයන විට අලුත්වැඩියා කර අවසන් වූ ඇම්බියුලන්ස් එකක් තිබී ඒක ඔහුට ලබාදුන්නා. ඔහු එලියට ගොස් ටික වෙලාවකින් ජේ ඕ සී බෝම්බය පිපුරුවා. එතකොට හමුදාව, පොලිසිය සියලු දෙනාම හිතලා තියෙන්නේ මේක තුවාලකාරයින් ගෙනියන්න ආපු එකක් කියලයි. ඒ අය මේ වාහනය මල් පාරට යොමු කරලා තුවාල කාරයෝ පටවලා. අපේ රියදුරා ඔව්න්ව ගෙනියන්නේ කොහාටද කියලාවත් දන්නේ නැහැ. නමුත් කෙසේ හෝ අනිත් තුවාලකාරයෝ ගෙනියන පස්සෙන් හදිසි අනතුරු වාට්ටුවට ගෙන ගිහින්. කෙසේ හෝ එදින මේ රියදුරා ආපසු එන්න පෙර අපි ගෙවල් වලට ගියා.මොකද ඇඳිරි නීතිය දාවි කියලා බයේ. එදා දවාලට අපිට කන්න නැතිඋනාට කරදරයකදී කාට හෝ පිහිටවෙන්න ලැබීම ගැන අපි සතුටු වුණා. (අ)

:       0       0

අමිල සිංග Wednesday, 23 July 2014 08:46 AM

රටේ දුෂිත දේශපාලකයෝ වැඩි වීමට ඡන්දදායකයෝ නොසැලකිලිමත්ව ඡන්දෙ දීම හේතු වෙනවා සේම, යාචකයෝ වැඩි වීමට ප්‍රධාන හේතුවත් වන්නේත් ඔවුනට මිනිසුන් සල්ලි දීම. (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 22 July 2014 07:41 AM

ඉතින් එයා කෝල් එක ගත් ‍අංකය දුරකතනයේ නැද්ද? (නි)

:       0       0

රොෂාන් Tuesday, 22 July 2014 11:37 PM

හිඟන්නෙකුට දිනකට බත්පත් කිහිපයක් ලැබෙනවා නම් ඔහු මොකද කරන්නේ? (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 31 July 2014 01:51 PM

ඔයාල කවුරුවත් නොදැකපු දෙයක් ගැන මම ලියන්න හිතුව. බලන්න මේ හිඟන්න කොච්චර හොඳ කෙනෙක්ද ඔහු මස්මාලු නොකන කෙනෙක් ඒ නිසා තමා ඔහු එය විසි නොකර එවැනි දෙයක් කර අත්තේ අනික ඔහු අද රටේ සිටින දේශපාලුවන්ට වඩා හොඳ ආදර්ශයක් දී තිබෙන්නේ එම කෑම පාර්සලය ගෙන ඇති කඩෙන් කෝල් කර හරියටම මිලද දැනගෙන එම මිලටම විකුණා තිබෙන්නේ අපේ දේශපාලුවන් වගේ 100 ට අරගෙන 200ට විකුණලා නැහැ ඔහු කළ දේ වැරද්දක් නැහැ කියලා මම හිතන්නේ. (අ)

:       0       0

කැලුම් Tuesday, 22 July 2014 09:20 AM

බොරු ලිව්වට කමක් නැහැ අහුනොවෙන්න (අ)

:       0       0

නදී Tuesday, 22 July 2014 09:28 AM

මම ගොඩාක් වෙලාවට කෑම පාර්සල් හදලා පාරේ ඉන්න හිගන මිනිසුන්ට බෙදනවා.ඒ වුණට මම පහුගිය සතියේ දවසක මගේ පුතාගේ උපන් දිනය නිසා කැළණි විහාරය ඉස්සරහ හිටිය වයසක ආච්චි කෙනෙකුට කෑම එකක් දුන්නා. ඒ දීලා මම තව පාර්සල් වගයක බෙදලා බෙදලා එනකොට මම දැක්කා ඒ ආච්චි මම දුන්න කෑම එක පාරේ ස්වීප් විකුණන මනුස්සයෙකුර දීලා රු.20 ක ස්වීප් එකක් ගන්නවා.පාන්දර 03 ට නැගිටලා ගොඩක් මහන්සි වෙලා කෑම බෙදලා හිටිය මගේ හිතට දැනුන හැගීම ගැන මටම හිතා ගන්න බැරි වුණා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා
2025 පෙබරවාරි මස 05 343 0

සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත.


අඹ යහළුවාට ඇටවූ කසාද තොණ්ඩුව බෙල්ලට වැටිලා
2025 පෙබරවාරි මස 03 893 0

අඹ යහළුවා කැපූ වළේ බාගෙට වැටී ඉන් ගොඩට විත් ඔහුව තමාට කැපූ වළේම දැමූ අපුරු මිතුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා
2025 පෙබරවාරි මස 01 778 0

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමි


මියගිය කත වැඩිහිටි දීමනාව ගන්න ඇවිත්
2025 පෙබරවාරි මස 01 619 0

දකුණු පළාතේ නගරයක තැපැල් කාර්යාලයකට පැමිණි වයෝවෘද්ධ කාන්තාවකි. ඇය පැමිණ තිබුණේ තමන්ට හිමි මාසික වැඩිහිටි දීමනාව ලබාගන්නටය. කවුන්ටරයේ සිටි නිලධාරිය


භූතයා එලවනවා කියා ගාණකුත් කඩාගෙන ගිහින්
2025 පෙබරවාරි මස 01 330 0

තම අත දරුවා හා රෝගී මව බලා ගැනීමට නිවසට ගෙනා මෙහෙකාර කතක් එහි රැඳී සාත්තුවක් කර රෝගී මවගෙන් ගතමනාවක් ගෙන පලා ගිය පුවතක් කුරුණෑගල හා ඉබ්බාගමුව අතර ගම් පෙ


නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා
2025 පෙබරවාරි මස 01 289 0

දකින දකින සියලු‍ දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site